අරක මේක ගැන ටෙක්නිබකල් කියව කියව හිටියොත් නිකන් තියරි ක්ලාස් එකක් වගේ වෙන නිසා අපි ටිකක් වැඩක්පලක් කරන විදිය ගැන කතා කරල ඉමු! ඊට පස්සෙ බර වචන දාලා කතාකරමු. මොකද කියන්නෙ? ඉස්සල්ලම පොඩි තැනින් කතා කරමු. ඔය කවුරුත් පොඩි කැමරා, ඩිජිටල් බට්ටො, Normal කැමරා කියන්නෙ "Compact camera"වට තමයි.
ඔය මොන කැමරාවෙන් ෆොටෝ ගත්තත් ඒ කැමරාවට අදාල User Manual එක කියවල ඉන්න එකත් බොහොම වැදගත් වෙනව!
Compact Camera හෙවත් Point & Shoot
වෙන එකක් හම්බුනේම නැද්ද අහන්න එපා මේකෙ දාන්න. මේ තමයි මගේ පළවෙනි ඩිජිටල් කැමරාව. මම පහුගිය පෝස්ට් එකක මේක ගැන කිව්වනේ..... දැන් අහන්නෙපා කොඩැක් හොඳයිද කියලා.
සාමාන්‍ය මට්ටමක Picture Quality එකක් ගන්න පුළුවන් පොඩි (අගලෙන් 1/2.3) සෙන්සර් එකක් තියන කැමරාවක් තමයි Compact කැමරාවක් කියන්නෙ. වචනයේ හැටියටම ගත්තමත් Compact කියන්නෙ පොඩි කැමරාවක් අස්සට අත්‍යාවශ්‍ය අංග කිහිපයක් එකතු කර සාදන ලද කැමරාවකටයි. නමුත් ලොකු කල්පැවැත්මක් නැති වෙන්නත් පුළුවන්. මේකෙ විශේශත්වය වෙන්නෙ බොහෝදුරට ස්වයංක්‍රීය ලෙස ක්‍රියාකරමින් අදාල දත්තයන් ස්වයංක්‍රීයව යොදාගනිමින් අපට ඒ මොහොතේ හැටියට සුදුසු ආකාරයේ ඡායාරූපයක් ලබාදීම තමයි මේකෙන් කරන්නෙ. කෙටියෙනම කිව්වොත් "ඔබපු ගමන් ෆොටෝ එක එනවා."
(ගත්තා ගැහුවා , කිව්වොත් මොනා හිතයිද මංදා)
වර්තමානයේදි භාවිතාවන Compact කැමරාවන්හී නොයෙක් ආකාරයේ පෙර සැකසුම් යොදාගනිමින් ඡායාරූප ගැනීමට පුළුවන. ඔය ඔක්කොම තියෙන්නෙ කැමරාවේ උඩ හෝ පිටුපස තියන පොඩි රෝදයක් වැනි දෙයක. Mode Dial
1. Auto
2. Scene mode
3. Programm
ඒවායින් ප්‍රධානම තුනක් ලෙස මම දකිනවා.
මුලින්ම Auto ගැන කතාකරමු
එක්කො කතාකරන්න දෙයක් නෑ. ඔක්කොම ඔටෝනේ. ෆොටෝ වදිනවා.
දෙවනුව Scene ගැන
මෙතනදි කෙරෙන්නෙ අපි ගන්නේ කිනම් දෙයක්ද යන්න කැමරාවෙන් තෝරා බේරා දීම. කොහොමත් ඕකෙන් ගන්නෙ ෆොටෝ තමයි. උදාහරනයක් ලෙස ගත්තම- Landscape, Candle Light, Sports, Macro, Portraits වැනි අංගයන් විස්සක් පමණ තිබෙන්නට පුළුවන්. අපිට තියෙන්නෙ අදාල Dial එක Scene වලට හරවලා, අපි ගන්න බලාපොරොත්තුවන ඡායාරූපයට අදාල පෙර සැකැස්ම ලබාදෙන එක විතරයි.
Programme සමහරවිට Autoවලදිම settings වෙනස් කරන්න පුළුවන්
මෙතනදිනම් අපිට නිදහස දෙනවා පොතේ හැටියටනම් ප්‍රධාන අංගයක්වන නමුත් මගේ හැටියටනම් ප්‍රධාන අංග දෙකක් වෙනස්කරල අපිට ඕන ප්‍රතිපළය ගන්න. පොතේ හැටියට ISO වෙනස්කරන්න ඉඩ දුන්නට , මගේ හැටියට ISO සහ Metering mode යන දෙකම වෙනස්කරන්න මෙම අවස්තාවේදී හැකියාව තියනවා.
කොහොමද එහෙනම් Pවලදි ෆොටෝ එකක් ගන්නෙ.
මුලින්ම තමන්ට තමන්ගෙ කැමරාව ගැන අවබෝධයක් තියෙන්න ඕන ඒකේ සීමාවල් පිලිබඳව දැනුමක්නම් තියෙන්නම ඕන.
මෙන්න මේවා තමයි ප්‍රෝග්‍රෑම්වලදි වෙනස් කරන්න පුළුවන්.
*ISO
ISO කියන්නෙ කැමරාවෙ සෙන්සරය ආලෝකයට දක්වන සංවේදනයයි. වැඩි ආලෝක තත්වයකදි ඒ කියන්නෙ හොඳ කට්ට අවුවකදිනම් අපි ගන්න වස්තුවෙ චලනයත් අඩුයිනම් ISO100 / 200 වගේ දැම්මත් ඇති. නමුත් ආලෝක තත්වය අඳුරු වෙන්න වෙන්න අපිට ISO වැඩි කරන්න වෙනවා. ඒ එක්කම Flash කරන්න පුළුවන්නෙ. කොහොමත් Compact කැමරාවලනම් ISO800 යන්නත් අමාරුයි. මොකද කියනවනම් ISO වැඩි වෙන්න වෙන්න ඡායාරූපයේ Noise ( අඳුරු ගෝෂාව ) වැඩි වෙනවා. ඒවා තමයි අපිට අඳුරු වෙලාවකදි ගත්ත ෆොටෝව්ල පුල්ලි පුල්ලි වගේ පේන්නෙ. ඒ නිසාම තමන්ගෙ කැමරාවෙ ISO තත්වය පිළිබඳව දැන සිටීම වැදගත්.
*Metering mode
මේකත් බොහොම වැදගත්. මේකෙන් තමයි අපි කැමරාවට කියන්නෙ අපි ඡායාරූපයට නගන වස්තුව පිහිටාතිබෙන්නෙ රූපරාමුවේ කුමන ප්‍රදේශයෙද කියන එක. ඒ අනුව අදාල ප්‍රදේශය නියමිතලෙස ආලෝකමත් වීම සිදුවෙයි. බොහෝ Compact කැමරාවලනම් තෝරාගැනීමට අවස්තා තුනක් තිබෙනවා.
මේ යෙදුම බොහොම වැදගත් වෙනවා Flash භාවිතයෙන් ෆොටෝ ගන්නා විටදී.....
1. Average , Multi,
මේ අවස්තාව යොදාගන්න ඕන අපි ගන්නෙ භූමි දර්ශනයක් වගේ දෙයක්නම්. රූප රාමුව පුරාවටම බොහෝදුරට සමාන ආලෝක තත්වයක් තියනවනම් මේක උචිතයි. මෙහිදී සෑම වස්තුවක්ම පැහැදිලිව පෙනෙනලෙස ලබාගන්න කැමරාව උත්සහ කරනවා. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නෙ රූපරාමුවේ කිහිප පලකින් දත්ත ලබාගෙන ඒවායේ මධ්‍යස්ත අනාවරණයක් ලෙස ඡායාරූපය ලබාදීමයි.
2. Center Weight
මෙම අවස්තාව යොදාගන්න පුළුවන් අප ගන්නේ රූපරාමුවේ මැදට වන්නට තියන වස්තුවක්නම්.
මලක්, සමනලයෙක් හෝ එවැනි දෙයක්
3. Spot
බොහෝවිට Compact කැමරාවල Focusing point එක හෙවත් ෆෝකස් වියයුතු ස්තානය වෙනස් කරන්න බැහැ. එවැනි විටදී මෙය ක්‍රියාකරන්නෙ හරියටම මැද තිබෙන වස්‍තුව පැහැදිලි, නිවැරදි ලෙස ආලෝකමත් කිරීම සඳහාය. Focus pointඑක වෙනස්කල හැකිනම් අදාල ස්තානය නිවැරදිලෙස ආලෝකමත් කිරීම මෙමගින් සිදුවෙයි.
*White Balence
ෆොටෝ එක ගන්න මොහොතෙ වටපිටාවෙ තියන ආලෝක තත්වය අනුව මේක වෙනස්කරගන්න තයි තියෙන්නෙ.
AWB- Auto WB
Daylight- දිවා ආලෝකය
Cloudy- වැහිබර අවස්තාවක
Flash- flash එක යොදාගෙන ෆොටෝ ගන්න වෙලාවට
Incandense- ප්‍රති දීප්තන පහන් යටතේ
ඔන්න ඔයවගේ ටිකක් තමයි මූලිකවම තියෙන්නෙ....
ඔන්න ඔහොම තමයි කරන්න තියෙන්නෙ පොඩි කැමරාවකින් ෆොටෝ ගන්නවනම්.... ඔය කැමරාවෙ හදන්න ඕන දේවල්නේ.
තව දේවල් මගින් ගුණාත්මකබව වැඩිකරගන්න පුළුවන්. Click here fb link
වෙලාවක් තියනවනම් මේවත් බලන්නකො. You Tube
එහෙනම් කෝ බලමු ගත්ත ෆොටෝස්, එන්න මේ පැත්තට වැඩිදුර කතාකරන්න
නැවත හමුවෙමු !
සැහෙන්න වටිනවා අයියේ..!! එල ආ
ReplyDeleteතැන්කූ
Deleteඒ පිස්සුනේ .. , ඉදපන් මම උබට වඩා හොදට පින්තුර ගන්නවාමයි ...
ReplyDeleteඉස්සල්ලා ඇස් දෙක ඩොකෙක්ට පෙන්නහං, ලේ ගියොත් කැමරාව සවුත්තු වෙයි!
Delete:P
ඩෙයියනේ කීල ඩැන් ගමුකො පොතෝ......^_^
ReplyDeleteගමු ගමු... ගත්ත ඒවා දාමු බලන්න
Deletenodanna godak dee danagaththa :)
ReplyDeleteමායි මගෙ හිතයි
Deleteමමයි කැමරාවයි
මමයි අරූයි
මට තියන ඉල්ලුම..........
:)
මමත් ගොඩක් අසාවෙන් හිටියේ ෆොටෝග්‍රපි ඉගෙන ගන්න,මාම හිතන හිටියේ එකට ලොකු කැමරාවක් ඕන කියල :)
ReplyDeleteමටත් ලොකු කැමරාවක් නෑ....
Deleteතාම, ලොකු වෙලාම ගන්න ඉන්නෙ
බොහොම හොඳ වැඩක් සමීර.....
ReplyDeleteස්තූතියි අයියා
Deleteහොද ලිපියක් සමීර .......... දිගටම මේවගේ ලිපි ලියන්න.
ReplyDeleteජය වේවා
:D
Deleteලියනව ලියනවා, තව තියනවා
වැදගත් විස්තරයක්.. මමත් මුලින් පාවිච්චි කලේ සයිබර්ශොට් කැමරාවක්..
ReplyDeleteඑලය!!!!
ReplyDeleteමාත් හෙන ආසයි පොටෝග්‍රැෆි වලට..
නියමයි...වටිනවා
නියමයි අයියා.....
ReplyDeleteමේ වගේම DSLR ගැනත් ලිපියක් ලියන්නකෝ
තාම කම්පැක්ට් එක ගැන කතා කරල ඉවරත් නෑ.
Deleteඅනික DSLR වල P mode එකටත් ඕක අයිතියි
අද තමයි බුකියේ තිබිලා මේ ලින්ක් එක හම්බවුනේ.. ඇත්තටම සමීර කියලා දෙන්නකෝ පොඩි කැමරාවෙන් උසස් ඡායාරූපයක් ගන්නේ කොහොමද කියලා..
ReplyDeleteඅඩේ..
ReplyDeleteමෙන්න බලහන් කෝ..
අව් .. කැමලා...
අනේ මන්දා,මගේ ලගත් කැමරාවක් තියෙනවා,එත් ඉතින් මේ පොස්ට් එකේ පිහිටෙන් තමා ඒකෙන් කරන්න පුළුවන් මොනවාද කියල දැනගත්තේ,හික්ස්..මෙච්චරකල් මම ෆොටෝ ගහල නෑ වගේ,නියමයි යාලු,,ගොඩක් වැදගත්....දිගටම මේ වගේ වැදගත් ඒවා දෙනවනම් අපිටත් දෙයියනේ කියල හොද ෆොටෝ එකක් ගහගන්න පුළුවන්,ජය වේවා!!!!
ReplyDeleteහෆ්ෆා මං මේක පටන් ගත්ත දවසට පස්සෙ ආවෙම දැංද කොහෙද(මගේ බ්ලොග් වලටත් මං ආවෙ අද නෙ :D )
ReplyDeleteමං මේ මගේ පොටෝ ගැන ලියන බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න කියල ආපු ගමන්.
මේ දාල තියන පෝස්ට් දැක්කම හිතෙනවා මං කියන්න යන ඒව වැඩක් නෑ කියල මේවනෙ ප්‍රැක්ටිකලි වටින්නෙ. :)
අවුලක් නෑ බලන කෙනෙක් බලපුවාවෙ කියල ඔන්න ඔහෙ දානවා. :D
ඒකෙං මේකෙං කියන්න ආපු කාරනාව අමතක වුනා. ඔය කියල තියන සෙට්ටින්ග්ස් ඔක්කොම එක එක විදියට වෙනස් කලත් ශටර් ප්‍රයෝරිට්,ඇපචර් ප්‍රයෝරිටි නැතුව වැඩක් නෑ කියල හිතෙනවා (මං දන්න තරම ද මන්දා) :(
දාමු දාමු...
Deleteකොහෙන්හරි කමක් නෑ දැනුම ගන්න පුළුවන්නම් එච්චරයි!
:-D:-D thankx aiye
ReplyDeletewelcome වේවා
Deleteඑහෙන් මෙහෙන් දන්න කේස් එකක් උනත්
ReplyDeleteකම්මැලි නැතුව කියවන්න පුළුවන් විදියට සෙට් කරලා
ෆට්ට මැක්සා :D