ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, August 24, 2012

Comments & Reviews

"ඔවා දෙනු පරහට, තමා සම්මතය පිහිටා සිටුව"ලු
අනේ මංදා ඉතින්. නැට්ටුව වැටුනම ඒකත් අඩව්වක්ද මොකක්ද කියල සින්දුවක් පටන්ගන්න කලියෙන් රට කරවන බඩු කෑල්ලක් කිව්වලුනෙ :O

එහෙනම් අද අපි කතාකරමු ගොඩක් අය දන්නෑ කියන දෙයක් ගැන... ඒ තමයි Comment කරන එක.
"අනේ මට ඕවට කමෙන්ට් කරන්න තේරෙන්නෑ අනේ....." ඔන්න ඔහොම තමයිනෙ කට්ටිය කියන්නෙ.

මොකක්ද එහෙනම් කමෙන්ට් කරනව කියන්නෙ..............
තමන් දකින දේ ගැන හැගෙන දේ කියන එක. නිකන් "පට්ට කෑල්ලක්නේ" කියනව වගේ, එහෙම කියන්න දැක්කමත් ඇතිනෙ :P නේද.
එහෙනම් මොකද ෆොටෝ එකක් ගැන හිතට දැනෙන දේ කියන්න බැරි ?
මොකද කියනවනම් කට්ටිය පොඩ්ඩක් වැඩේ පටලවාගෙන තියෙන්නෙ.....

ඇත්තටම Comment සහ Review කියන්නෙ දෙකක්

Comment හෙවත් අදහස් දැක්වීම

කමෙන්ට් කිරීම අපිට බොහොම සුලුවෙන් පටන් ගන්න පුළුවන් "එල, පට්ට, ගින්දර වගේ කමෙන්ට් වගේම චාටර්, අජූතයි, කුජීතයි, අප්සට්" වගේ තනි වචනයෙන් ඒක පටන්ගන්න පුළුවන්. ඒක හුදෙක් කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමක්. සමහරු කිව්වට එල පට්ට වගේ කමෙන්ට් වැඩක් නෑ කියල මටනම් ඒවත් වටිනව, මොකද කියනවනම් ඒවයෙන් කරන්නෙත් ඇගයීමක්. ඒක විඳපු බව පෙන්වීමක්.
එතනින් එහාට.......
ඇයි ඒක පට්ට ෆොටෝ එකක් උනේ
නැත්තං ඇයි ඒක චාටර් කියලත් කිව්වනම් වඩා හොඳ වේවි!
තවත් එහාට.......
තමාගෙ රසාස්වාදය ගැන නිර්මාණ ශිල්පියාට කියන්න, "මේක ටිකක් තද පාට උනානම් කොහොමද, වමෙන් ටිකක් කැපුනනම්......." ඒ වගේ තමාගෙ හිතෙ ඇඳුනු රූපය ගැන කියන්න. ඒක උදව් වේවි නිර්මාණශිල්පියා නිහතමානී අයෙක්නම් අනාගත නිර්මාණවල ගුණාත්මකබව වැඩි කරගන්න......

නමුත් හැම වෙලේම උත්සහ කරන්න නිර්මාණයේ තියන කුමන හෝ හොඳක් සොයාගන්න....... ඒක බොහොම වැදගත් දෙයක්!

Review හෙවත් විචාරය

විචාරය කිරීමනම් ටිකක් බරපතල දෙයක්. ඒ සඳහා යම් යම් දේවල් අවශ්‍ය වෙනවා

විශයානුබද්ද දැනුම- ඡායාරූපකරණය (මෙතනදි Post processing පවා වැදගත්)
පැරනි නිර්මාන පිලිබඳව ඇති මතකයන්
අදාල ශිල්පියාගේ වෙනත් නිර්මාණ පිලිබඳව දැන සිටීම පවා මෙතනදී වැදගත්
   මේ වැඩේනම් ඉතින් අත්දැකීම් එක්කම ලැබෙන දෙයක් තමයි!

එහෙනම්, බය නැතුව Comment කරමු :D

මතක තියාගන්න නැවතුන ඔරලෝසුවත් දවසට දෙවරක් හරි වෙලාව පෙන්නනවා 

31 comments:

  1. මේකෙත් ගහන්න ඕන කමෙන්ට් එකක් නේ..
    "පට්ට"

    ReplyDelete
  2. කමෙන්ට් කරමු එහෙනම් :පී

    ReplyDelete
  3. එල, පට්ට, ගින්දර,මැක්සා,වටිනා පොස්ට් එකක් .....

    ReplyDelete
  4. watinawa saralawama seen eka kiwwa....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ස්තූතියි

      Delete
  5. එල

    බට් නිහතමානී මිනිස්සුන්ටනන් බය නැතුව හොද නරක දෙකම හැගෙන විදිහටම් කිව්වැකි. වැඩිම උනොත් මතභේදයක් හටගනී. අවුල තියෙන්නෙ පොර මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුත් එක්කනේ.... තමන්ගෙ ෆොටෝ තමයි එලම කියල හිතන් ඉන්න එකෙක්ට හොද හිතින් වැරද්දක් පෙන්නුවාම මරාගන්න වෙනව. අනේමංද

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකෙක්ව එහෙමහරි අඳුරගන්න ලැබීමත් වටිනව ඉතින්

      Delete
    2. හෙහ්...ඹව් ඉතින්

      Delete
  6. කරන්නද එහෙනම්.. ??

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න නැවතුන ඔරලෝසුවත් දවසට දෙවරක් හරි වෙලාව පෙන්නනවා

      Delete
    2. ඔන්න උඹට වැරදුන තැන අයියේ..
      නැවතුන හැම ඔරලෝසුවක්ම ඕකට අදාල නෑ....

      Delete
    3. උඹලව හදන්නත් බෑ...

      Delete
    4. බලහන් ඉතින් ..
      ඔන්න උඔලා අපි ගැන හිතන් ඉන්න හැටි

      Delete
  7. සිරාම...ෆොටොග්‍රැෆි විතරක් නෙවෙයි හැමතැනදිම ඕක බලන්න ඕනේ. නිර්මාණ ශිල්පියට තව වැඩක් කරන්න,ඉදිරිපත් කරන්න ඒ තනි වචනෙත් ලොකු හයියක්

    ReplyDelete
  8. " නැවතුන ඔරලෝසුවත් දවසට දෙවරක් හරි වෙලාව පෙන්නනවා", 99.99% like it :)

    ReplyDelete
  9. NAWATHUNA ORALOSUWAK KHOMADA WELAWA PENWANNE. MAGE ORALOSUWA EEYE INDALA NAWATHILA DAN WELAWA PENWANNE NAHE NE ?

    ReplyDelete
  10. කියවලා අදහසක් කියන්නම්

    ReplyDelete
  11. අකුරු වලින් කියන කතන්දර දාහක් එක ඡායාරුපයකින් කියන්න පුලුවන්
    අනික අකුරු තරමි කමිමැලිත් නැනෙන් බලන්න
    වැඩෙ තියෙන්න දැන් කැමරවක් තියෙන හැමොම ඡායාරුපශිල්පින් වෙලා නේ
    අර කතාවක් තියෙනවනේ වැඩ කාරයට බොරු බැ කියලා
    නිරිමාණශිලි යමක් කරන්න සුබ පතනවා

    ReplyDelete
  12. පට්ට පට පට...!

    හැබයි තව දෙයක්. ඔය "පට්ට", "එල" , "මැක්සා" කියන කමෙන්ට් දාද්දි ටිකක් කල්පනාවෙන්. සමහර දක්ෂ/දක්ෂ බව පෙන්වන ඡායාරූපශිල්පීන් ඉන්නවා එයාලගෙ ෆොටෝ වලට ඔහොම කමෙන්ට් වැටෙනවා දිරවන්නෙ නෑ.

    ReplyDelete