මේ තමයි මම ලියපු පොඩිම පොස්ට් එක. මට මේ පොස්ට් එක ලොකු කරගන්න ඕන කියවන අයගේ අදහස් එක්ක. මට ඕන කතිකාවතක් ගොඩනගාගන්න ...........
එන්න අපි ටිකක් කතා කරමු!
මිනිස්සු තමන්ගේ හැකියාව හොයාගෙන විකුනනවා, හැකියාව හොඳනම් හොඳට විකිනෙනවා ! ඔහොම කාලයක් විකිනෙද්දී තමන්ගේ වටා පාරිභෝගිකයෝ විශාල ගණනක් හැදෙනවා. එහෙම හැදුනම තවදුරටත් තමන් විකිනෙන්න ඕන නැ කියලා හිතෙනවා. අන්න එතනට ආවම ඒගොල්ලෝ තමන්ව විකුනනවා වෙනුවට හැකියාව නිසා තමන්ගේ උඩට ආපු නම විකුනනවා. එහෙම විකුනලා කාලෙකට පස්සේ තමන් විසින්ම තමන්ව විකුනන්නේ නැතුව තමන්ගේ නම විකුනන්න අනුන්ට බාර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොක්කගේ නම විකුනලා ලොක්කාට සල්ලි හොයලා දෙනවා. ඔහොම විකුණගෙන විකුණගෙන යද්දී අර මුලින් පාවිච්චි කරපු වචනේ අමතකත් වෙනවා. මොකක්ද වචනේ, "හැකියාව" , ඒ දැන් තමන් විකුනන්නේ තමන්ගේ නම නිසා, එකත් තමන් විකුනන්නේ අනුන් ලවා නිසා ! ඒ විකුනන්නෙත් *** ගණන් වලට.අඩුම තරමේ ඔය කාලය එද්දී පාරිභෝගිකයන්ට මතකත් නැ "යකෝ අපි මේ ගන්නේ බොරුවට ලේබල් එකක් ගහපු අනුන්ගේ ***නේ ( * යනු සම විටම කුණුහරප නොවේ ) කියලා. එහෙම මතක් වෙච්ච කාලෙක ආපහු ඒගොල්ලෝ ආපහු මුලදී වගේ තමන්වම මාකට් කරන ඔරිජිනල් කෙනෙක්ව හොයන යනවා ! ඒ වෙද්දී සමහරවිට අර වෙන කෙනෙක් යටතේ ලොකු නමක් මාකට් කල පොඩ්ඩෝ තමන්වම මාකට් කරන්නත් පටන් අරන්. කන්දකට නග්ගනම් පැල්ලමක් බහින්නත් වෙනවා! අර ලොක්කෝ ඒ වෙද්දී හැකියාව මොට වෙච්ච පරණ කෝට් වෙලා.
මේක ලියන්න හිතුනේ ඒ වගේ ඊයේ මුණගැහුණු පරණ කෝට් එකක් නිසා. ඒ උනාට ඒ පරණ කෝට් එකේ නම නොකියන්නේ මිනිහා ෆීල්ඩ් එකට කලකට ඉහතදී ලොකු සේවයක් කල බවට තේනුවර සර් කොහෙදිහරි කියලා තිබුනා මතක නිසා.
"ඇත්තමයි මල් පරවෙනවා"
ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !
Showing posts with label ජීවිතය විඳින්න. Show all posts

Thursday, February 12, 2015
Sunday, February 1, 2015
හරියට අල්ලමු... ^_^ (01 හිටගෙන ගහමු)
ආයෙත් සෑහෙන කාලෙකින්..
ලියන්න කම්මැලි කමද.. නැත්තම් අනේ මංදා..
නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.
දැන් නම් රට්ටු ලෝකයා ලඟ අම්බානට DSLR වෙඩිමකට ගියත්..
කොහේ හරි ඇවිදින්න ගියත්.. අම්බානට තීන්නේ එව්වා තමා..
ඇත්තම කියනවා නම් දැන් මේක Trend එකක් වෙලා
ඒත් ඔය බහුතරය කැමරා අල්ලන හැටි දැක්කම..
අනේ මංදා ඉතින්..
අන්න ඒ නිසා හරියට කැමරාව අල්ලන්න ඉගෙන ගමු..
දැනට අපි අතරේ ඉන්න ගොඩක් දෙනා කැමරා අල්ලන්නේ මෙන්න මේ විදිහට..
මේ තියෙන්නේ නිවැරිදි ක්‍රමය....
වමතින් කැමරා කාචය.. (ලෙන්ස් එක)ත්..
දකුණතින් කැමරාවත් අල්ලමු..
දකුණතින් සෙටින්ස් හදාගන්න ලේසයි..
(මොකද කැමරාවල ශටර් බොත්තම, ඇතුලු ෆන්ෂන් බටන් සියල්ලම වගේ තියෙන්නේ ඔය පැත්තේ..
වමත් කැමරා තියේලු ලෝකේ.. ඒත් මං නම් දැකලා නෑ )
වමත පාවිච්චි කරලා සූම් කරන්න පුලුවන්.. (ෆෝකස් කරන්න දෙයන් කෑ AF තියේ නේ..)
ආහ් කියන්න අමතක උනා..
මේ අත් දෙකම ඇගට හේත්තු වෙලා තියෙන්න ඕනේ
(මේක ටිකක් මුලදී අවුල් තමා.. ඒත් පුරුදු උනාම හොදා..)
මොකද එතකොට කැමරාව හොදට ස්ටේබල්.
හෙල්ලෙන්නේ නෑ ලේසියකට
(IS, VR තියේ තමා ඒත්.. ගහලාම බලහල්ලා කෝ..)
ටිකක් දිග බරින් වැඩි ලෙන්ස් එකක් පාවිච්චි කරනාව නම් (ගොඩක්ම ඔය ලොකු ලොකු ප්‍රයිම් ලෙන්ස්) නිකන් 300mm වගේ.. (600mm එකක් නම් අමාරුයි :v ) ඔය උඩ කියලා තියෙන ක්‍රමයට නිකන් අමාරුයි වගේ නේ..
ඔය දැන් උඩ කියලා තියෙන්නේ තිරස් ආකාරයට නේ ..
සිරස් ආකාරයට පින්තුර ගන්න කොටත් උඩ කියලා තියෙන විදිහටම පින්තුර ගතෑකි..
පාද තබාගත යුතු ආකාරය..
කකුල් දෙක ටිකක් සුරස් කරන්න..
ඒක පියවරක දුරක්..
වම් කුකුල ඉස්සරහටත්
දකුණු කකුල පස්සටත් එන විදිහට
කැමති නම් දකුණු කකුල ඉස්සරහට තියලා බලන් කෝ..
වෙනසක් තේරෙයි..
වම හොදා..
අදට ඇති වගේ..
ආයිත් දවසක වාඩි වෙලා ගහන හැටි ඇතුලු අල්ලන ක්‍රම ඉගෙන ගමු..
ජය වේවා..

![]() |
| හරියට අල්ලන විදිහ |

මෙන්න මේ ක්‍රමයත් හරි..
මේකේ තියෙන අවුල තමා ඉතින්
කියන්න ඕනෙ නෑ නේ. .
(ෆෝකල් ලෙන්ත් එක මාරු කරන්න බෑ)
ඔය දැන් උඩ කියලා තියෙන්නේ තිරස් ආකාරයට නේ ..
සිරස් ආකාරයට පින්තුර ගන්න කොටත් උඩ කියලා තියෙන විදිහටම පින්තුර ගතෑකි..
පාද තබාගත යුතු ආකාරය..
මේක ඉතාම වැදගත් මොකද අපි පොලොවේ පය ගහලා ඉන්න
විදිහ මත තමා ඔය උඩ කියලා තියෙන ක්‍රම සාර්ථක වෙන්නේ
කකුල් දෙක ටිකක් සුරස් කරන්න..
ඒක පියවරක දුරක්..
වම් කුකුල ඉස්සරහටත්
දකුණු කකුල පස්සටත් එන විදිහට
කැමති නම් දකුණු කකුල ඉස්සරහට තියලා බලන් කෝ..
වෙනසක් තේරෙයි..
වම හොදා..
අදට ඇති වගේ..
ආයිත් දවසක වාඩි වෙලා ගහන හැටි ඇතුලු අල්ලන ක්‍රම ඉගෙන ගමු..
ජය වේවා..
ප/ලි. ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත්තේ..
Saturday, November 16, 2013
එයයි මමයි
මේක ඇත්තටම අහම්බයක්. මම සාමාන්‍යයෙන් දෙයක් පස්සේ එලවන කෙනෙක් නෙමෙයි. එත් ඇයි දන්නැහැ එක දෙයක් කරන්නම ඕන කියල මගේ හිතට ආවේ. ඒ දෙය මම කලා, ඒ නිසා මට දෙයක් ලැබුනා. සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි වලින් මනින්න පුළුවන් දෙයකුත් නෙමෙයි. අද මම ඒ දෙය ලබන්න වාසනාවන්ත වෙලා තිබෙනවා. අහම්බෙන් ලැබුණු අවස්තාවක් නිසා ...........
දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා fb ලොග් වෙලා ඉන්නකොට මම දැක්කා පරිගණක උදව් Facebook කණ්ඩායම පොස්ට් එකක් දාල තියනවා කොහෙදමන්දා ඩොටේ තියන ඉස්කෝලෙකට ( මට ඔය නම් ගම ම්මතක හිටින්නේ නැනේ ) කම්පියුටර් ලැබ් එකක් දෙන්න යනවා කියලා. ඉතින් මටත් නිකමට වගේ ආසාවක් ඇති උනා පුළුවන් විදියකට ඕක වෙනුවෙන් යමක් කරන්න ඕනි කියනවා වගේ හැගීමක්.කොහොමහරි එහෙම මෙව්වා එකකුත් ආවයි කියමුකෝ. තාප්පෙටම කෙලියා වගේ මගේ කම්පියුටර් එකත් කැඩුනා. කොහොමහරි වොරන්ටි තිබුන නිසා වොරන්ටි ක්ලෙම් වෙලා එද්දී ඉතින් මට ඕක මතකත් නැති තරම්. මොකද කියනවනම් 2012 කාලේ ලංකාවට එච්චර ආශ්චර්යේ පේන්නෙත් නැතිකොට මටත් එච්චර වැඩක් කරගන්න බැරි ෆෝන් එකක් නැති එකේ ඔන්න ඕක අමතක වෙලා වගේ ගිය. කොහොමහරි සති දෙකකට විතර පස්සේ කම්පියුටරය හැදිලා එද්දී කිව්වත් වගේ ඕක මතකත් නැ .............
එකපාරටම වගේ දැක්කා අදාළ ගෘප් එකේ පොස්ට් එකක් දාලා තියනවා පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය බඩු එකතුකරලා ඉවරයි කියල. ඉතින් මම ඒ ගෘප් එකේ ඇඩ්මින් තැන වෙච්ච කැලුම් අයියගෙන් ඇහුවා මෙහෙම සිද්දියක් උනා දැන් මොකක්ද කරන්නේ කියලා. එතකොට කැලුම් අයියා කෙලින්ම කිව්වේ "මුකුත් ඕන නැ මල්ලි, එදාට එන්න කියල" කොහොමහරි කාලය ගිහින් ගිහින් ඔය කියපු එදා දවසත් උදාවෙන්න ලං උනා. ඔන්න එදා දවසට ඉස්සල්ලා දවසටත් ආවා. මමත් මගේ ගාව තිබ්බ පාවිච්චි නොකරපු Power Supply එකක් අරගෙන. මගේ කැමරාවත් ලෑස්ති කරන් හිටියා. කොහොමෙන් කොහොමහරි ෆෝන් එකේ බැටරිය බැහැලා එකත් ඔෆ් වෙච්ච එකේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මම නිදා ගත්තා 5.30ත කොටුවේ ඉන්න කියපු නිසා 4.00 විතර එලාම් එක තියලා..
ඔන්න උදේ පාන්දර කෝල් එකක් එනවා කැලුම් අයියාගෙන්. "මල්ලි කොහෙද ඉන්නේ?" . මම ඉතින් තාම ඇඳේ, වෙලාව බැලුවම 4.30යි . "තව පැයක් තියනවනේ , මම එන්නම්". "මොන පැයක්ද, දැන් 5.30යි , කරන්න දෙයක් නැ මල්ලි, අපිට බලන් ඉන්න බැ. අපි යනවා."කියලා කැලුමා කිව්වා. බලද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ඔෆ් වෙච්ච වෙලාවේ මොකක්හරි මගුලක් වෙලා වෙලාව එහා මෙහා වෙලා. මොනා කරන්නද ඉතින් කියලා මම ආපහු නිදාගන්න හිතුවත් හිතට මොකක්දෝ දැනුන නිසා ආපහු කැලුම් අයියට කෝල් කරලා බස් එක යන්නේ කොහේ හරහාද කියලා ඇහුවා. "නුගේගොඩ" කිව්වා. ආපෝ මහා එපාකරපු ගමක් කියලා මම අවුරුදු කීපයක අතීතෙට ඇදිලා ගියේ උදේ පාන්දර නැගිටගෙන ඒ ලෙවල් ක්ලාස් ආපු කාලේ මතක් වෙලා. "හරි මම පැය බාගෙකින් නුගේගොඩට එන්නම් කියලා (කොහොමත් පැය බාගෙන් නුගේගොඩට යන්න බැ මොරටුවේ ඉදන් , අනික ලෑස්ති වෙලත් නැතිකොට ) මම බාත්රුම් එකට දුවලා මුණකට හෝදගෙන ( බාගෙටද මන්දා ) එහෙම්මම ඇවිල්ල තාත්තවත් කුද්දගෙන එයාවත් ලෑස්තිකරගෙන මම බයික් එකට නැග්ගේ මිස්ටර් බීන් අර කොහෙද යනවා වගේ. ෂර්ට් එකේ එක බොත්තමක් දාගෙන කලිසමෙත් බෙල්ට් එක එල්ලන් කැමරා බැග් එකයි Power supply එකත් අරගෙන බයික් එකට නැග්ගා. ගාලු පාරෙන් පොඩ්ඩක් දුරින් හිටපු නිසා පාරට එනකම් බොත්තම් දම දමා බෙල්ට් එක තද කරකර ආවා. තාත්තත් හිතාගන්න බැරි වේගෙකින් ගෙදර ඉදන් නුගේගොඩට ආවා. කොහොම ඒමක් ආවද කියනවනම් මම හෙන බයේ හිටියේ ආපු ඒමට කොහෙහරි වැදුනානම් කිලෝ මීටර් කියක් දුරින් ආපහු බිමට වැටේවිද කියලා. කොහොමහරි විනාඩි 22න් අපි නුගේගොඩ. අපි එනකම් අපරාදේ කියන්න බැ බස් එකත් නවත්තන් හිටියා HNB එක තියන හරියේ විතර. බස් එකේ සුපුරුදු කීපදෙනෙක් වගේම නුපුරුදු බොහෝ දෙනෙකුත් හිටියා. ඔය අතරේ විශේෂ කෙල්ලෙකුත්.
එයා ටිකක් විශේෂයි වගේ, එච්චර අනික් අයත් එක්ක කතාවක් නැ වගේ. කුලැටියි . රෝස පාට චාම් සාරියක් ඇඳන් ඇවිල්ලා තිබුනෙත්. ලොකුවට කැමැත්තක් ඇති උනේ නැතුවට පොඩි විශේෂත්වයක් දැනුනා. අනේ මන්දා මොකක්ද කියලා. කොහොමහරි අපි යන්න ඕන තැනටත් ගියා . පරිගණක උදව් Facebook කණ්ඩායම මගින් සිදුකරන ලද මැදගංඔය , ශ්‍රී ධම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ ප්‍රජාසත්කාරය තමයි වැඩේ. වචනයක්වත් කතා නොකරපු එකේ මට දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තිබුනේ මෙයා එක්ක ටිකක් කතා කරන්න. මෙයා කිව්වේ මම ඒ වෙද්දිවත් එයාගේ නමවත් නොදන්නා නිසා. කොහොමහරි මම වැඩේට ගිහිල්ලා මට පුළුවන් විදියට ෆොටෝ ටික ගත්තා. කතා කරන්නත් ටිකක් බයයි වගේ, ඇයි යකෝ මෙකි තාම අත දරුවා වගේ අම්මගේ අතේ එල්ලිලාමනේ ඉන්නේ. කොහොමහරි ඔන්න පොඩි වෙලාවක් ලැබුනා
කෙල්ල තනියම ඉන්න ( අම්මා නැතුව ) මම ලංකලා. ලන්වෙනවත් එක්කම මගේ ඇහැට පොඩි ලමෙක්ව අහු උනා. මටත් නොදනිම මගේ ජම්ම ගතිය ඇවිල්ලා, ඔන්න ඕකි යකාට ගියදෙන් ෆොටෝ එක මිස් කරගන්න බැ කියලා මම ගිහින් හිතේ අන්දිච්ච ෆොටෝ එක ගත්තා. ආපහු මතක් වෙලා බලද්දී කෙල්ල නැ. ඔන්න ඕක තමයි මමයි කැමරාවයි අතර තිබ්බ මෙව්වා එක. ඔන්න කොහොමහරි ගිය වැඩෙත් ඉවරයි.මමත් ටිකක් ඇවිදින්න ගියා ෆොටෝ ටිකක් ගන්න මොන මොනවහරි වටපිටාවේ තියන දේවල්වල. මෙන්න මම ගිහින් එද්දී අර සාරි ඇඳන් හිටපු අක්කලා, අම්මලා, ඇන්ටිලා ඔක්කොම Denim වලට බැහැලා. මට නිකන් කොයිල් වගේ වගේ. මුන් නිකන් වෙඩින් එකේ ගොයින් අවේ ( ගොන් අවේ) මාරු කරලා වගේනේ කියල මට හිතුනා. ෆොටෝ එකක් ගන්නත් හිතුනා, එත් එකත් මිස් උනා. ටික වෙලාවකින් ආපහු අර කෙල්ලව මම දැක්කා. සෝයි අනේ එයා තවම සාරියෙන්. දැන්නම් මට නිකන් ආසයි ආසයි වගේ.කොහොමහරි එදා දවස ගෙවිලා ගියේ වචනයක්වත් කතා නොකර. එයා යද්දී "බායි" කියලා ගියා වගේ මතකයි ලාවට ලාවට.........
පස්සේ දවසක දැනගන්න ලැබුනා එයාගේ නම නිලීකා කියලා.
ඔය සිද්දිය වෙලා අදට අවුරුද්දකටත් වැඩියි . එක උනේ 2012 ජුලි 16 වෙනිදා........
අද 2013 නොවැම්බර් 16 වෙනිදා.....
අදට එයයි මමයි ආදරය කරන්න පටන් අරන් මාස හයක්.
හුගාක් දේවල් සිද්ද උනා දෙන්නගෙම ජීවිතවල.... හැමදේම අදවගේ මතකයි. හුගාක් ආදරෙන්...
මේ තමයි එයා ලියන අපේ ආදර කතාව....
එකපාරටම වගේ දැක්කා අදාළ ගෘප් එකේ පොස්ට් එකක් දාලා තියනවා පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය බඩු එකතුකරලා ඉවරයි කියල. ඉතින් මම ඒ ගෘප් එකේ ඇඩ්මින් තැන වෙච්ච කැලුම් අයියගෙන් ඇහුවා මෙහෙම සිද්දියක් උනා දැන් මොකක්ද කරන්නේ කියලා. එතකොට කැලුම් අයියා කෙලින්ම කිව්වේ "මුකුත් ඕන නැ මල්ලි, එදාට එන්න කියල" කොහොමහරි කාලය ගිහින් ගිහින් ඔය කියපු එදා දවසත් උදාවෙන්න ලං උනා. ඔන්න එදා දවසට ඉස්සල්ලා දවසටත් ආවා. මමත් මගේ ගාව තිබ්බ පාවිච්චි නොකරපු Power Supply එකක් අරගෙන. මගේ කැමරාවත් ලෑස්ති කරන් හිටියා. කොහොමෙන් කොහොමහරි ෆෝන් එකේ බැටරිය බැහැලා එකත් ඔෆ් වෙච්ච එකේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මම නිදා ගත්තා 5.30ත කොටුවේ ඉන්න කියපු නිසා 4.00 විතර එලාම් එක තියලා..
ඔන්න උදේ පාන්දර කෝල් එකක් එනවා කැලුම් අයියාගෙන්. "මල්ලි කොහෙද ඉන්නේ?" . මම ඉතින් තාම ඇඳේ, වෙලාව බැලුවම 4.30යි . "තව පැයක් තියනවනේ , මම එන්නම්". "මොන පැයක්ද, දැන් 5.30යි , කරන්න දෙයක් නැ මල්ලි, අපිට බලන් ඉන්න බැ. අපි යනවා."කියලා කැලුමා කිව්වා. බලද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ඔෆ් වෙච්ච වෙලාවේ මොකක්හරි මගුලක් වෙලා වෙලාව එහා මෙහා වෙලා. මොනා කරන්නද ඉතින් කියලා මම ආපහු නිදාගන්න හිතුවත් හිතට මොකක්දෝ දැනුන නිසා ආපහු කැලුම් අයියට කෝල් කරලා බස් එක යන්නේ කොහේ හරහාද කියලා ඇහුවා. "නුගේගොඩ" කිව්වා. ආපෝ මහා එපාකරපු ගමක් කියලා මම අවුරුදු කීපයක අතීතෙට ඇදිලා ගියේ උදේ පාන්දර නැගිටගෙන ඒ ලෙවල් ක්ලාස් ආපු කාලේ මතක් වෙලා. "හරි මම පැය බාගෙකින් නුගේගොඩට එන්නම් කියලා (කොහොමත් පැය බාගෙන් නුගේගොඩට යන්න බැ මොරටුවේ ඉදන් , අනික ලෑස්ති වෙලත් නැතිකොට ) මම බාත්රුම් එකට දුවලා මුණකට හෝදගෙන ( බාගෙටද මන්දා ) එහෙම්මම ඇවිල්ල තාත්තවත් කුද්දගෙන එයාවත් ලෑස්තිකරගෙන මම බයික් එකට නැග්ගේ මිස්ටර් බීන් අර කොහෙද යනවා වගේ. ෂර්ට් එකේ එක බොත්තමක් දාගෙන කලිසමෙත් බෙල්ට් එක එල්ලන් කැමරා බැග් එකයි Power supply එකත් අරගෙන බයික් එකට නැග්ගා. ගාලු පාරෙන් පොඩ්ඩක් දුරින් හිටපු නිසා පාරට එනකම් බොත්තම් දම දමා බෙල්ට් එක තද කරකර ආවා. තාත්තත් හිතාගන්න බැරි වේගෙකින් ගෙදර ඉදන් නුගේගොඩට ආවා. කොහොම ඒමක් ආවද කියනවනම් මම හෙන බයේ හිටියේ ආපු ඒමට කොහෙහරි වැදුනානම් කිලෝ මීටර් කියක් දුරින් ආපහු බිමට වැටේවිද කියලා. කොහොමහරි විනාඩි 22න් අපි නුගේගොඩ. අපි එනකම් අපරාදේ කියන්න බැ බස් එකත් නවත්තන් හිටියා HNB එක තියන හරියේ විතර. බස් එකේ සුපුරුදු කීපදෙනෙක් වගේම නුපුරුදු බොහෝ දෙනෙකුත් හිටියා. ඔය අතරේ විශේෂ කෙල්ලෙකුත්.
එයා ටිකක් විශේෂයි වගේ, එච්චර අනික් අයත් එක්ක කතාවක් නැ වගේ. කුලැටියි . රෝස පාට චාම් සාරියක් ඇඳන් ඇවිල්ලා තිබුනෙත්. ලොකුවට කැමැත්තක් ඇති උනේ නැතුවට පොඩි විශේෂත්වයක් දැනුනා. අනේ මන්දා මොකක්ද කියලා. කොහොමහරි අපි යන්න ඕන තැනටත් ගියා . පරිගණක උදව් Facebook කණ්ඩායම මගින් සිදුකරන ලද මැදගංඔය , ශ්‍රී ධම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ ප්‍රජාසත්කාරය තමයි වැඩේ. වචනයක්වත් කතා නොකරපු එකේ මට දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තිබුනේ මෙයා එක්ක ටිකක් කතා කරන්න. මෙයා කිව්වේ මම ඒ වෙද්දිවත් එයාගේ නමවත් නොදන්නා නිසා. කොහොමහරි මම වැඩේට ගිහිල්ලා මට පුළුවන් විදියට ෆොටෝ ටික ගත්තා. කතා කරන්නත් ටිකක් බයයි වගේ, ඇයි යකෝ මෙකි තාම අත දරුවා වගේ අම්මගේ අතේ එල්ලිලාමනේ ඉන්නේ. කොහොමහරි ඔන්න පොඩි වෙලාවක් ලැබුනා
![]() |
| ඒක තමයි මේක |
පස්සේ දවසක දැනගන්න ලැබුනා එයාගේ නම නිලීකා කියලා.
ඔය සිද්දිය වෙලා අදට අවුරුද්දකටත් වැඩියි . එක උනේ 2012 ජුලි 16 වෙනිදා........
![]() |
| එදා අපි දෙන්නා ඇඳ පැලද හිටියේ මෙහෙමයි. මේක ගත්තේනම් හැබැයි එදා නෙමෙයි |
අද 2013 නොවැම්බර් 16 වෙනිදා.....
අදට එයයි මමයි ආදරය කරන්න පටන් අරන් මාස හයක්.
හුගාක් දේවල් සිද්ද උනා දෙන්නගෙම ජීවිතවල.... හැමදේම අදවගේ මතකයි. හුගාක් ආදරෙන්...
මේ තමයි එයා ලියන අපේ ආදර කතාව....
Friday, April 19, 2013
මමයි මගේ බෝතලයයි
දවස
මට මතක නෑ ඕයි, හිටහං බලලම කියන්න එක්කො............ @ ෆොටෝ බැකප්කල ඩීවීඩී තොගය හොයමින්............... හරි හොයාගත්තා. දිනය 2012 ජනවාරි 19
ඒ කාලේ මට තිබුනෙ Nikon D5000 එකයි , SunPack PZ42x කියන ෆ්ලෑශර් එකයි. එදා මට වෙඩිමක්. අපිට ඉතින් පට්ට කෑලිවල වෙඩින් කරන්න ලැබෙන්නෙ නැති තරම්. ඒත් අපරාදෙ කියන්න බැහැ හම්බුනු හැමෝම වගේ හිත හොඳ මිනිස්සු. බොහොම පොඩි පවුලක චාමෙට ගන්න විවාහ උත්සවයක් ෆොටෝ ගන්න තමයි මට යෙදිලා තිබුනේ........... හරි ඉතින් ෆොටෝ ගත්තා. ඉවරයි :P
මේ ලියන්නෙ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කියල හිතනවනම් "ඔබ හරි" . මූ දන්න වෙඩින් ෆොටෝග්‍රැෆි. අම්මපා සත්තයි මේ ලියන්නෙ වෙඩිමක් ගැනනම් නෙමෙයි. කොහොමහරි ගෝලයයි මමයි ගියා. අන්තිමට වීඩියෝ කරන්න ආපු කෙනාගෙ ගෝලයට මොකක්හරි වෙලා මම තනියම මගේ වැඩේ කරන්න ගත්තා. මම කැමති නෑ එක මොහොතක්වත් අත ඇරගන්න. ඒ නිසා කැමරාව මගේ අතේමයි. කොහොමෙන් කොහොමහරි කෑවෙත් නෑ. එතරම්ම වැඩ. වෙඩිමත් ඉවරයි. අන්තිමට මනමාලයට දැනගන්න ලැබිලා මම කෑවෙත් නැතිබව. ඔක්කොම වැඩ ඉවර කලාම මිනිහා මට දුන්නා බ්‍රව්න් පේපර් එකක ඔතලා මොකක්ද දෙයක්. ටිකක් බරයි. යා...... ගල් බෝතලයක් :D
මටත් පට්ට හැපි. තෑග්ගෙ වටිනාකම (මිල) නිසාවත්, වැටෙන්න ගහන්න පුළුවන් නිසාවත් නෙමෙයි. මාව සහ මගේ ක්‍රියාව ඇගයීමකට ලක්වුනා කියල මට හිතුන නිසා. දැන් උඹලට ධර්මය දෙසාබාන්න ඕනනම් යට තියනව Comment කරන තැන..... මමත් ගෙදර ආපු ගමන් තෑග්ග පෙන්නුව අම්මට. අම්මා මුකුත්ම කිව්වෙ නෑ. බොන්න බැරි වඩු පරම්පරාවකින් ආවත්, නොබොන වටපිටාවකම හැදුන හරිම කීකරු කොල්ලා නිසා නෙමෙයි අම්මා මුකුත් නොකිව්වෙ. මම කවුද කියන එක ගැන අම්මා දන්න නිසා. එදා ඉඳන්ම මේ බෝතලේ මගෙත් එක්ක එකට නිදාගන්නෙ, හැබැයි මම ඇඳ උඩ, බෝතලේ ඇඳ යට.
ඔන්න 2012 ජනවාරි 19 වෙනිදා ඉඳලම සංශුද්ධ ගල් බෝතලයක් මගේ ඇඳ යට. දැන් උඹලට හිතෙනව ඇති. මේ වගේ
ඇඳයි
බ්‍රවුන් පේපර් එකක ඔතපු ගල් බෝතලයයි
ගල් බෝතලයයි
ගල් බෝතල් තුන්කාලයි
ගල් බෝතල් බාගයයි
ගල් බෝතල් කාලයි
හිස් ගල් බෝතලයයි
කැරකෙන ඇඳයි
............
ආච්චිගෙ රෙද්ද
තාමත් බ්‍රවුන් පේපර් එකෙ ඔතපු ගල් බෝතලේ එහෙම්මමයි. (අද 2013-04-19)
ජීවිතේ ඔහේ ගලාගියා නෙමෙයි. බීලා ෆන් ගන්න උන්ව නොදැක්කත් නෙමෙයි. ලොකු ලොකු ෆොටෝග්‍රැෆර්ලා වැඩවලට ගියාම ඕවා තොලගානවා මම දැක්කා. බීලා ලස්සනට ෆොටෝ ගන්නවත් මම දැක්කා. ඒක REP එකක් වගේ සමහරු නොදැක්කත් නෙමෙයි. බිව්වට පස්සෙ මාර පොරවල් සිරා ඩයල් වෙනව නොදැක්කත් නෙමෙයි. මට තරහා ආපු අවස්තා තිබුනා, සමහරවෙලාවලදි ගෙදර අයම නිසා වගෙම වෙන අය නිසාත්. මට දුක හිතුනු අවස්තා තිබුනා, හෙම්බත් වෙනකම්ම අඩන්න උන වෙලාවල් තිබුනා. පළවෙනි සහ එකම (අද වෙනතුරු) ආදරයෙන් පැරදුනා, වැටුනා, වැළපුනා............
දුක අමතකවෙන්න හරි මත්වෙන්න කියල බොන්න නොහිතුනා නෙමෙයි. නමුත් විස්වාසයක් තිබුනෙ නෑ බිව්වම ප්‍රශ්න අමතකවෙයි කියල. සමහරවිට බිව්වම අමතක වෙනව ඇති. ඒත් මම හිතන්නෙ මට ඕන විදියට. සමහරවිට බිව්වම සිරා ඩයල් වෙනව ඇති. ඒත් මම දැනටමත් දෙතුන්දෙනෙක්ටහරි සිරා පොරක් තමයි.
ඒ ඔක්කොටමත් වඩා මම දැක්කා මම වැටුනු වෙලාවෙ කී දෙනෙක්නම් මාව ගොඩගන්න ගිහින් මම නිසාම හිතින් වැටුනද කියන එක. මට ඕන උනේ නෑ තවත් නාස්තිවෙලා ඒගොල්ලන්ට තවත් දුකක් දෙන්න. ඇයි මං නාස්තිවෙන්නෙ? මේ දුක කවදහරි ඉවරවෙයි. නමුත් ඉවරවෙලා මම ආපහු හැරිලබලද්දි මට "මාවමවත්" ඉතුරුවෙලා තියෙන්න ඕන. බොන එක මහ දෙයක් වෙන්න බෑ...... නමුත් හොඳ සිහියෙන් ජීවිතේට මූනදෙන එක ගොඩක් වෙලාවලදි අමාරු දෙයක්. මම අවුරුද්දක් තිස්සෙ ඒක කරනව. ඔව්, අවුරුද්දක් තිස්සෙ ඒක කරනව බෝතලයක් අතේ දුරින් තියාගෙන................
දැන් උඹල එකෙක්හරි ඇවිල්ලා මගේ ඇඳ අස්සෙ අත දාලා අහුවෙයන්කො, සෙට් කරනව මළකඩ කාපු මී කතුරු තොපිලගෙ ******** (එක්කො ඕන්නෑ)
මම මේක ලියන්නෙ කෙනෙක් වෙනුවෙන්. එයානම් ගල් පාවිච්චිකරන එකක් නෑ. ඒත් මම තාමත් හිතන්නෑ බිව්වම විසඳුමක් ලැබෙයි කියල.................
නොබොන තරමට හොඳ අය ඔයා එක්ක ඉඳීවි (සමහරවිට)
සුබ දවසක්............................

| මේ තමයි ඒ බෝතලේ |
Thursday, March 21, 2013
මමයි මගේ කැමරාවයි
මුලින්ම ස්තූති වෙන්න ඕනේ සමීරයියට මට
මේකේ ලියන්න අවස්ථාව ලබා දීම ගැන..
ඔන්න මමයි මගේ කැමරාවයි,
මුලින්ම මම කවුද අනං මනං කියලා ඉන්නම්,
මම සුරේෂ් කෞශල්‍ය.., ගෙවල් ගාල්ලේ..
(ඒ ඇති වෙන කියන්න දෙයක් නෑ ලු :P )
මොලාදෙයක් නොදන්න චූ කොල්ල කාලේ ඉදලා
අපි හැමෝටම හීන තියෙනවා,
මට නම් එහෙම තිබ්බද මන්දා, මට මතක නෑ සිරාවටම, කමක් නෑ කියමු..
කැමරා... මේක තමා දැන් මගේ ලෝකේ ඉන්ටරෙස්ටින්ම
සබ්ජෙක්ට් එක ..
මීට චිරාත් කාලයකට පෙර (ඒ
කියන්නේ ගිය අවුරුද්දේ නැත්තම් 2011 විතර )
මමත් මෙලෝ දෙයක් නොකර උ.පෙ කරන කාලේ
බුකිය පුරා රොන්දේ ගහන කොට,
කොහෙන්ද මන්දා මාවත් photo talk
කියලා ගෘප් එකකට ඇඩ් වෙලා තිබුනා...
මමත් ඉතින් බැලුවා.. ෆුල් ආතල් ගොඩක්
උන් පින්තුර අරන් දානවා මාත් ඉතින් කමෙන්ට් දානවා..
ලයික් දානවා.. අන්තිමට බලන් ඉදල ඉදලා
මාත් බැරිම තැන ආතල් එකට කටුස්සෙක් ගේ පින්තූරයක් අරන් දැම්මා..
PS ටිකක් දැනන් උන්න නිසා ඒකෙන් ලේයර්
මූඩ් එක මාරු කරලා මොකක්ද අලයක් කරලා දැම්මා..
දැන් ඔන්න කමෙන්ට් එකක්, ලයික් එකක් වැටෙනකන් කට ඇරන් බලන් ඉන්නකොට .. පුදනකොටම කාපි යකා කියලා
සමීරයා.. දැම්ම කමෙන්ට් එකක්,
මොකක්ද බං මේ ,, මේක නිකන් අව්වට පිච්චිලා වගේ කියල..
මොනා කරන්නද මාත් පොඩි එකා නිසා කට
වහන් උන්න හැටි මට තාම මතකයි ;)
![]() |
| minolta riva af35 c |
ඒ කාලේ මං ලග තිබ්බේ fujifilm
finepix f40fd කියන කැමරාව..
ඒක ගැන කියනවා නම් ඇත්තටම ඒක හොද කැමරාවක් පවුටල්
පාවිච්චචියට (පින්තූර ටිකක් විතර කොලිටී ඉතිං..)
ඊය කලින් අපේ ගෙදර පාවිච්චියට කැමරා
දෙකක් තිබුනා..
මුල්ම එක ෆිල්ම් රොල් දාන එකක් minolta
riva af35 c කියලා.. එකෙන් තමා මම පින්තූරයක් ඉස්සලේලාම
ගත්තේ..
ගෘප් ෆොටෝ එකක්. .හැබැයි කකුල් නෑලු..
:) (හෙයාගන්න
පුළුවන් උනොත් දාන්නම් )
ඊලගට තිබුනා medion කියලා Digital camera එකකුත්..
ඒක තමා මං මුලින්ම පාවිච්චි කරපු
ඩිජිටල් එක..
![]() |
| medion Digital කැමරාව |
ඔන්න ඔහොම ටික කාලයක් ඉන්නකොට කැමරාවේ
ලෙඩක් ආවා..,
focusing error එකක්.. රෙද්ද.. කැමරාව හදන්නත්
බැලුවා..
කඩේට ගියහම රුපියල් වලින්ම තුන්දාහක්
විතර යයි කිව්වා.., #$%#$ මොකක්ද මංදා..
ඒ මදිවට තව වැඩි වෙන්න පුළුවන්
කිව්වා.. ගලවලා බලන්න රු 500ක් කිව්වා..
ඉතින් අසරණ මම ලබන ආත්මේ ඌ මගේ ලමයෙක්
වෙයන් කියලා හිතන් ගෙදර එන ගමන් ටූල් සෙට් එකක් අරන් ගෙදර ඇවිත් ගැලෙව්වා..
ගැලෙව්වාමයි.. තාම කෑලි ටික තැන තැන..
:)
(ඇම්ම තිබ්බට හැම එකම කරන්න යන්න හොද නෑ
කියලා එදා හිතාගත්තා.. ඒ උනාට බං මිදි රස බලන්න කන්නම එපැයි)
ඉතින් දැන්ආයේ ඔහෙම ටික කලක් යද්දී DSLR
එකක් ගන්න හතක් පහල උනා..
(කලින් 90
යක් දෙකක් අල්ලලා තිබ්බත් මට ඡායාරෑපකරණය ගැන මහ ලොකු හීන තිබ්බෙ නෑ .. ) නිකමට
වගේ..
නිකොන් මාමිලාගේ සයිට් එකට රිංගලා
බැලුවා..
අම්මට උඩු.. ඇඩෙන ගනන්.. ඩොලර් වලින්ම
බර ගානක්.., මොනා කරන්නද විභාගෙ ඉවර වෙලා ගන්නවා
කියලා හිතාගත්ත..
හම්....
ඒත් නින්ද යන්නෑ හීනෙනුත් පේනවා.. එක
එක සයිට් වල රිවීව් බලනවා.. කම්පෙයාර් කරනවා.. තව
යූටියුබ් එකේ පෙට්ටි කඩන ( unbox
කරන) වීඩියෝ බලනවා විකාරයයි..,
ඒ මදිවට සමිරයාටත් පවු දුන්න හොදට
මතකයි..
Nikon ද Canon ද
කියලා කල්පනා කරනවා.. අන්තිමට තීරණය කරා Nikon එකක්
ගන්නවා කියලා..
මොකද ඒවයින් ගන්න පින්තූරවල පාට
ස්වභාවික පාටට ගොඩක් සමානයි වගේ තේරුණා..
අන්තිමට නිකොන් වල අඩුම කැමරාව 3100 එකක් ගන්න හිත හදාගෙන ඉදියා
ඔහොම ටික කලක් බල බල ඉන්නකොට ගෘප් එකේ
සමහරු ඩොටේ සූම් කරන්න පුළුවන් කැමරා ජාතියක් දැම්මා..
fuji Hs20 කියලා.. අම්බානට සූම් කරන්න පූළුවන්..
මැක්රෝත් හොදයි.. රිවීව් වලත් අවුලක් නෑ..
ගානත් ෂේප් එකම වාසිය DSLR වල වගේ ලෙන්ස් ගන්න ඕන නෑ ඔක්කාම එකේ..
ඒකක් ගන්න හිත හිතා ඉන්න අතරේ ගෘප්
එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
තව මිරර්ලස් කියලා ජාතියකුත් තියෙනවා
ලු.. ඒකේ කොලිටිටත් හොදයි.. කියනවා කියලත්
අහන්න ලැබුනා..
එත් හොයද්දි තේරුනා ඒවත් මිල ටිකක්
වැඩී කියලා..
හැබැයි ඔය ඉන්න අතරේ නිකන් උන්නේ නම්
නෑ.. ෆොන් එකෙන් පින්තූර ගත්තා..
එක එක එව්වා කරා .. අත්හදා
බැලුවා..
(මම ෆොන් එකෙන් කරපු හෙදම දේ තමා අර
ගලවපු කැමරාවේ ලෙන්ස් එකේ තියෙන කාඡ වලින්
මැකරෝ කරපු එක..)
(වැඩි විස්තර පසුවට)
මෙහෙම කැමරා ගැන හීන දැක දැක ඉන්නකොට
අපේ යාළුවො ටිකක් කොච්චි බලන්න රේල්පාර් යනවා.. ඒකට මමත් සහභාගීඋනා..
ඒකෙදී තමා උණ තියෙන කාලේ මුලින්ම හොද
කැමරාවක් අතින් ඇල්ලලා පින්තූරයක් ගැහුවේ.. ඒක තමා..
අර අයිතිකාරයෝ ගොඩක් ඉන්න samsung
nx100 කියන කැමරාව..
මාර ආතල්.. හැබැයි ඒකේ වීව් ෆයින්ඩර්
එක නැති උනාට පත ඩිස්ප්ලේ එකක් තිබ්බා..
ඒ කැමරාවෙන් තමා මම මුලින්ම මැනුවල්
කියලා සෙටිමක් හදලා පින්තූර කෙලියේ..
ගතපුවායින් 2/3ක්ම හයි කී ගහලා වගේ.. තද සුදු පාටයි..
එහෙම ටික කාලයක් ඉන්න කෙට ගාල්ලේ සේයා
රූ කතාබහ කරන්න අවස්ථාවක් ලැබුනා..
ඒක සංවිධානය කරලා කොහොම හරි වැඩේ
කරගත්තා.... එදා තමා මුලින්ම 7000 එකකින් පින්තූර ගත්තේ
එදා ගෙදර ඇවිත් නහයෙක් අඩපු හැටි ..
හයියූ.. පත ලෙන්ස්.. ලොකු කැමරා.. මතක් වෙද්දිත් දුකයි..
අන්තිමට මට ගෙදරින් ගොඩක් ලකුණු වැටුනා
මම ඡායාරූපකරණයේ මොනා හරි කරන්න හදන එකෙක් කියලා ගෙදරට හැගී ගියා..
අන්තිමට ගොඩක් කල් දැකපු හීනය 2012 ඔක්තෝමබර් මාසේ 26 සැබෑ උනා..
මම හීන දැක්කේ D3100 ක් ගන්න.. ඒත් පස්සේ ගත්තා D5100
එකක් ම.. තව 55 -300 ලෙන්ස් එකක් එක්කම..
දැන් මමත් D5100 එකක හිමිකරුවෙක්.. .
ඇත්තටම DSLR එකකයි
බ්‍රිජ් කැමරාවක් අතරෙයි ලොකු වෙනසක් තිවෙනවා කියලා තේරෙන්නේ ගත්තහම තමා..
කැමරාව කියන්නේ සූම්ම විතරක් නෙමේලු
නේ..
මම කැමරාව ගත්තට පස්සේ මතුවුන ගැටළු..
කැමරාව ගන්න ගෙදරින් කැමති කරගන් හැටි
එහෙම පස්සේ ලියන්නම්.. ;)
Sunday, March 17, 2013
මමයි එයයි
මගේ බ්ලොග් එකේ එකම කෙනෙක් ගැන දෙවරක් ලියවෙනවනම් ඒ ඔයා ගැන විතරයි.
ඒත් පලවෙනියට ලියූ දේ දැන් ඕගොල්ලන්ට බලන්න විදියක් නෑ.....
ඒකෙ මම එයාට බැනපු බැනිල්ලට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක් කවදාවත් මේ වගේ ඇත්ත වෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
"තමන් ආදරෙයි කියපු කෙල්ලටම *** කියලා කියන්න පුළුවන් නම් උඹගේ ආදරේ ගැන හිතාගන්න පුළුවන් මචං... කලින් ආදරේ කියන වචනේ තේරුම දැනගෙන ඉඳපං... නැත්නම් ආදරේ නොකර හිටපං... උඹලා වගේ කොල්ලෝ නිසා තමා කොල්ලෝ සංහතියටම බැනුම් අහන්න වෙලා තියෙන්නේ..."
මේ වචන ටික කවද හරි දවසක මෙතරම් වදීවි කියල මම හිතුවෙ නෑ..........
ඒත් ඒක දැන හෝ නොදැන වදින තැනට ඔයා වැඩ කලා!
අහම්බෙන් සෙට් වෙච්ච චැරිටි ගමනකදි අහම්බෙන් දැක්ක ඔයා එක්ක කම්මැලිකමට වගේ චැට් කරද්දි පිටින් පෙනෙන ලාන්තරස් චරිතෙට වඩා වැඩි යමක් තියන කෙනෙක් බව දැනිලා දන්නෙම නැතුව හිත ඇදිලා ගිහින්. ආදරයක් හිතේ ඇති වෙලා.
ඒත් ඔයා බෑ කිව්වා !
හැමෝම වගේ ඔයාත් හෙන ටිපිකල් ලොරි ටෝක්ස් ටිකක් දුන්නා.
මගේ හිතේ ඇතිවුන කලකිරීමට, කේන්තියට මම ගොඩාක් දේවල් කලා මගේ දුක නැතිවෙනකම්, මම මගේ දුක නැති කරගන්න හැදුවෙ ඔයාට දුකක් දීලා. මම කියල දාගත්ත කමෙන්ට් එකක් නිසා ඔයාට සෑහෙන්න රිදුනා............... මම කල සමහර දේවල් ඔයාට ලොකු දුකක් උනා.........
කාලයක් ගතවෙලා ගියා, අර මම කියපු ටිපිකල් ලොරි ටෝක්ස් ඔක්කොම ටෝක්ස්වල නොතියා ඔයා ප්‍රායෝගිකව කරල පෙන්නුවා. යාලුවෙක් විදියට ගොඩක් කිට්ටු උනා, දුක සැප බෙදාගත්තා!
ඔන්න ඔය අතරෙදි තමයි මට කෙල්ලෙක් සෙට් උනේ. මම ඒ ආදරය මගේ පළවෙනි විතරක් නෙමෙයි අන්තිම ආදරය වෙයි කියල හිතාගෙන පිස්සෙක් වගේ ආදරේ කලා. මම එයාට ඔයාව හඳුන්වලත් දුන්නා, ඕගොල්ලො හොඳ යාලුවොත් උනා. එක දවසක් ඔයා කිව්වා "සමීර, අපේ යාලුකම දවසක එයාට ප්‍රශ්නයක් වෙනවා. එදාට ඔයා එයා එක්ක රන්ඩු කරගන්න යන්නෙ නැතුව අපේ යාලුකම අතහරින්න. මට දුකක් දැනෙයි ඔයා වගේ යාලුවෙක් නැති වෙනවට, ඒත් මම හිත හදාගන්නම්!"කියල. මම එතකොට ඔයාට දීපු උත්තරේ "යකෝ මම මැරිල ඉපදුන්නෑ.............................." කියන එක.
මහ කාලයක් යන්න කලින් මට පොරොන්දු ගොඩක් දීපු, මාව දාලා යන්නෑ කියපු එයා අපි අතරට ආපු පළවෙනි ප්‍රශ්නෙදිම පැනල ගියා. මම හැමදාම වගේ තනියම මගෙ දුක විඳින්න හිතාගත්තා. වැඩ ඇරිලා කි.මි. 17ක් බයික් එක පැදන් ආවෙ අඩ අඩා. මම හැප්පෙන්නගිය වාර ගනන අනන්තයි. ඒත් හැප්පුනේ නෑමොකක්හරි කරුමෙකටද මංදා. මම යන විදියට හැප්පුනයි කියන්නෙ දානයක්ම තමයි. ඒත් හැප්පුනේ නෑ. සමහරවිට ඉපදුනේ විඳවන්න වෙන්න ඇති. මම තනියම විඳවද්දි ඔයා ආපහු මම කියපු වචනයක් මටම කිව්ව. "මම මැරිලා නෑ............"කියල. මට තවත් හිතේ තදකරන් ඉන්න බැරි උනා....................
මම කිව්ව හැමදේම......................... ගගට කපපු ඉනි වගේ උනත් ඔයා ගොඩක් උත්සහ ගත්තා හැමදේම හරි තත්වෙකට ගේන්න. ඔයා නිසා වෙන්න ඇති හිතේ හිරකරන් හිටි දේ එලියට දාලා මම තාමත් ජීවත්වෙනවා.
එදා ඉඳන් අද වෙනකම් මටම කරුමයක් වෙච්ච මාව ජීවත් කෙරෙව්වෙ ඔයා.කෑම බීමවල ඉඳන් ආසකල හැමදෙයක්ම මට එපාවෙලා අමතක වෙලා තිබුනෙ.... අද ඒ හැමදේම ඉවර උනා...........................
(තව ගොඩක් අය මගේ හිත හදන්න උත්සහ කලා, ඒ හැමෝටමත් ස්තූතියි)
ඔයාගෙ අතේ වරදක් නැතුව මම අම්බානට රිද්දපු ඔයාම මගේ දුකේදි මට උදව් කරද්දි මං ඔයාට කල බලුවැඩවල රිටර්න් එක පොලියත් එක්කම මට ලැබෙනව වගේ දැනුනා. කල දේවල් ආපහු හරවන්න බැරි උනාට ...............................
මේක මම ලියන්නෙ ප්‍රසිද්දියෙ සමාව ඉල්ලන්න වගේම මම කල වරදම තව කෙනෙක් කරන්න කලින් නවත්වන්න! මේක ඔයා කියවනව කියල මම දන්නව, කමෙන්ට් කරන එකක්නම් නෑ......... පුළුවන්නම් මදිපාඩු තිය්නවනම් ඇනෝ කෙනෙක් විදියටහරි කියල යන්න.
අපේ යාලුකම හැමදාටම තියන එකක් නෑ කෙල්ලෙ. කවද හරි ඔයා මට කිව්ව වගෙම ඔයාගෙ කෙනා අපි අතරට එනව. එදාට ඔයා මට කියපු ටික නොකියාම මම කරල අයින් වෙන්නම්................

Subscribe to:
Posts (Atom)