ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, August 17, 2012

Nikkor 55-300VR සහ 70-300VR

මේ ටිකේම නිකන් මෙලෝ රහක් නෑ වගේ ඔහේ ගෙවෙනව. තියන වැඩවත් කරන්න හිතෙන්නෑ. කොහොමහරි ලගදි දවසක් අක්කා කෙනෙක් අලුතෙන් ගත්ත 70-300 ලෙන්ස් එකක් ඉල්ලගත්තා මගේ 55-300 එක්ක සසඳා බලන්න කියල. ඉතින් ලියන්න හිතුන ටිකක් ඒ ගැන. මේක විචාරයක් නෙමෙයි. මම දන්නා දේ සහ ඒ සම්බන්ධයෙන් මට සිතුන දේ පෙළගැස්වීමක්.

අදාල කාච පරාසය බහුල වශයෙන් වනජීවී ඡායාරූපකරණය සඳහා භාවිතා වෙයි. ඒ ඇරෙන්නට ආලේක්‍යය චායාරූපකරණයටද මෙවා භාවිතා කල හැක.

කාච දෙකම ගැන වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුළුවන්
http://www.nikonusa.com/Nikon-Products/Camera-Lenses/Travel-and-Landscape/index.page 

නිකොන් 55-300 වගේම 70-300 යන කාච දෙකම VR, ED, යන අංගවලින් සමන්විතයි. වර්තමාන මිල පිලිවෙලින් 45000 සහ 80000 ආසන්න මුදලක් වෙයි. ඉතින් දැන් කතාකරමු 35000 වැඩියෙන් ගෙවන්නෙ ඇයි කියන එක. මමත් කුතුහලයෙන්.


VR (Vibration Reduction) Image Stabilization මෙම කාච දෙකෙහිම VR2 තාක්ශනය ඇත
යන්නෙන් අදහස් වන්නේ කාචයේ ඇති කැමරා සෙලවීම අවම කරනා ක්‍රියාවලියයි. කාචය තුල ඇති කාචයක් කැමරාව සෙළවෙන දිශාව අනුකූලව  චලනය වෙමින් කැමරාවේ සෙළවීම නිසා ඡායාරූපය බොඳවීම වලක්වාගන්නට ක්‍රියා කිරීමයි. මෙමනිසා අඩු ද්වාර වේගයක් උපයෝගී කරගනිමින් ඡායාරූප ගැනීමේ හැකියාව හිමිවේ.

ED Glass Elements (Extra-low Dispersion )
Effectively minimizes chromatic aberration, even at the widest aperture settings.
 කා මගින් ඡායාරූපයේ ඇතිවෙන වර්ණ අප්‍රේරණය නමින් හඳුන්වන ක්‍රියාවලිය කිව්වට අවුල අවම කරයි. මෙම කාච දෙකෙහිම අදාල කාච 2 බැගින් අඩංගු වේ.


55-300

මිල අඩු සහ මෑතකදි වෙළඳපළට නිකුත් කරනලද කාචයක් ලෙස මෙය හඳුන්වාදිය හැක. සාපේක්ශව මෙහි මිල අඩුවීමට හේතුන් ලෙස මා දක්වන කරුනු

DX මාදිලි සඳහා නිකුත් කරනලද කාචයක් වීම
කුඩා ප්‍රමාණය
සාපේක්ශව අඩු කාච ගනනකින් නිපදවා තිබීම
සාමාන්‍ය පෙනුමකින් යුතු වීම
සාපේක්ශව ගෝලීය අප්‍රේරණය (ඒකත් කචල් එකකි) වැඩිවීම
සාපේක්ශව අඩු Focusing වේගය
සාපේක්ශව අඩු VR ක්‍රියාකාරීත්වය
කාචයේ ඉදිරිපස කොටස කැරකීම ( Polarize filters යෙදීමේදි අපහසුතාවයන් ඇතිවේ) 


වැඩි විස්තර සඳහා





70-300

මට හිතුන දේ............. ගනන් වැඩි වෙන්න හේතු....

හොඳ පෙනුමක් ඇත
සාපේක්ශව බර වැඩිය
Focusing වේගය ආලෝකය මදක් වැඩිය (අඳුරේදීනම් කාච දෙකම දුර්වල නමුත් එය කාචය මත රඳා පවතින්නක්යැයි නොසිතමි)
වැඩි කාච කොටස් ප්‍රමානයකින් යුතුය
හොඳ VR ක්‍රියාකාරිත්වය
කාචයේ ඉදිරිපස කොටස කැරකෙන්නේ නැත 
ගෝලිය අප්‍රේරණය සාපේක්ශව අඩුය
ක්ශේත්‍ර ගැඹුර පෙන්වන දර්ශකයක් තිබීම.

වැඩි විස්තර සඳහා

 මේ ෆොටෝ දෙක ගත්තෙ කැමරාවෙ Built in Flash සමග පැත්තකින් ලබාදුන් B700 ෆ්ලෑශරය මගින් පැති ආලෝකයක් ලබාදෙන අතරම යතුරුපැදියේ ප්‍රධාන ලාම්පුවේ ආලෝකය අනෙක් පසින් ලබාඩ්දීමෙනි, දකුනුපස රත්පැහැ ගැන්වී ඇත්තේ ඒ නිසාය





එහෙනම් වෙන වෙනවම බලමු මේ දෙකෙන් එකක් තෝරාගන්න හේතූන්....


55-300


ඇයි මම 55-300 ගත්තෙ? දුප්පත්කමට............
ඒක හරියන හේතුවක් නෙමෙයි නේද......
හා

ප්‍රමාණයෙන් කුඩා වීම
මිලෙන් අඩු වීම
ඉහල ගුණාත්මක බව ( අනුභව නොකරන්න, ඡායාරූපයේ ගුණාත්මක බව මෙයින් අදහස් වේ )
නුදුරු අනාගතයේදී FX කැමරාවක් මිලදී ගැනීමට අදහස් නොකිරීම
HRI කාචයක් පැවතීම - (High Refractive Index)
( HRI lens element is essential to keeping the lens compact while offering high contrast even at maximum aperture.) ඇත්තෙන්ම මෙම කාචය නිසා ඡායාරූපයේ ගුනාත්මක බව වැඩිවන බව සාමාන්‍යය කාචයක් හා සැසඳීමෙන් දැකගත හැක.

70-300  

සාපේක්ශව හොඳ VR ක්‍රියාකාරීත්වය සහ Focusing වේගයක් පැවතීම

DX සහ FX කැමරා දෙවර්ගයම සමග භාවිතාකල හැකිවීම
32f කාච විවරයක් තිබීම ( එතරම්ම අවශ්‍යතාවයක් ලෙස මම නොදකිමි )
ක්ශේත්‍ර ගැඹුර දැක්වීම. ( නිර්මාණශීලී ඡායාරූපයක් සඳහා සමහරවිට අවශ්‍යවිය හැක, ගුනාත්මකබවට බලපෑමක් නැත )

මම ලෙන්ස් දෙකත් එක්ක නටපු නැටිල්ල......

lens එක සමග රැගෙන ආ සත්වයා :P
කොහොමහරි මම ලෙන්ස් එකයි ශවියවයි , එයාගෙ ත්‍රීපාදයයි දාගෙන ඇවිල්ලා එලියට බැස්සා. මිදුල එලිය කලේ කනුවෙ තිබ්බ ලයිට් එක තමයි. ඊට පස්සෙ ටිකක් උත්සහ කලා කැමරාවෙ සහ එලියෙ තිබුන ලයිට් එකේ ආදාරයෙන් මම බයික් එකේ පටවන් ආපු සතාගෙ ෆොටෝ ටිකක් ගන්න :D 
ලෙන්ස් දෙකෙන්ම ගොඩක් අමාරු උනා අඳුරෙ ෆෝකස් කරගන්න. නමුත් ආලෝකය තියන තැන්වලදිනම් 70-300 කාචය මදක් වේගවත් , නමුත් එය බලාපොරොත්තුවුන තරම්ම අධි වේගයක් නෙමෙයි නෙමෙයි. කොහොමහරි දගලලා දගලලා ෆොටෝ ටිකකුත් අරං ගෙට ගොඩ වුනා. ඇතුලෙත් ටිකක් ගත්තා.
මේ ෆොටෝ එක ගත්තෙ කැමරාවෙ Built in Flash සමග පසුපසින් ආධාරකයක සවිකල SB700 ෆ්ලෑශරය ආලෝකය විහිදෙන ලෙස Diffuser යොදාගනිමිනි. කැමරාවෙ ෆ්ලෑශරය මගින් මුහුන ආලෝකවත් වන අතර පසුපස සවිකල ෆ්ලෑශරය මගින් පසුතලයේ තිබුනු තාප්පය ආලෝකමත් වෙන අතර මුහුනට පිටුපසින් ලැබුනු ආලෝකය නිසා Highlight  වී ඇත.

සාපේක්ශව 55-300 එකේ කාච නිසා ඇතිවන ගෝලීය අප්‍රේරණය නම් දෝශය මදක් වැඩි නමුත් එය කැමරාව සමග ලැබෙන Nikon View NX හෝ වෙනම මිලදී ගත යුතු Nikon Capture NX හෝ අලුත් Photoshop සංස්කරණයක් මගින් බොහොම ලෙහෙසියෙන්ම නිවැරදි කරගත හැක.
එහෙයින් මම තව 35000 පමන මුදලක් ගෙවිය  යුතුදැයි නැවතත් සිතා බලමි

සිතූ තරම් Focusing වේගයෙහි වෙනසක් නැත......

නමුත් VR ක්‍රියාකාරිත්වය තරමක් දුරට හොඳයි

ඉන්පසු මම ජනිත ඔන්ලයින් එනතුරු සිට ගානක් හදාගතිමි. 

කාචයේ පසුපස විවරය
70-300 කාචය විශාලය, එනම් 67mm ඉදිරිපස ඇති කාචයෙන් ඇතුලට ගන්නා ආලෝක කිරන සියල්ලම එලෙසම සෙන්සරය මතට පතිත කලොත් එම ප්‍රමානය 55-300 කාචයේ 58mm තුලින් ඇතුලට ගන්නා ආලෝක ප්‍රමාණයට වඩා වැඩියැයි උපකල්පනය කලෙමි. (කාච විවරය හෙවත් ඇපිචර් 1 : 1 අනුපාතයක් යැයි සිතා, නමුත් කාච විවරයන් මෙම කාච දෙකෙහිම සමානය)  එසේ ගතහොත් 67මිමි වර්ගපලයෙන් සෙන්සරයට ලැබෙන ආලෝක කිරන ප්‍රමාණය 58මිමි වර්ගපලයෙන් ලැබෙන ප්‍රමානයට වඩා වැඩි නිසා 70-300 ලැබෙන ප්‍රතිබිම්බයේ ගුණාත්මක බව වැඩිවිය යුතුය.
නමුත් 70-300 කාචය FX කැමරාවලට සෑදූ කාචයක් බව මතක් වූයේ පසුවය. FX කාචයකින් ඇතුලට ගන්නා ආලෝකයෙන් 1/3 ප්‍රමාණයක් , එම කාචය DX කැමරාවකට සවිකලවිට අපතේ යයි.
එසේ ගත්කල අදාල වර්ගඵලයෙන් 2/3 ක ආලෝක ප්‍රමාණයක් DX සෙන්සරයකදී 70-300 කාචයකින් ලැබෙන ආලෝකයට වඩා වැඩි ප්‍රමාණයක් 55-300 කාචයකින් සෙන්සරය මතට පතිත කරවයි.......

අවසන් වශයෙන් 55-300 කාචය මිලදී ගැනීම පිලිබඳව මම සතුටු වෙමි.................

මෙන්න මෙහෙමයි එලියෙ ෆොටෝ ගත්තෙ
 







35 comments:

  1. මේකෙන් එකක්වත් ගන්න සල්ලි නැති නිසා තමයි මම Tamron 70-300 එකක් ගත්තේ :) නියම බාන්ඩේ අවුල තියෙන්නේ VC නැති එක තමයි

    ReplyDelete
    Replies
    1. දවසක සෙට් වෙලා ඕකයි 55-300 බලමු

      Delete
    2. එල බලමු බලමු........

      Delete
  2. වැදගත් පාඩමක් ....දිගටම මෙවන් අත්හදා බැලීම තුලින් අපව දැනුවත් කරන මෙන් ඉල්ලමි ..ස්තුති ,light off

    ReplyDelete
  3. මේකෙන් අනිතිමට කියන්නේ

    *55-300 lense එක 70-300 එකට වඩා DX කැමරාවකට හොඳ quality එකක් දෙන එකත්

    *70-300 lense එක 55-300 එකට වඩා FX කැමරාවකට හොඳ quality එකක් දෙන එකත් (මේක check කෙරේ නැති උනත් )
    වෙන්න පුළුවන් නේද?

    දෙක මාරු කාරාම
    DX body එකක සාපේක්ෂව අඩු quality එකකකුත්
    FX body එකක quality එක check කරලා නැති උනාට
    අනිවාර්යෙන් ලැබෙන පින්තුරේ වටේ කළු border එකක් ලැබෙනවා කියල technically sure නෙ :)

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් 55-300 ලෙන්ස් එක FX එකකට දැම්මොත් බෝඩරය කෙසේවෙතත් අදාල කැමරාවෙ මෙගා පික්සල් ගනනින් 1/3 අඩු වෙනවනෙ. එතකොට කොහොමත් 70-300 නිකම්ම හොඳ වෙනව :D

      Delete
  4. බොහෝම හොඳයි... දිගටම කරගෙන යන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා මේ පැත්තට ගොඩ උනාට :D

      Delete
  5. ගෝලිය අප්‍රේරණය සාපේක්ශව අඩුය ???
    ඒ මොකක්ද බං. ?? 

    ReplyDelete
    Replies
    1. Barrel Distortion ඡායාරූපයට නගන වස්තුව ගෝලාකාර වෙනව. Fish Eye එකේ වගේ

      Delete
  6. හ්ම්ම්... පසුවට වැදගත් වෙයි... :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේ :D
      ඇස් පෙනුනොත් වැදගත් වෙයි :P

      Delete
  7. ආයෙ නං ගනං හදලා දෙන්නෑ.. යකඩෝ රටක් ඉස්සරහා ආත්මෙ.. නමත් එක්කම දාලා.. අයියූ.. :(

    කමන්නෑ ඉතිං‍‍.. කැමරාවක් ගන්න දවසක වැදගත් වෙයි නෙ.. ඒකාලෙ වෙද්දි ඩී7000 පේමන්ට් එකේ තියෙයි ද දන්නෑ :(

    ReplyDelete
    Replies
    1. ඵේ කාලෙ වෙද්දි ඩී10000 හරි තියෙයිනෙ බන්

      Delete
    2. මට නම් මේවා තේරෙන්නෑ.. අංක පොඩි වෙන්න පොඩි වෙන්න නෙ කැමරාවෙ එක එක කෑලි වැඩි..
      කැනන් නං,
      1100D < 600D < 60D < 5D < 1D
      ඒත්,
      650D > 600D

      න්කෝන් වල
      D7000 < D800

      එතකොට
      D10000 >D7000 වෙයි ද??

      Delete
    3. අංක මත්තෙම බැලුවොත් කේස්.

      කැමරාවන් වර්ගකරන Stages කිහිපයක් තියනව. ඒවා ගැනත් දැනගන්න ඕන.

      උදා. නිකොන් ඩී90 තිබ්බට දැන් ඩී100 එකක් හදන්න බෑ. මොකද කියනවනම් ඒක ආවෙ ඩී90 ත් කලින්

      Delete
  8. Maxxaaaa machan!!!!ohoma karagena yan!!vatinava!!

    ReplyDelete
  9. elas thawa thawath lenses labewaaaa
    blessed

    ReplyDelete
  10. ඉදිරි අනාගතේදි වැදගත් වෙයි වගේ..
    නියම පෝස්ට් එකක් අයියේ!!!!!!

    ReplyDelete
  11. ITHA WEDAGATH PADAMAK. GODAK THANKS SAMEERA MALLI

    ReplyDelete
  12. මගේ තියෙන්නේ D3100 කැමරාවක්. ඉතින් මේකට හරියන්නේ කොයි ලෙන්ස් එකද? ඒ එක්කම කැමරා සුද්ධ කරන විදිය ආරක්ෂාව ගැන එහෙමත් ලිපි ලියන්න පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
  13. 3100 එකට 55-200, 55-300 දෙකම හරියනව, 55-300 ගන්න පුළුවන්නම් වඩා හොඳයි.

    ඉදිරියේදි ඒ කාරනා ගැනත් කතා කරමු!

    ස්තූතියි යෝජනාවට

    ReplyDelete
  14. pattayi..mage prashneta gaanata wisanduma thiyanawa :) jaya wewa..sahenna wadagath una lipiya !

    ReplyDelete
  15. 50-200 ගන්න වත්කමක් නැතිකොට 70-300 ගැන කවර කතා ද?
    තවත් දේ ඉගෙන ගතිමි!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ගන්න එක එකපාර හොඳ එකක් ගන්න. දැනටමත් බොඩිය තියනවනෙ

      Delete
  16. machanla
    70- 300 fx frame nisa;
    eka dx body ekata dammahama focal length eka wedi wenawa neda?
    (105-4xx mm) ganak wage

    ReplyDelete
  17. මට හිතෙන විදියට නං

    55-300 දි 55mm වලදි 4.5 ලැබෙනවා
    70-300 දි 77mm වලදි 4.5 ලැබෙන්නෙ

    කෙටියෙන් කියනවනං 55-300දි 70 වෙදි 4.5වලට වඩා වැඩි aperture එකක් එනවා.

    ගාණ වැඩිවෙන්නෙ වැඩි mm ගාණකදි අඩු aperture එකකට යන නිසා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete