ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, June 17, 2012

ඇණයක් නොවන්න (වැඩ පෙන්නන්න කලින් කියවන්න)

අපි ඉතින් කාලයක් තිස්සෙ කතා කලානෙ ඔය ඕගොල්ලොන්ගෙ "නෝමල් කැමරාව" හෙවත් හරියට කියනවනම් Compact Camera උපයෝගීකරගෙන ෆොටෝ එකක් ගන්න විදිය ගැන. ඉතින් දැන් කට්ටිය ගෙදර ඉන්න මැස්සගෙත් ෆොටෝ අරං ඌටත් අයිඩෙන්ටි හදල ඇතියි කියල මම හිතනව :D
ඒත් ඒ ගෙදරනෙ, දැන් කතා කරමුද ගෙදරින් එලියට ගියාම වෙන්න ඕන විදිය ගැන. වත්තෙනුත් එලියට ගියාම.

කතාවක් තියනවනෙ තමන්ගෙ නිදහස අනුන්ගෙ නහයගාවටද මොකක්ගාවටද වෙනකම් විතරයි කියල. ඒ වගේ අපි තැනකට ගියාම දැනගන්න ඕන අපේ නිදහස සහ ආචාරධර්ම ගැනත්. අපි කවුරුත් අපේ ගෙදරතියන කැමරාව උස්සන්යනවනෙ කාගෙහරි වෙඩින් එකකට යද්දි එහෙම. පොඩ්ඩක්වත් හිතුවද එතනදි අපි හැසිරෙන්න ඕන කොහොමද කියලා? එතනදි අපි නිසා නිළ ඡායාරූපශිල්පියා අපහසුතාවයකට පත් වෙනවද කියල එහෙම. ඔව්, හිතල නැතුව ඇති, ඒත් වෙනව! ඒත් ඉතින් මම කිව්වෙ නෑනේ සම්පූර්න වැරැද්ද ඔයාගෙ කියල.

අමුතුවෙන් කියන්න ඕන නෑනේ දෙදෙනෙක්ගේ විවාහයක් කියන්නෙ ඔවුන්ගෙ ජීවිතයෙ තියන ලස්සනම දවසක්. ඒ ලස්සන සදාකාලයටම (කිව්වට සියලු දේ අනිත්‍යයයි) සුරක්ශිත කරගන්න හිතාගෙන ඒ දෙන්නා ඡායාරූපශිල්පියට සහ සමහර විට වීඩියෝ ශිල්පියෙකුට ලක්ශයක් ඉක්මවායන මුදලක් ගෙවන්නෙ ඒ දවස ඔවුන්ට කෙතරම් වැදගත්වෙනවද කියල ඔවුන් දන්න නිසා. මගෙන්නම් අහන්න එපා, මම තාම තනිකඩයා. ඉතින් ඒ උත්සවය අස්සෙදි එක් ආකාරයකට ගත්තම අදාල ශිල්පීන් කරන්නෙ ඔවුන්ගෙ රැකියාව. ඔවුන් ඇර අනික් ඔක්කොම ගෞරවනීය ආරාදිතයන් ( දෙක දාගන්නකම්). ඉතින් මම මේ කතාකරන ඔබ හෙවත් දැන් මේක කියවන කෙනා අයත්වන්නෙත් ඒ ආරාධිතයන් පිරිසට. ඔන්න ඔතනදි තමයි වැඩේ කන්න පටන්ගන්නෙ.

තමාගෙ බුදු ෆිට් එක බඳිද්දි කැමරාවක් අරංයන එක වරදක් නෙමෙයි. යාලුවගෙ වෙඩින් එකේ ෆොටෝ ටිකක් ගන්න, යෙහෙලිය කොච්චර ලස්සනද කියල බලන්න, අනික් අයට පෙන්වන්න, සමහරවිට තමන්ගෙ මංගල දිනය ගැන අදහසක් ගන්න, එකී මෙකී නොකී දේවල් කීයකටනම් මේ කැමරාවෙන් ගන්න ෆොටෝටික වැදගත් වෙයිද. ඒත් හිතුවද ඒ අස්සෙ තමන්ගෙ ෆොටෝ ගැනිල්ල නිළ ඡායාරූපශිල්පියට කෙතරම් වදයක් වෙන්න පුළුවන්ද කියල.

හොටෙල් එක ඇතුලෙදි ඇවිදිද්දි එහෙම පොඩ්ඩක් සැළකිලිමත්වෙන්න ඡායාරූපශිල්පියා සිටිනතැන ගැන. ගාල කඩාගත්ත හරකාවගේ ෆොටෝ එකක් ගනිද්දි කැමරාව ඉස්සරහින් යනව කියන්නෙ නැවතත් ඒ ඡායාරූපයගන්න වෙලාව ගතවෙනව වගේම සමහරවිට හොඳ අවස්තාවක් ග්‍රහණයකරගන්න තිබුන අවස්තාවක් අපතේ යාමක් වෙන්නත් පුළුවන්. මොකද කියනවනම් ඒ දවස දෙදෙනාගේ ජීවිතයේ වැදගත්ම දවසක්වන නිසා.ඒ නිසා ඔබගේ ක්‍රියාවන් ඔබගේම මිතුරාගේ ලස්ස්න දවසේ මතකයන් අඳුරු කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසාම ජොලියට ෆොටෝගන්න ඔයාගෙ අතේ තියන වගකීම ගැන දැන සිටීම වැදගත්.  තව දෙයක් කියන්න කැමතියි- නිළ චායාරූපශිල්පියාට අයිතිය තියනව තවත් කෙනෙක්ට ෆොටෝ නොගන්නාලෙස අණකරන්න!

"බොහෝ ඡායාරූපශිල්පීන් තවමත් ආලෝක කරණය සඳහා යොදාගන්නෙ Pro-Light
 ලෙසින් හඳුන්වන කවුරුත් දැක ඇති ලොකු කුඩයක් හෝ කුටීරයක් අස්සෙන් නිකුත්වෙන ලයිට් එක. මෙතන ස්ටෑන්ඩ් මත සිටුවා තිබෙන්නෙ එවන් උපකරණ කිහිපයක්.
මූලික ලෙසම මේවා ක්‍රියාකරන්නේ ආලෝකය මගින් නිකුත්කරන සංඥාවකින්ය. එනම් Flasher එකක ආලෝකය මෙම උපකරනයේ පිහිටාආඇති ආලෝක සංවේදකය මත වැටුනුවිට ඇතිකරන කුඩා ප්‍රමාණයේ විදුලිබලයක් මගින් මෙම ලයිට් ක්‍රියාකරවීම සිදුකරයි. ඉතින් ඡායාරූපශිල්පියාගේ කැමරාවට සවිකරාඇති ෆ්ලෑශරය ක්‍රියාත්මක කලවිට මෙම ලයිට් දැල්වෙන ආකාරයට මෙම උපාංගය සකස්කර තිබේ. 
විදුලිබලයෙන් ක්‍රියාකරන මේවා එක වතාවක් ආලෝකය නිකුත්කිරීමෙන් අනතුරුව නැවතත් සූදානම්වීම සඳහා තප්පර කිහිපයක් ගතවේ. ඉහත සඳහන්කල ලෙස මෙය ක්‍රියාත්මකවන්නේ Light sensitive ආකාරයකට නිසා ඔබ සතුව ඇති compact කැමරාවේ Flash එකටවුවද මෙය ප්‍රතිචාර දැක්විය හැක. බොහෝවිටදී පෝරුව වැනි චාරිත්‍ර ඉටුකරන අවස්තාවේදි මුදු පැළඳවීම, පෝරුවෙන් බසිනවිටදි පොල්ගෙඩිය බිඳීමවන් අවස්තාවලදී පැමිනසිටින්නන් තරගෙටමෙන් ඡායාරූප ගැනීම නිසා තමන්ට අවශ්‍ය මොහොත ග්‍රහණය කරගැනීමේදි බොහොවිට ඡායාරූපශිල්පියාට අවශ්‍යය ආලෝකතත්වය නොලැබීම නිසා  අදාල ඡායාරුව වැඩක්ගත නොහැකි තත්වයේ ඡායාරුවක් වීමට ඉඩ ඇත. එමනිසා පෝරුවක ඇති සියලුම අවශ්‍යතාවන් තමන්ගේ කැමරාවේ සටහන්වියයුතුදැන් ආරාධිතයෙක් ලෙස සිතීම වැදගත් වෙයි."

ඔයවගේ වෙලාවකදි මමනම් උත්සහ කරන්නෙ කැමරාවෙ Flash offකර ISO අගය තරමක් ඉහල දමමින් ඡායාරූප ගන්නයි. එවිට අපගෙ ෆ්ලෑශර් එක ඡායාරූපශිල්පියාට අව්ලක් වෙන්නෙ නැති තරම්, වාසනාවකට වගේ වීඩියෝ ශිල්පියත් 1000 ලයිට් දෙකක් විතර පත්තුකරල තිබ්බනම් වැඩේ කොහොමත් ගොඩ. ෆොටෝ ගනිද්දි කැමරාව හෙලවෙන ගතිය අවුලක් වගේ දැනෙනවද? ඇත්තටම කැමරාව හෙලවෙනව කියන්නෙත් වැඩේ අසාර්තකයි කියන එකයි.
කැමරාව දෑතින්ම අල්ලගන්න. සමහරු අල්ලන්නෙ කුනු කරවල කෑලි වගේ. හොඳ හුස්මක් ගන්න. සෙමින් හුස්ම පිටකරනවාත් සමගම ශටර් බොත්තම ඔබන්න. කැමරාවේ ශටරය ක්‍රියාත්මකවන ශබ්දයට ඇහුම්කන් දෙන්න හුරුවන්න.

ඒත් එක්කම සැළකිලිමත්වෙන්න flash onකර ෆොටෝ ගනිද්දි තමාගෙ ඇගිලිවලට ෆ්ලෑශරය නොවැසෙන විදියට කැමරාව අල්ලන්නත්. ඒ වගේම,කැමරාව තුලට ආලෝකය ඇතුල්කරගන්නා සිදුරේ ප්‍රමානය හෙවත් aperture එක බොහෝලෙස කුඩාවෙනව compact කැමරා සූම් කරද්දි, ඒ නිසා ප්‍රධාන ඡායාරූපශිල්පියාට භාධාවක් නොවනලෙස තමන්ගෙ අරමුනට ලංව ඡායාරූප ගැනීමත් හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන් තව ක්‍රමයක්

සමහරවිට කට්ටිය දැකලා ඇති Pro Light තියන තැන්වලදි Compact කැමරාවලින් ෆොටෝ ගන්න අයගෙ මූනු ඇඹුල් වෙනව. කොහොමත් Pro-Light භාවිතාවන අවස්තාවක අපේ compact කැමරාවක ෆ්ලෑශරය ක්‍රියාත්මක වීම සමගම Pro lightවල ආලෝකය නිකුත්වීම අපි  ගන්න ෆොටෝඑක අවශ්‍ය ප්‍රමානයට වඩා අඳුරුවෙන්න හේතු වෙන්න පුළුවන්. ඕනවටත් වඩා ලයිට් ආවම කොහොමද අඳුරු වෙන්නෙ? බොන්න ඕන ප්‍රශ්නයක්නයක් වගේ නේද? අපි ඒ ගැන ඉදිරියෙදි කතාකරමු. ඒකටත් දැනට දෙන්න පුළුවන් උත්තරය වෙන්නෙ ෆ්ලෑශරෙක ඕෆ් කරල ඉස්සල්ල කියපු විදියට ෆොටෝ ගන්න කියන එක තමයි.

මතකද දන්නෑ මම කිව්ව සම්පූර්ණ වරද ඕගොල්ලන්ගෙ නෙමෙයි කියලා...
ඔය මම උඩ ලියල තියන ඔක්කොමටික වෙනබව සහ කොච්චර උනත් බොලාටික ඇනයක් වෙනබව ෆොටෝග්‍රැෆර් දන්නව. ඒනිසා ඒක වලක්වාගන්න පාවිච්චිකරන්න පුළුවන් ගැජට් එකක් තියනව Radio Slave කියලා. කැමරාවෙ උඩ අමතර Flasher එක සවිකරනතැන පොඩි උපකරණයක් තියනවද බලන්න...
 Pro Light පාවිච්චි කරනවනම් සහ පොඩ්ඩක්හරි මොලයක් තියන ඩයල් එකක්නම් අනිවා ඕක පාවිච්චි කරනවා ඇති. ඒකෙන් වෙන්නෙ මම ඉස්සල්ලා කියපු ආලෝකය මගින් දෙන සංඥාව වෙනුවට, රේඩියෝ තරංගයක් මගින් අදාල සංඥාව දෙනවා. ඉතින් ලේසිම වැඩේ තමයි ෆොටෝ ගන්න කලින් ෆොටෝග්‍රැෆර් ලගට පොඩ්ඩක් කිට්ටු කරලා අහන්න "අයියෙ ඔයා Radio Slave දාලාද තියෙන්නෙ, මමත් Flash use කරල ෆොටෝ ගැනීම අවහිරයක් වෙන්න පුළුවන්ද?" කියලා. ලකුණු ටිකකුත් දාගන්න පුළුවන් එතකොට :D
හැබැයි මිනිහා වැඩිය කියවන්න ආවොත් මාරුවෙන එක තමයි ඇගට ගුණ.

කොල්ලන්ට පමණයි- කැමතිනම් ෆොටෝග්‍රැෆර් එක්ක නිවාඩු වෙලාවට සතුටු සාමිච්චියක් දාන් හිටියට කමක් නෑ.


රෑත්වෙලා දැන් එලිවෙන්නත් කිට්ටුයි....
තවත් දවසක හමුවෙමු!

ප්‍රශ්න මොනවහරි තියනවද?



16 comments:

  1. අපෝ
    මම නම් ආසම නැති කේස් එකක් තමා ඇල්බම් වලට පෙනී හිටිල්ල...

    මොනා උනත් 50.1 ක් ඇත්ත කථාව..
    අපි ෆොටෝග්‍රැෆර්ට මල ඇනයක්..

    ReplyDelete
  2. සහතික ආත්ත බන් අපිඉතින් ඔව අතුලෙ ඵොනෙ එකෙන් පව ගහනවනෙ
    කො බන් අර කතව එක ලියපන් කො ගුටිකන්නෙතුව

    ReplyDelete
  3. සෑහෙන්න වටිනවා...!! මොනා උනත් ඇත්ත කතාව ..!!

    ReplyDelete
  4. අදනේ මම මේ පැත්තේ ආවේ. වටිනා කියන පාට පේන්න තියෙනවා. කියවන්න ඕනේ මුල ඉදන්ම :)

    ReplyDelete
  5. ඒම තමා එහෙනම් ෆොටොග්‍රැෆර්ලා මට ඔරවන්නෙ :D :D :D

    ReplyDelete
  6. "නිළ චායාරූපශිල්පියාට අයිතිය තියනව තවත් කෙනෙක්ට ෆොටෝ නොගන්නාලෙස අණකරන්න!" මෙන්න මේක මට අවුලක්. කෙහොමද එහෙම වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔහු අදාල සේවාව ඉටුකිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් බාරගෙන තිබීම. එයට බාධා වීම් වලක්වාගැනීමට ඔහුට හැකියාව ඇත

      Delete
  7. කොල්ලන් ට පමණයි කිවුවට එක දැක්කේ කියවල ඉවර උනහම නෙ ... කමක් නෑ. එත් ඇත්ත වශයෙන්ම මේ සියලුම ඒවා මටත් වෙලා තියෙන දේවල්... මේ ගැන කියා දුන්නාට සමීර අයියා ට ගොඩක් ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට පමනයි කිව්වෙ - කැමතිනම් ෆොටෝග්‍රැෆර් එක්ක නිවාඩු වෙලාවට සතුටු සාමිච්චියක් දාන් හිටියට කමක් නෑ.
      ඒ ටික.
      කෙල්ලොත් සතුටු සාමිච්චි දාන්න ගිහින් පවුල්කාරයන්ගෙ දෙවනි පවුල උනොත් වගකියන්න බැරි නිසා!

      Delete
  8. සිරාවට කැමරමන්ලට තියෙන වැඩ මදිවට ඕවා ගැනත් හිතන්න ගියාම මල පයිනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ටික කලක් යද්දි ඒවටත් පුරුදු වෙනව !

      Delete
  9. අන්තිමට තියෙන වැඩෙත් නරකම නෑ. හික්

    ReplyDelete
  10. ඔන්න මමනම් නිල ඡායාරුප ශිල්පියාගේ කැමරාව තමයි පාවිච්චි කලේ. :P වැදගත් ලිපියක් වෙනද වගේම. ජය....!

    ReplyDelete
  11. එළ ලිපියක් . තව ලියපං ජය වේවා !!!!

    ReplyDelete
  12. තවත් වැදගත් ලිපියක්... නියමයි

    ReplyDelete