Ninox scutulata (Brown Hawk Owl / Bora Ukusu-bassa)
පහත විස්තරය පක්ෂියා ගැන නොවේ....
Prasad Hapuarachchi
අයියා දවසක් බස්සෙක් ගැන කියපු හොල්මන් කතාවක් වගේ එකක් නිසා බස්සාව මට
ටිකක් Interesting උනා. දවල් තිස්සෙම වල් ටුවර් එකක් ගිහින් හොරෙන්
කෙල්ලොන්ගෙ ෆොටෝ අරං පාන් කියාගන්න බැරුව වගේ ගෙදර ඇවිල්ලා මඩ ටිකක් ගහලා,
ගැහුව වගේ හතර පස් =ගුණයක් නාලා කාලා බීලා ඔන්ලයින් බබාලා බබීලාට ගුඩ්
නයිට් කියල ටිකක් වේලස්සනින් කිව්වට 12 විතර නිදාගන්න ඕනයි කියල හිතිලා
කාමරේ නිදාගන්න පුළුවන් තත්වෙකට ගනිද්දි මෙන්න මොකෙක්ද "හ්ම්ම් හ්ම්ම්"ගානව
"නිකන් බස්සෙක් වගේ අහන අහන එකට හ්ම්ම් ගාන්නැතුව කටක් ඇරල උත්තරයක්
දියංකො" කියල කට කැඩෙනකම් අම්ම කියන නිසා ඔය හ්ම්ම් ගාන්න එකා බස්සෙක් කියල
තීරනේ කරගෙනම ආදරනීය :D7000 එකට 55-300 දුප්පත් ලෙන්ස් එක සහ SB700
ෆ්ලෑශර් එක හයි කරන් එලියට බහිද්දිම කැමරාවෙ Hi ISO තිබ්බ එක 400 දාලා මහ
රෑ නිසා ඇපිචර් ෆුල් ඇරලා තාම නුහුරු නුපුරුදු නිසා අත නොගැස්සෙන්න ශටර් ස්පීඩ් 1/300 දාගෙන ෆ්ලෑශ් එකත් 1/1 දාන් එලියට බැහැලා උඩ බලද්දි මෙන්න කලු, දුඹුරු ගුලියක් ලයිට් කනුව උඩ.
මළාට මූවනම් ඔටෝ ෆෝකස් කරන්න බෑ කියල හිතාගෙන ශටර් බට්න් එක බාගෙට එබුව
විතරයි මාව හොල්මන් උනේ උගේ ඇස් දෙක පට්ට රතු පාටට පෙනුන නිසා. කොහොමහරි
ඊලග මොහොතෙම තේරුනා ඇස් රතු නෑ SB700 එකේ Focus assist lamp එක කියලා. ඔන්න
ඇස් දෙක ෆෝකස් කරන්න හදද්දි මූ අහක බලාගත්තා. ඊට පස්සෙ පපුව හරියෙ තිබ්බ
සුදු කොටස ෆෝකස් කරල නිකමට වගේ ෆොටෝ එකක් ගත්තා. මොකක්හෝ හේතුවක් නිසා
හිතුනා තව ඇපිචරෙක කට් කරන්න පුළුවන් කියල. මොකක්දෝ ෆෝරම් එකක තිබ්බ නිසා
මේ ලෙන්ස් එක ඇපිචර් 8-11 අතර මරු කියල ඇපිචර් එක 9 දාලා ෆොටෝ එකක් ගත්තා,
කෝකටත් කියල දෙකක් ගත්තා. වලිගෙ වැහිලා වගේ. රෑ නිසා එහා වත්තට පනින්නත්
බෑ. අනික් පැත්තෙන් ගිහින් බලන්න හිතාගෙන තාප්පෙට කිට්ටු කරද්දිම පොර
ගිහින්.
මේක තමයි හම්බුන දෙකෙන් හොඳ පින්තූරය!
පහත විස්තරය පක්ෂියා ගැන නොවේ....
Prasad Hapuarachchi අයියා දවසක් බස්සෙක් ගැන කියපු හොල්මන් කතාවක් වගේ එකක් නිසා බස්සාව මට ටිකක් Interesting උනා. දවල් තිස්සෙම වල් ටුවර් එකක් ගිහින් හොරෙන් කෙල්ලොන්ගෙ ෆොටෝ අරං පාන් කියාගන්න බැරුව වගේ ගෙදර ඇවිල්ලා මඩ ටිකක් ගහලා, ගැහුව වගේ හතර පස් =ගුණයක් නාලා කාලා බීලා ඔන්ලයින් බබාලා බබීලාට ගුඩ් නයිට් කියල ටිකක් වේලස්සනින් කිව්වට 12 විතර නිදාගන්න ඕනයි කියල හිතිලා කාමරේ නිදාගන්න පුළුවන් තත්වෙකට ගනිද්දි මෙන්න මොකෙක්ද "හ්ම්ම් හ්ම්ම්"ගානව "නිකන් බස්සෙක් වගේ අහන අහන එකට හ්ම්ම් ගාන්නැතුව කටක් ඇරල උත්තරයක් දියංකො" කියල කට කැඩෙනකම් අම්ම කියන නිසා ඔය හ්ම්ම් ගාන්න එකා බස්සෙක් කියල තීරනේ කරගෙනම ආදරනීය :D7000 එකට 55-300 දුප්පත් ලෙන්ස් එක සහ SB700 ෆ්ලෑශර් එක හයි කරන් එලියට බහිද්දිම කැමරාවෙ Hi ISO තිබ්බ එක 400 දාලා මහ රෑ නිසා ඇපිචර් ෆුල් ඇරලා තාම නුහුරු නුපුරුදු නිසා අත නොගැස්සෙන්න ශටර් ස්පීඩ් 1/300 දාගෙන ෆ්ලෑශ් එකත් 1/1 දාන් එලියට බැහැලා උඩ බලද්දි මෙන්න කලු, දුඹුරු ගුලියක් ලයිට් කනුව උඩ.
මළාට මූවනම් ඔටෝ ෆෝකස් කරන්න බෑ කියල හිතාගෙන ශටර් බට්න් එක බාගෙට එබුව විතරයි මාව හොල්මන් උනේ උගේ ඇස් දෙක පට්ට රතු පාටට පෙනුන නිසා. කොහොමහරි ඊලග මොහොතෙම තේරුනා ඇස් රතු නෑ SB700 එකේ Focus assist lamp එක කියලා. ඔන්න ඇස් දෙක ෆෝකස් කරන්න හදද්දි මූ අහක බලාගත්තා. ඊට පස්සෙ පපුව හරියෙ තිබ්බ සුදු කොටස ෆෝකස් කරල නිකමට වගේ ෆොටෝ එකක් ගත්තා. මොකක්හෝ හේතුවක් නිසා හිතුනා තව ඇපිචරෙක කට් කරන්න පුළුවන් කියල. මොකක්දෝ ෆෝරම් එකක තිබ්බ නිසා මේ ලෙන්ස් එක ඇපිචර් 8-11 අතර මරු කියල ඇපිචර් එක 9 දාලා ෆොටෝ එකක් ගත්තා, කෝකටත් කියල දෙකක් ගත්තා. වලිගෙ වැහිලා වගේ. රෑ නිසා එහා වත්තට පනින්නත් බෑ. අනික් පැත්තෙන් ගිහින් බලන්න හිතාගෙන තාප්පෙට කිට්ටු කරද්දිම පොර ගිහින්.
මේක තමයි හම්බුන දෙකෙන් හොඳ පින්තූරය!
බස්සගෙ ඇහැ කන වෙන්න ගහලා නේ ෂොට් එක...
ReplyDeleteසිරා ලස්සනයි ;D
කන වෙලානම් නෑ, ආපහු ආවා
Deleteඇස් දෙක වටේට නිකන් ගිනි තියලා වගේ...
ReplyDeleteපට්ටයි ඈ... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
නියම ෂොට් එක....
ReplyDeleteබස්සෙක්ගෙ පොටෝ එකක් මීට වඩා හොදට ගන්න අමාරුයි.
තව උත්සහ කලොත් පුළුවන් වෙයි :D
Deleteස්තූතියි
නියමයි.. මෙච්චර ලගට මේක ගන්න සෑහෙන ඉවසීමක් තියෙන්න ඕන.. ලස්සනයි..
ReplyDeleteස්තූතියි
Deleteමම දවල් දමපු කමෙන්ට් එක දැන් නෑනේ.
ReplyDeleteමොකක් ?
Deleteමමනම් නෑ ඕවට
moratuwe bassoth innawada ban
ReplyDeletemama adane danne
ඇයි ඉන්න බැරි?
Deleteනොදන්නකමට ඇහුවෙ
මලයෝ ඕකට තමයි කියන්නේ "උත්සාහය උක් දණ්ඩක් වැන්නේ..... වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ" කියලා. ජය වේවා....!!!!!
ReplyDeleteස්තූතියි අයියා!
Delete