එහෙනම් කොහොමද මතකයේ රැඳෙන ෆොටෝ එකක් ගන්නෙ.....?
කොහොමද බොල එක එකාගෙ මතකය ගැන මම දන්නේ?
හුටා :O
එහෙනම් අපි හැමදාම දකින දෙය වෙනස් විදියකට බලන්න උත්සහ කරමු !
කොයි වගේ වෙනසක්ද?
නිර්මාණයක් කරන්න පෙළබෙන්න කලින් අඩුම තරමෙ අපි හොඳ තත්වයේ නිර්මාණ දැකලවත් තියෙන්න ඕන. එවිට තමයි අපිට යම් නිර්මාණයක් ගැන අදහසක්වත් එන්නෙ. දකින දකින දේ ෆොටෝ ගන්න, ඒක වරදක් නෙමෙයි.
නමුත් හිතල බලන්න "මේ ෆොටෝ එක හැමදාම හැමතැනම දකින නිකම්ම නිකන් ෆොටෝ එකක්ද කියලා". දකින දේ විශේශයක් දකින්න උත්සහ කරන්න. වෙනස් දෙයක් හොයන් යන්න බලන්න. ඒ මත යම් කතාවක් ගොඩනගා ගන්න බලන්න.
මේක තාක්ශනිකව මෙලෝ දෙයක් ඇති ෆොටෝ එකක් නෙමෙයි. ඒත් බලන්න මේකට ලැබුනු ප්‍රතිචාරය.....
Saumya Sandaruwan Liyanage .
සිස්ටම් එකක් ඇතුලෙ තියෙන හැම බැඳීමක් ම කාලයක් යද්දි කොයි තරම් කෘත්‍රීම වුණත් ඒ සිස්ටම් එකේම කොටසක් තරමට එතනට අනුගත වෙනවා..
ඊට පස්සෙ කාලයක් යද්දි ඒ දෙක වෙන්කරලා හොයාගන්න බැරි තරමටම එකක් වගේ පේන්න ගන්නවා. හැබැයි බැඳීම් තියෙද්දිත් සමහරු තමුන්ගෙ නිදහස හොයාගෙන යනවා.
මුලදි ම අයින් නොකර, කල් ගිහින් ඒ බැඳීම අයින් කලොත් ලොකු හිස්තැනක් පේන්න ගන්නවා එතන. ෴
එක පෙත්තක් අඩු මලක්.............
කොඩැක් C713 කැමරාවෙන් ගත්තෙ.
Point n Shoot
රූප රාමුව පුරවන්න

මූලික අරමුන සමග ගලායන ආකාරයේ තවත් වස්තූන් පසුතලයට එක් කරගන්න උත්සහ කරගන්න. චිත්‍රයක් වගේ.....
හරි මොහොත පැමිනෙන තුරු බලන් ඉන්න.....
ඉවසන්නනම් වෙනවා...
සංස්කරණය කරන්න
පාට හදන්න, අනවශ්‍ය කොටස් මකාදමන්න, අවශ්‍ය කොටස පමනක් රාමුවට ගන්න...
සංස්කරණය කරන්න එපා කියන එකෙක් ඉන්නවනම් ඒකා සංස්කරණය කරන්න නොදන්න එකෙක්. ඒක අත්දැකීමෙන්ම මම දන්න දෙයක්.
එහෙනම්, මේ ටිකත් කරලම බලමු නේ.....
ඉගනගන්න එන්න.....