ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, August 12, 2012

Bridge කැමරා හෙවත් Prosumer කැමරා හෙවත් අර පොඩ්ඩක් ලොකු ඒවා

මොකක්ද මේ Prosumer camera කියන්නෙ හැබෑටම. ඉස්සල්ල පොඩ්ඩක් ඒකෙ පෙනුම ගැන කතාකරල ඉමුකො. බොහොමයක් Prosumer camera හැඩයෙන් DSLR කැමරාවකට කිට්ටු හැඩයක් ගන්නව. අදාල කැමරා ගැන හොයල බලද්දි මරු කියමනක් දැක්කා. ඒකෙ කියල තිබ්බෙනම් Bridge camera කියල දෙයක් නැහැ ඒක හුදෙක්ම මාකට් එක අල්ලගන්න කියන කතාවක් කියලයි!

එහෙනම් පටන්ගමු අපේ සුපුරුදු Compact කැමරාවත් එක්ක සසදන්න.........

ප්‍රමාණය

Canon SX40
ප්‍රමානයෙන් ගත්තම බහුතරයක් Bridge Camera සමාන වෙන්නෙ DSLR කැමරාවල හැඩයටයි. නමුත් නිකොන් P7000 වගේ කැමරාවල හැඩයනම් බොහෝ දුරට සමාන වෙන්නෙ කම්පැක්ට් කැමරාවකට
Nikon P7000 with External Flash (SB400)
ප්‍රමාණයෙන් Bridge Cameraවක් විශාල වෙන්න හේතුවක් තමයි එය සතුව විශාල සූම් කිරීමේ හැකියාවක් තිබීම. ඒ නිසා එය සතුව විශාල ලෙන්ස් පද්දතියක් තිබෙනවා. බොහෝ Bridge Camera සතුව View Finder එකක් තිබුනද එය DSLR කැමරාවල මෙන් එකක් නොව හුදෙක් තවත් කුඩා LCD පැනලයක් හෝ කාච කොටස් කිහිපයකින් සෑදුනු Tunnel ලෙස හඳුන්වන View finder එකකි.


අන්තර්ගතය

නමුත්  Bridge Cameraවේද ,කැමරාවක වැදගත්ම අංගයක්වන සෙන්සරය බොහෝවිටම Compact කැමරාවක සෙන්සරයක ප්‍රමාණය හෝ ඊට සුලු වශයෙන් විශාල සෙන්සරයක ප්‍රමාණයක් ගනුලබයි
බොහෝවිට Bridge Cameraවක ඇත්තේ 1/2.3 ත් 1/1.7 අතර ප්‍රමාණයේ සෙන්සර් වේ. ඉහත රූප සටහනේ APS-C ලෙස හඳුන්වාදී තිබෙන්නෙ DSLR කැමරාවල භාවිතාවන කුඩාම සෙන්සර් ප්‍රමාණයයි. ඒ සමග සසඳා බැලීමෙන් ඔබට කම්පැක්ට් කැමරාවක මිල හෝ ඡායාරූපවල ගුණාත්මකභාවය ගැන අදහසක් ගනු හැකිවනු ඇත. සෙන්සරය හැරුනුකොට ප්‍රොසෙසර පිලිබඳව ගත්කල එය සාමාන්‍ය කම්පැක්ට්
කැමරාවකට වඩා තරමක් හොඳ ප්‍රොසෙසර් එකකින් යුක්තයි. එමගින් වඩා ගුනාත්මක සහ කැමරාවේ අංගයන් වැඩි නිසා ඒවා පාලනය කලහැකි ආකාරයේ වැඩි ක්‍රියාකාරීත්වයක් තිබෙන ලෙස නිපදවා ඇත

කාච පද්ධතිය

Fuji HS30
මෙම කැමරාවල කාච පද්ධතිය තරමක් උසස් මට්ටමේ තිබෙන අතර
සමාන්‍ය මිලකට ගතහැකි Compact කැමරාවක 3-5 ගුණයක සූම් බලයක් තිබුනද බොහෝ Bridge Cameraවල සූම් බලය 10 ඉක්මවයි. තවත්විටක එය 30 පමණ වීමටද ඉඩ තිබේ. නමුත් විශාල පරාසයක කාචයක් තිබීම නිසා කුඩා සෙලවීමක්වුවද ඡායාරූපයට විශාල බලපෑමක් කල හැකි නිසා අදාල කැමරාවල කැමරාව සෙළවීම් අවමය කිරීම සඳහා "ස්ථායිකාරක පද්දතියක් හෙවත්" Image Stabilizer System" පිහිටුවා තිබේ. මෙය "Lens Shiftt" හෝ "Sensor Shift" යන දෙ ආකාරයෙන් එකක් විය හැක.

ක්‍රියාකාරීත්වය

මෙම කැමරාවල විශාල පරාසයක සූම් බලයක් ඇති හෙයින් දුරක සිටවුවද යමක් ඡායාරූපකරගත හැකිය. ඊට අමතරව වැදගත්ම දෙයක් වන්නේ මෙම කැමරාවේ අනාවරණයන් ශ්‍රමායිකව ( Manual Exposure )
සකස්කරගෙන ඡායාරූප ගැනීමට හැකිය. එය සමහර අවස්ථාවන්වලදී නිර්මාණාත්මක ඡායාරූපයක් ලබාගැනීමට ඉවහල් වෙයි. ෆූජි HS20 වැනි කැමරාවල සූම් කිරීම DSLR කැමරා කාචයක මෙන් අතින් කරකවා සකස්කරගත හැකිය.
එමෙන්ම Canon SX20 , NikonP7000, Fuji HS20 වැනි මාදිලියන්ගේ කැමරාවන් නිශ්පාදනය කර ඇත්තෙ අමතර Flasher එකක් කැමරාවට සවිකල හැකි ලෙසයි. එය අඩු ආලෝක තත්වයන් යටතේ ඡායාරූපගත කිරීමේදී ඉවහල් වේ!

මෙවැනි හේතූන් නිසා Bridge Camera අප එදිනෙදා දකින Compact කැමරාවන්ට වඩා තරමක් ඉදිරියෙන් සිටින අතර ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන ඈධුනිකයන්ට මෙන්ම දෙවනි කැමරාවක් ලෙස භාවිතා කිරීම සඳහාද මෙම කැමරාවක් යොදාගත හැකිය.

කෙසේවෙතත් මෙම කැමරාවන් හුදෙක්ම සංකීර්ණ සහ දියුනුකරණ ලද Compact කැමරා වර්ගයක් කීව හැක. මක්නිසාදයත් මෙහි සෙන්සරය සහ ප්‍රොසෙසරය බොහෝ සමාන වන්නේ කම්පැක්ට් කැමරාවකටවන හෙයිනි. ඊට අමතරව සමහර Coompact සහ DSLR කැමරාවල නොමැති අංගයන් මේවායේ තිබිය හැක. උසස් මාදිලියේ Bridge කැමරාවක් මිල අඩු DSLR කැමරාවක මිලට සමානවිය හැකි නමුත් එය එතරම් ගුණාත්මක ඡායාරූපයක් ලබාදෙන්නේ නැත. යම් මුදලක් වැයකොට ඔබ DSLR කැමරාවක් මිලදී ගත්තත් ඔබට අහිමිවන්නේ සූම් බලය පමණි. අනික් සෑම අතින්ම DSLR කැමරාව ඉදිරියෙන්ය.

27 comments:

  1. තැන්කෝ වේවා
    උඹෙන් මේවා ටික අහගන්න හිටියේ....
    එල එල...මේවගේ බැටරි ආයු කාලය කොහොමද එහා මෙහා වෙන්නේ කියලත් කියහන්කෝ
    ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. ආහ්, අමතකවිය !

      සමහර කැමරා වැඩ කරන්නෙ (බනියාගෙ කැමරාවත් එහෙමයි) AA Alkaline / Rechargeable බැටරිවලින්. සමහර කැමරාවලට ඊටම අදාල ලිතියම් අයන් බැටරියක් එනවා. බැටරියෙ හැටියට තමයි ගන්න පුළුවන් ෆොටෝ ගනන තීරණය වෙන්නෙ. 500 වගේ පුළුවන් ඒවත් තියනව!

      Delete
  2. මාත් අහගන්න හිටපු දේවල් ටිකක් මූ මේ ලියලා තියන්නෙ.. එළ එළ.. ජය වේවා!!!

    ReplyDelete
  3. අනේ මන්දා අයියේ මටනං ඉතිං පොටෝ ගහන්න පුළුවංනං ඒ කැමරාවක්...

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික ටිකෙන් ටික.................

      Delete
  4. එල එල ඈ..
    තැන්කිව්..
    උඹ මාව ආයෙත් අන්දොස් කරා ඔන්න ....
    bridge එකක් ගන්න හිත හදා ගත්තා විතරයි..
    ඒත් දෙයක් කියන්න ඕනේමයි..
    අඩු ආදායම් ලාබී..
    පොෆිෂනල් නොවන ඇත්තන්ට DSLR එකකට යනවාට වඩා මේකක් ගන්න එක සුභ නැද්ද ??
    මොකද ලෙන්ස් ගනන් නේ කැමරාවට වඩා..

    ReplyDelete
    Replies
    1. කාඩු ආදායම් ලාභියාට ටිකෙන් ටික කැමරාව වෙනුවෙන් යොදන්න පුළුවන්නම් DSLR එකකට යන එක හොඳයි.
      තමන්ට කියන්න පුළුවන්නම් අහවල් බ්‍රිජ් කැමරාවෙ කොලිටියට වඩා දෙයක් මට ඕන නෑ කියලා
      හිත ගිය තැන මලිගාව කිව්වලු

      Delete
    2. ඒක හරි බං..

      එක්සාම්පල් එකක් දෙන්නම්..
      ගැනියෙක් = DSLR
      අත = Bridge
      ඉතින් ගෑනි අරන් මේන්ටේන් කරන්න බැරි නිසා..
      අත තමා.. :P

      Delete
    3. අත හැමදාටම අතවන අතර ගෑනිය සම් කයින්ඩ් ඔෆ් ආයෝජනයකි . ලොල්

      Delete
    4. ගෑනිය ආයෝජනයක්ද බං ???

      Delete
  5. තරියට වගේම තමා ඉතින් මටත් :D
    ඒ වුනාට කැමරා වක් කියන්නේ සෑහෙන්න වටිනා දෙයක්.ඒකෙ මිලට වඩා

    ReplyDelete
    Replies
    1. අනිවා..
      මම ගත්ත දැනටමත් මම ආසම ෆොටෝ කිහිපයක් මම අරං තියෙන්නෙ මගේ කම්පැක්ට් එකෙන්!
      මිල කියන්නෙ කැමරාවයි මමයි (ඔයයි) අතර තියන බැදීමට වඩා පොඩි දෙයක්

      Delete
  6. කතාව නම් ඇත්ත එත් නිකොන් D3100 එක්ක සාපේක්ෂව බැලුවම ෆුජි HS30 හොදයි කියලා මට හිතෙන්නේ...ලෙන්ස් මාරු කරන්න බැරි එක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම තියනවා .එහෙම බැලුවම අඩුමුදලට වැඩිය වටින්නේ ෆුජි එක නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්සරයයි ප්‍රොසෙසරයයි කියන්නෙ දෙකක්, ෆූජි එකේ සෙන්සරය පොඩි උනත් ප්‍රොසෙසරය හොඳනම් සමහරවිට කොලිටි හොඳයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් කවදාවත් සෙන්සරයට හසු නොවන දෙයක් මවලා දෙන්න ප්‍රොසාට බෑ. ප්‍රොසෙසර් එකෙන් කරන්නෙ සෙන්සරය අල්ලගන්න දෙය නිවැරදිව ඩිජිටල් සිග්නල් එකකට හරවලා ෆයිල් එකක් හදලා දෙන එකයි.
      මම HS30 පාවිච්චි කරලනම් නෑ, ඒත් 20 එකේ සූම් කරාම එන වස්තුව සහ පසුතලය අතර වෙනසක් නැතිවෙලා පෙනෙන ගතියනම් ෆොටෝ එක කනවා.
      "වැඩිය වටින්නෙ" කියන්නෙ ඇයි කිව්වනම් තව කතා කරන්න පුළුවන් ඒවි

      Delete
    2. මචං
      මටත් DSLR එකකට වඩා HS30 හොද වෙන්නේ නැත..

      දුප්පත් කමට මිසක්..

      Delete
  7. මටත් ඉන්නවලු නිකොන් බට්ටෙක්.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. පනුච්චිත් අහන්නම හිටිය දෙයක් තමයි දාල තියෙන්නේ. ස්තූතියි!!!
    සුරේෂ් සහ කේ.ටී . ගේ ප්‍රශ්නයට මටත් එක්කම උත්තරේකුත් දුන්නනම්...

    ReplyDelete
  9. තවත් අලුත් දෙයක් ඉගෙනගත්තා කැමරා ගැන :)D

    ඔබට ජයෙන් ජය!!!!!!! :)D

    ReplyDelete
  10. මාත් ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික තමා.. බලමු.. ඔක්කොටම කලිං ලැප් එකක් ගන්නෝනෙ..

    ReplyDelete
  11. මට දැන ගන්න ඕන වෙලා තිබුණු ටික දැන ගත්තා!!

    // උසස් මාදිලියේ Bridge කැමරාවක් මිල අඩු DSLR කැමරාවක මිලට සමානවිය හැකි නමුත් එය එතරම් ගුණාත්මක ඡායාරූපයක් ලබාදෙන්නේ නැත. යම් මුදලක් වැයකොට ඔබ DSLR කැමරාවක් මිලදී ගත්තත් ඔබට අහිමිවන්නේ සූම් බලය පමණි. අනික් සෑම අතින්ම DSLR කැමරාව ඉදිරියෙන්ය.//

    ජය වේවා!

    ReplyDelete