


ම උඩ සිට පහලට පේලියට ඉංග්‍රීසි හෝඩියේ පිලිවලට appsවල නමින් පෙළගැහිලා තියනවා වගේම අකුරක් උඩ ටච් කලාම ඉංග්‍රීසි හෝඩියම එනවා. එතනින් අපේ app එකකේ නමේ මුල් අකුර තෝරලා ඉක්මනින්ම app එකට යන්න පුළුවන් ........
ෆෝන් එකේ තියන ගත්ත අලුත අවුලක්දෝ කියලා හිතෙන දෙයක් තමයි ෆෝන් එක ඔෆ් කරලා චාජර් එකට සම්බන්ද කලත් ස්වයන්ක්රියවම on වෙලා චාර්ජ් වෙන්න ගන්න එක. ඒ කියන්නේ මේක off කරලා චාර්ජ් කරන්න බැ. ඒක ආරක්ෂක උපක්‍රමයක් කියලයි කියන්නේ. Android ෆෝන් එකක Google එකවුන්ට් එකක් වගේ මේක ගත්ත ගමන් Microsoft එකවුන්ට් එකක් හදාගන්න ඕන. එකේ තමයි අපේ දත්ත බැකප් එකක් විදියට ගබඩා වෙන්නේ. ෆෝන් එක on කල ගමන් ෆෝන් එක තියන තැන ගැන පණිවුඩයක් යනවා අපේ එකවුන්ට් එකට. අනිවාර්යයෙන්ම චාර්ජ් කරන්න වෙනවනේ, එතකො on වෙනවනේ. ඒ නිසා ෆෝන් එක නැති උනත් අපිට ලේසියෙන්ම තියන තැන හොයාගෙන lock කරන්න , ෆෝන් එකේ තිරයට පණිවුඩයක් යවන්න වගේම එකේ තියන දේවල් මකන්නත් පුළුවන්. එනිසා ඒ ක්‍රමයත් මරු වගේ.

ඇත්තටම කියනවනම් 535 කියන්නෙ සයිස් එකෙන් ලොකු උනාට මහලොකු හෙවත් පට්ට ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි කියලම වැඩේ පටන්ගන්නෙ කාටවත් අයියෝ කියලා හිතෙන්නනම් නෙමෙයි. අඟල් 5 ඩිස්ප්ලේ එකක් තිබුනත්, මෙගා පික්සල් 5 කැමරා දෙකක්ම තිබුනත් මේ ෆෝන් එකේ පිටතට නොපෙනෙන දේවල් විදියට යොදාගෙන තියෙන්නෙ අදකාලෙ ස්මාර්ට්ෆෝන්වලට ගන්න උපාංග අතරින් පහලම තියන ආකාරයේ දේවල්. ඩිස්ප්ලේ එක උනත් අඟල් පහක් උනාට පික්සල් 900*540 පමණ වන නිසා ලොකු කොලිටියක් පේන්නෙනම් නෑ. ආලෝකය අනුව ස්වයංක්‍රීයව තිරයේ ආලෝකය හදාගන්න ක්‍රමයකුත් මේකෙ තියනවා. ප්‍රදානම දෙය වන ප්‍රොසෙසර් එක snapdragon 200 මාදිලියෙ නමුත් quad core එකක්. ඒ නිසා එක් අතකින් සාදාරණයක් වෙනවා වගේමතවත් පැත්තකින් අඩු ප්‍රභලතාවක් ඇති 200 ප්‍රොසෙසරයක් සහ Adreno 302 GPU නිසා ලොකු කැපී පෙනෙන මට්ටමේ quad core තරම් ක්රියාකාරීත්වයක් නොපෙන්වයි.. ඒ නිසා ගේම් ගහන්න බලාගෙන ෆෝන් එක ගන්නවානම් ලොකුවට 3D රෙන්ඩරින් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. Asphelt 8 වගේ ගේම් එකක් ගැහුවොත් පොඩ්ඩක් විතර frames drop වෙනවා වගෙත් දැනේවි. ඒත් 1gb ram එක නිසා multi tasking වගේම phone එකේ user interface එක සහ අනික් ක්‍රියාකාරකම් කිසිම හිරවීමක් නැතුව smooth වැඩ කරනවා. Snapdragon 200 වීම නිසා ඇතිවෙච්ච තවත් අවුලක් තමයි කැමරාවෙ වීඩියෝ පහසුකම hd නොවීම. 535 එකේ තියෙන්නෙ 480p 30fps ප්‍රමානයේ වීඩියෝ සයිස් එක. 720p වත් තිබ්බනම් හොඳයි දැන් තියන අනික් ස්මාර්ට්ෆෝන් එක්ක ගත්තම. හැබැයි android එකක් එක්ක බැලුවොත් ෆෝන් එක lag වෙන්නෙත් නැ , බැටරියත් හොඳයි.

අපිට දැන් ෆෝන් එකක නැතුවම බැරි දෙයක් තමයි සිංහල කියවීම වගේම ටයිප් කිරීමේ හැකියාව. සමහර android ෆෝන්වල මේක තාමත් නැ. හැබැයි වින්ඩෝස් ෆෝන්වල කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට සිංහල අකුරු පෙන්නුම් කරනවා. නමුත් තියන ප්‍රශ්නේ තමයි හරි හමන් සිංහල කි බෝඩ් එකක් නැතිවීම. නමුත් දැනට එකට තියන විසඳුම "හෙළබස"වගේ ap එකක් දාගන්න එකයි.එකෙන් අපිට පුළුවන් app එක ඇතුලේ ටයිප් කරලා අපිට ඕන තැනට paste කරන්න...... නමුත් වින්ඩෝස් 10 සිංහල කීබෝඩ් එකක් එන කතාවක් තියනවා.
ෆොටෝගැන බැලුවොත් ඉතා හොඳ මට්ටමේ මෙගා පික්සල් පහක
කැමරාවක් තියනවා. ඒකෙ පින්තූරවල ගුණාත්මකභාවයත් සැලකිලියුතු ඉහල මට්ටමක තියනවා. ඒ විතරක් නෙමෙයි කැමරාවට අදාල exposure , ඒ කියන්නෙ කෑමරාවට අදාල සෙටින්ස් ඔක්කොම වගේ මැනුවල් හදන්න පුලුවන් වීමත් විශේශයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනම් මේදෙය කරන්න මුදල් ගෙවා ගතයුතු ඇප්ස් තියනවා.
5 mega pixel Front Camera එක ගැන කතා කලොත් පිටුපස කැමරාවට සාපේක්ශව පුළුල් කෝණී කාචයක් , ඒ කියන්නෙ සෙල්ෆි ගන්නවනම් වෙනදට වඩා තව කට්ටියව එකතුකරගන්න පුලුවන් වැඩි පදාසයක් පෙනෙන නිසා. ඒ වගේන මේ රේන්ජ් එකේ තියන අනික් ෆෝන්වල ඉස්සරහ කැමරාවට සාපේක්ෂව මේකේ සන්වෙදිතාවත් ඉතාම වැඩියි කියලා පාවිච්චිකරද්දී මට දැනුනා. විශේශයෙන්ම ෆෝන් එකේ තියන "Lumia Selfie"කියන ඇප් එක ආදාරයෙන් අපි ගන්න ෆොටෝ ඒ වෙලාවෙම සන්ස්කරණය කරලා ඒකෙ තියන වර්න, ආලෝක තත්වය හදලා වඩා හොඳ පින්තූරයක් තත්පර ගනනක් ඇතුලත අපිට දෙනවා වගේම අපිට ඕන විදියකට වෙනස්කම් කරගන්න අවශ්‍යවෙන templates කිහිපයකුත් කැමරාවෙ ඉහත ඇප් එකේම එනවා. ඒ නිසා අපි ගන්න සෙල්ෆිය තප්පර ගානක් ඇතුලත අපිට ඕන විදියකට එඩිට් කරලා සේව් කරන්න හෝ අප්ලෝඩ් කරන්න පුළුවන්.


අපිට දැන් ෆෝන් එකක නැතුවම බැරි දෙයක් තමයි සිංහල කියවීම වගේම ටයිප් කිරීමේ හැකියාව. සමහර android ෆෝන්වල මේක තාමත් නැ. හැබැයි වින්ඩෝස් ෆෝන්වල කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට සිංහල අකුරු පෙන්නුම් කරනවා. නමුත් තියන ප්‍රශ්නේ තමයි හරි හමන් සිංහල කි බෝඩ් එකක් නැතිවීම. නමුත් දැනට එකට තියන විසඳුම "හෙළබස"වගේ ap එකක් දාගන්න එකයි.එකෙන් අපිට පුළුවන් app එක ඇතුලේ ටයිප් කරලා අපිට ඕන තැනට paste කරන්න...... නමුත් වින්ඩෝස් 10 සිංහල කීබෝඩ් එකක් එන කතාවක් තියනවා.
![]() |
un edited |
![]() | |
un edited |
කැමරාවක් තියනවා. ඒකෙ පින්තූරවල ගුණාත්මකභාවයත් සැලකිලියුතු ඉහල මට්ටමක තියනවා. ඒ විතරක් නෙමෙයි කැමරාවට අදාල exposure , ඒ කියන්නෙ කෑමරාවට අදාල සෙටින්ස් ඔක්කොම වගේ මැනුවල් හදන්න පුලුවන් වීමත් විශේශයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනම් මේදෙය කරන්න මුදල් ගෙවා ගතයුතු ඇප්ස් තියනවා.
5 mega pixel Front Camera එක ගැන කතා කලොත් පිටුපස කැමරාවට සාපේක්ශව පුළුල් කෝණී කාචයක් , ඒ කියන්නෙ සෙල්ෆි ගන්නවනම් වෙනදට වඩා තව කට්ටියව එකතුකරගන්න පුලුවන් වැඩි පදාසයක් පෙනෙන නිසා. ඒ වගේන මේ රේන්ජ් එකේ තියන අනික් ෆෝන්වල ඉස්සරහ කැමරාවට සාපේක්ෂව මේකේ සන්වෙදිතාවත් ඉතාම වැඩියි කියලා පාවිච්චිකරද්දී මට දැනුනා. විශේශයෙන්ම ෆෝන් එකේ තියන "Lumia Selfie"කියන ඇප් එක ආදාරයෙන් අපි ගන්න ෆොටෝ ඒ වෙලාවෙම සන්ස්කරණය කරලා ඒකෙ තියන වර්න, ආලෝක තත්වය හදලා වඩා හොඳ පින්තූරයක් තත්පර ගනනක් ඇතුලත අපිට දෙනවා වගේම අපිට ඕන විදියකට වෙනස්කම් කරගන්න අවශ්‍යවෙන templates කිහිපයකුත් කැමරාවෙ ඉහත ඇප් එකේම එනවා. ඒ නිසා අපි ගන්න සෙල්ෆිය තප්පර ගානක් ඇතුලත අපිට ඕන විදියකට එඩිට් කරලා සේව් කරන්න හෝ අප්ලෝඩ් කරන්න පුළුවන්.

ගොඩක් දුරට කැමරාවට අදාල සෙටින්ස් අපිටම හදාගන්න පුලුවන් විදියෙ AUTO FOCUSING කැමරාවක් ලබාදීලා තියනවා. ඒ වගේම ප්‍රධාන කැමරාව led flash එකකිනුත් යුක්තයි. කැමරාව තෝරලාදෙන සෙටින්ස් ඇර අපේ සෙටින්ස්වලට ෆොටෝ ගන්න ඕනනම් කරන්න තියෙන්නෙ ෆොටෝ ගන්න තියන ලකුණ ටච් කරගෙනම ෆෝන් එකේ ඉහලට අදින එක. එතකොට ඔක්කොම සෙටින්ස් ටික පේන්න ගන්නවා. ඒ නිසා අත්වෙන පහසුකම් ගැන ටිකක් කතාකරමු.
මේකෙ ශටර් ස්පීඩ් එක ( වම පැත්තේ තියන හතරවෙනි icon එක )අපිට හදන්න පුලුවන් බොහොම ලේසියෙන්ම. මෙතනදි තියන වාසිය තමයි අපි ෆොටෝ එක ගන්න වස්තුවෙ සෙලවීම අපි දන්න නිසා අපිට පුලුවන් තැනට අදාල විදියට ඕන කරන ශටර් ස්පීඩ් එක හදන්න පුලුවන්. අපි ගන්නෙ වේගයෙන් යන වාහනයක්නම් අපිට පුලුවන් ශටර් ස්පීඩ් එක වැඩි කරන්න. ඒ වගේම ස්ලෝ ශටර් දාලා නිර්මාණාත්මක යමක් කරගන්නත් ඒකෙන් පුලුවන්. අපි දෙන ශටර් ස්පීඩ් එක අනුව අනාවරණය ස්වයංක්‍රීයව හදාගන්න ක්‍රමයක් මේකෙම තියනවා.
ISO ගැන ඊලඟට කතා කරමු. අපිට මේක පාවිච්චි කරන්න පුලුවන් එතන තියන ආලෝක ප්‍රමාණය අනුව. ෆෝන් එකක් නිසා ISO අගය 400 වඩා වැඩි කරලනම් වැඩක් නෑ. හොඳටම අවුව තියන වෙලාවකනම් Iso අගය 100 පමණ ගියත් ප්‍රශ්නයක් නෑ. නමුත් ආලෝකය අඩු වෙන්න වෙන්න ISO වැඩි කරන එකයි ක්‍රමය. එහෙම නැත්තන් මේකත් ශටර් ස්පීඩ් එක වගේම AUTO තියන්න පුලුවන්.
අනික තමයි WHITE BALANCE . මේකෙන් වෙන්නෙ අපි ෆොටෝ ගන්න තැන තියන ලයිට් එක, මතක තියාගන්න ලයිට් එක කිව්වෙ එලියෙ තරම නෙමෙයි, මොකක් නිසාද ලයිට් එක ලැබෙන්නෙ කියන දෙය මෙතනින් තෝරන්න පුලුවන්. ඒ කියන්නෙ ඉර එළිය , ලයිට්, ෆ්ලෑශ් වගේ ආලෝක ප්රභවය තෝරන්න පුලුවන්. ඒ වගේ අවස්තාවට අනුව තෝරන්න පුලුවන්නම් එන ෆොටෝ එක තවත් හොඳයි. බැරිමනම් ඒකත් AUTO තියන්න ඉතින්.
ඒ වගේ හදලා ගන්න ෆොටෝ එකේ එලිය හරියන්නෙ නෑ කියමුකො. ඒ වෙලාවට තමයි ඔතන තියන EV ( කැමරා icon එකට උඩින් තියන 0.0 ලකුණ )කියන කොටස වැදගත් වෙන්නෙ. ලැබෙන ෆොටෝ එක අඳුරුයි වගෙනම් EV ටිකක් වැඩි කරකර බලන්න. ඕනවට වඩා එලිය වැඩිනම් EV අඩු කරලා බලන්න.
ඊට අමතරව ඕනනම් අපිට පුලුවන් ෆෝකස් කරන එක පවා මැනුවල් කරන්න. මැනුවල් කිරීමනම් එතරම්ම ප්‍රායෝගික වෙන එකක් නෑ කැමරාව එතරම් අතට හුරු නැත්තන්. ඒකත් ෆ්‍රී වෙලාවක කරලා බලන්න.
ඔය ටික තමයි මූලිකවම කැමරාවෙ සෙටින්ස් ගැන කියන්න තියෙන්නෙ. ඊට අමතරව ගන්න ෆොටෝ ඒ වෙලේම එඩිට් කරගන්න පුලුවන්වීම මේ ෆෝන් එකෙත් තියනවා.
කැමරාව ගැන හැර අනික් දේවල් ගැන කතා කලොත් සයිට් එකේ තියන විදියට 3G සිග්නල් යටතෙ පැය 13 ආසන්න කාලයක් කතා කරන්න පුලුවන්. Data පාවිච්චි කරනවනම් ඉක්මනට බැටරිය බහිනවා. ඒ නිසා වයිෆයි පාවිච්චි කරන්න පුලුවන්නම් හොඳයි. කාලෙකට කලින් වගේ නෙමෙයි දැන් ලුමියා store එකේ ගොඩක් apps තියනවා...

හදලා තියෙන්නෙ. මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඇඟිලි දෙකකින් ටච් කරද්දී ඒ ඇඟිලි දෙක එක කෙලින්ම පිහිටුනොත් එක අන්ගිල්ලකට අදාළ සංවේදනය නැතුව යන එක. නමුත් අලුත් අප්ඩේට් නිසා multi touch ප්‍රශ්නෙ දැන් එන්නේ ගොඩාක් අඩුවෙන්. මේ ෆෝන් එකේ තිබුන ලොකුම අවුලත් කොහොමහරි ගොඩදාන්න මයික්‍රොසොෆ්ට් කට්ටියට පුලුවන් වෙලා තියනවා.
ඉස්සල්ලා කිව්වත් වගේ ඩිස්ප්ලේ එකේ මහ ලොකු කොලිටියක් නෑ වගෙම පාට ගැනත් මටනම් ලොකු තෘප්තිමත්බවක් නෑ . Sound ගැනනම් මම තෘප්තිමත්. නමුත් ඒ ඔක්කොටම හරියන්න පුලුවන් තරමෙ හොඳ කැමරා දෙකක් දීලා තියනවා කියනවා කියලා මට හිතෙනවා... මයික්‍රොසොෆ්ට් එකෙන් මේ ෆෝන් එක හඳුන්වාදෙද්දි ඒගොල්ලො මුලට දැම්මෙත් කැමරා දෙක වගේම ඩිස්ප්ලේ එක. ඒ කැමරා දෙකේ තත්වය සහ විශාල ඩිස්ප්ලේ එක නිසා ඇත්තටම හොඳ පෙනුමක් ලැබෙනවා.

වින්ඩෝස් කිව්වම සමහර අයට පිටසක්වල වගේ දැනුනට , android වගේ රූට් කරලා කස්ටම් රොම් ගගහා ඔක්කොම වැඩ දාන්නේ නැතුව ගත්ත විදියටම පාවිච්චි කරන කෙනෙක්ටනම් වින්ඩෝස් කියන්නේ අවුල් නැති ෆෝන් එකක් කියලා මට හිතෙනවා ...........