www.youtube.com/user/SRiMendis
මේක පටන් අරගෙන සති කිහිපයක් ගතවෙනවා. මේ තමයි අලුතෙන්ම කල වීඩියෝ එක. මේක දෙන්නෙක් එක්ක කරන කතාවක්.
හැමෝම ආසයි හම්බකරන්න , ජීවත්වෙන්න , හිටියට වඩා ටිකක් හොඳට ජිවත් වෙන්න , ඊටත් වඩා ටිකක් හොඳට ජිවත් වෙන්න , හොඳටම ජීවත්වෙන්න. එක විදියකට ගත්තම අපි කරන හැමදේම කරන්නේ ජීවත්වෙන්න. ටික දෙනෙක් ඇති සමහරවිට ස්වර්ගෙට නිවනට යන්න හිතාගෙනම ජීවත්වෙන. අවුලක් නැ .
අද මම කතාකරන්න යන්නෙ තනිකරම දෙයක් ගැන මගෙ මතය. ඒ නිසා බොහෝදෙනා මගෙත් එක්ක එකඟ නොවෙන්න පුලුවන්. එකඟ උනත් නැතත් කමක් නැ. අදහස පල්ලෙහායින් ලියාගෙන යන්න..... අනික් අය හිතන දේවල් දැනගන්නත් එපැයි.
මාතෘකාවට ආවොත් කැනන් නිකොන් පොරකෑමට පස්සෙ මම දැකල තියෙන වලිය තමයි ෆීල්ඩ් එක කනවයි කියන එක. මම ඒ ගැන කතා කරන්නයි හැදුවෙ.
මොකක්ද මේ කියන ෆීල්ඩ් එක? අපි දැනට වෙඩින් විතරක් ගැන කතා කරමුකො. එහෙනම් ෆීල්ඩ් එක වෙඩින්, wedding photography
මේකට මොනවද ඕනෙ. විවාහවෙන යුවලක්. එතකොට ශිල්පියාට මොනවද ඕනෙ? ඌට මුකුත් ඕන්නෑ. කැමරාවක්? කුලියට ගත්තැකිනෙ. අඩුම තරමෙ ඇස් පේන්නවත් ඕන ඇතිනෙ. පිස්සුද ඔය ඕන තරම් ස්ටූඩියෝකාරයො ඉන්නෙ තමන්ගෙ නම විකුනලා ගෝලයො යවලා වැඩ කරගන්න උන්. එහෙම බැලුවම මේ ෆීල්ඩ් එකට මොනාද ඕනෙ?
සුදුසුකම් ? නැ. මේ ලංකාව බන් 😂😂
එතකොට මේ අපේ අයියලා ෆීල්ඩ් එක කනවා කියලා කියන එක ගැන අහන්න දෙයක්ද. ඇත්තටම ඔය දේවල් නිසා කෙනෙක් ෆීල්ඩ් එකෙ උන්නතිය ගැන වද වෙනවනම් කිසි ප්‍රශ්ණයක් නැ . වද වෙන්නත් ඕන. කවුද කැමති දෙන්නෙක්ගෙ ජීවිතයේ ලස්සනම දවසෙ කොහෙවත් යන මෙලෝ රහක් නැති අපතයෙක්ට දීලා අවුල් කරගන්නවට.
ඒ උනාට අපෙ අයියලා කතා කරන්නෙ ඕවා ගැන නෙමෙයිනෙ. අපෙ කට්ටිය වදවෙන්නෙ අනික් එකාගෙ පැකේජ්වල ගාන ගැන.
ඔන්න මනුස්සයෙක් ඉන්නවා. හැකියාවත් තියනවා. වැඩත් එනවා. සල්ලිත් ලැබෙනවා. ටික ටික බඩු භාන්ඩ යාන වාහනත් ජීවිතේට එකතුවෙනවා. හිටියට වඩා හොඳට කනවා බොනවා අඳිනවා. ඒවා වෙන්න ඕන දේවල් ඇත්තෙන්ම. නමුත් ටික කලක් යද්දි ෆීල්ඩ් එකට අලුත් මිනිස්සු එනවා. ඒ එන හැමකෙනාම සුපිරු වැඩ්ඩො නෙමෙයි. සමහරු හොඳ වෙන්න පුලුවන්. ටික ටික වැඩ බෙදෙන්න ගන්නවා. ඒ කියන්නෙ ආපු වැඩ දැන් අඩුවෙන්න ගන්නවා.
ඔන්න රත්වෙන තැන . අර බඩු ගනිද්දි දීපු චෙක්වලට සල්ලි දාන්නත් ඕනා. වාහන ගනිද්දි ෆිනෑන්ස් ගහපුවට ගෙවන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි අලුතෙන් එන එන ඒවා ගන්නත් ඕනෙ නැත්තං රැල්ලට
යන්න බෑනේ.
ඔන්න ඔය අස්සෙ දකිනවා තව එකෙක් තමන්ට වඩා අඩුවට වැඩ කරනවා. සමහරවිට ඌ හොඳ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. ඒවා අදාලම නැ. ගාණ අඩුයිනෙ. ඔන්න ෆීල්ඩ් එක ගැන මවාගත්ත ආදරය එලියට එනවා. කොටි නැගිටිනවා වගේ සීන් එකක් තමයි මේක. නොකියා කියනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක් උනාම මේවා තියෙන්න ඕනේ අරක තියෙන්න ඕනෙ. ස්ටූඩියෝ එකක් තියෙන්න ඕනෙ. ජපන් කාර් එකක් තියෙන්න ඕනෙ , ජර්මන් නම් වඩා හොඳයි. උන්ගෙ මතේ අනුව ඇල්ටො එකෙ එන ගෙදරම කාමරයක් හදලා ස්ටූඩියෝ එකක් කරන් යනවනම් ඒක සුදුසු නෑ. කැමරාව තිබිලා ඕනම ලෙන්ස් ටික තිබිලා අමතර දේවල් කුලියට ගන්න ඔට්ටු නැ. මෙන්න මේවා තමයි ස්ටෑන්ඩර්ඩ් කියන ශිල්පියාට තියෙන සුදුසුකම් ( අරගොල්ලො කියන විදියට ) . ඒ අතරෙ තමන්ගෙ පැකේජ් එක තමයි හරි ගාණ ඊට අඩු වෙන්නනම් බෑ වගේ මතේකුත් ලාවට ගෙනියනවා. ක්ශේත්‍රයෙ තියන ඒකාධිකාරය තමන්ගෙ අතින් ගිලිහෙද්දි වෙනදා වැටිච්ච ලයික් ගාන කමෙන්ට් ගාන නැතිවෙද්දි බය හිතෙන එක එක අතකට සාධාරණයි. මම මුලින්ම කිව්වත් වගේ හැමෝම ජීවත්වෙන්නනෙ මේවා කරන්නෙ.
මමනම් හිතන්නෙ කෙනෙක් ජීවත්වෙන්න ඕන මට්ටම තීරණය කරන්නෙ තමන්. හැමෝම ඉහලටයන්න ආසයි. නමුත් ඒ ඉහල යන්නෙ කොතරම් වේගෙකින්ද කියන එක තීරණය කරන්නෙ වෙන කෙනෙක් නෙමෙයිනෙ. තමන්ගෙ අතට එන සල්ලි වියදම් කරන විදිය තියෙන්නෙ තමන්ගෙ අතේ.
එතකොට ඇත්තටම ෆීල්ඩ් එක කන්නෙ නැද්ද කවුරුවත් ? අපො ඉන්නවා. කවුද කන්නෙ. ඒක හොයාගන්න ඕනෙ ඒගොල්ලො ගාවට යන අය මිසක් ෆොටෝ ගන්න කෙනා නෙමෙයි. ගිහිල්ලා කුඩුකරන්නයෑ 😂
තමන්ගෙ වෙඩිම බැරිනම් ඕන දෙයක් කරගන්න යනවනම් හොයල බලන්න ඒ පුද්ගලයා ගැන. බලන්න එයා කරපු වැඩ ටිකක්. වටින් ගොඩින් විපරම් කරල බලන්න පොලුකාරයොද කියල. වැඩ අරන් ෆොටෝ නැති උනා කියනවද කියල. ඒ වගේම ඒ ගානට වැඩ කරන අනික් අයගෙ වැඩ කොහොමද කියන එකත්. මොකද කියනවනම් වෙන්න ඕන ලොකුම විනාසෙ උනාට පස්සෙ සල්ලි ආයෙ අරන්වත් සොරි කියලවත් වැඩක් නැ. කියන කියන එකට ගොනාට ඇඳගන්න කලින් හොයලා බලන එක කපල් එකෙ වැඩක් මිසක් සමාජයෙ වැඩක් නෙමෙයි.
අනික සල්ලි පස්සෙ දුවන්නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ඒගොල්ලන්ට වැඩත් තියනවා. ඒ මිනිස්සු හෙට එන්න තියන සල්ලි අද වියදම් කරන්නෙත් නැ. පල්ලෙහා ඉන්න එකෙක්ට අත දෙනව මිසක් උන්ට බයේ කනවෝ කනවෝ කියල කෑගහන්නෙත් නැ. පස්සෙ එහෙන් මෙහෙන් ආරංචි වෙලාත් තියනවා සමහර ඔය ෆීල්ඩ් එකෙ උන්නතිය ගැන කියවන අය වැඩේට යන ගෝලයට මාලුපාන් එකට එහා දෙයක් දෙන්නෙත් නෑලු......
ආපහු කියන්නෙ ෆීල්ඩ් එක කන උන් ඉන්නවා. හැබැයි උන්ව ජීවත් කරන්නෙ ක්ලයන්ට් මිසක් වෙන කවුරුවත් නෙමෙයි.
අදහස් සඳහා විවෘත්තයි.
![]() |
| කොච්චර උනත් ඇහැ කියන්නේ කැමරාවට වඩා ගොඩක් ඉහලින් තියන දෙයක් |
![]() |
| Canon 7D mk2 කැමරාවේ ෆෝකස් පොයින්ට් පැතිර ඇති ආකාරය |
![]() |
| Sony A6300 කැමරාවේ ෆෝකස් පොයින්ට් පැතිරී ඇති ආකාරය |
මේක කෙලින්ම සම්බන්ධයි සෙන්සරේ සයිස් එකට. සෙන්සර් එක ෆුල් ෆ්‍රේම් එකක්නම් අපි දාන ලෙන්ස් එකේ තියන focal length එකම අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි දාන ලෙන්ස් එක 300mm එකක්නම් අපිට ලැබෙන්නේ 300mm ලෙන්ස් එකක දර්ශන කෝනයම තමයි. නමුත් අපි පාවිච්චි කරන්නේ APS-C සෙන්සර් ( crop sensor )එකක්නම් එතකොට ඒ ලෙන්ස් එකේන් ලැබෙන දර්ශනය එහි Focal length එක වගේ 1.5* වැඩි වෙනවා. ඒ කියන්නේ 450mm . කැනන් වලදිනම් මෙය 1.6mm කින් වැඩිවීමක්. පැහැදිලිව කියනවනම් වැඩියෙන් සුම් වෙලා වගේ පෙනෙනවා.
ෆ්ලෑශ් එකක් ගනිද්දි ගොඩක් අය හොයන දෙයක් තමයි ඒකේ Guide Numberඑක. මේකෙන් අපි මනින්නෙ ෆ්ලෑශ් එකෙන් කොපමන දුරකට ආලෝකය විහිදෙනවද කියන එක. ඒක එක එක ෆ්ලෑශ්වල එකඑක විදියට දක්වලා තියෙන්න පුලුවන්.
පාදම Pinout
පහල තියන පින් ගැන කතා කරනවනම්, මේවවලින් තමයි කැමරාවයි ෆ්ලෑශ් එකයි අතර දත්ත හුවමාරු කරන්නෙ. කැමරාවෙ තියන exposure එක ගැන වගෙම ෆ්ලෑශර් එක ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව ගැන කරන දැනුම්දීම් කරන්නෙ මේවා හරහා තමයි. තියන pin ප්‍රමාණය සහ pattern එක අනුව අපිට ෆ්ලෑශ් එක ගැන යම් අදහසක් ගන්න පුලුවන්. තනි පින් එකක් එනවනම් ඒක අනිවාර්යයෙන්ම ttl නැති ෆ්ලෑශ් එකක්. ඒකෙන් වෙන්නෙ කැමරාවෙන් කියන වෙලාවට ෆ්ලෑශ් එක යවන එක විතරයි. කැනන්වලනම් මැද තියන ප්‍රධාන පින් එකට අමතරව තව හතරකුත් නිකොන්වල මැද තියන එකට අමතරව තව තුනකුත් තියනවා.....
අදෝරක්ත කිරණයක් මාර්ගයෙන් කැමරාවට දුරින් තියන ෆ්ලෑශ් එකක් ක්‍රියාත්මක කරන එක තමයි මෙතනදි