ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, February 12, 2015

අපි හැමෝම විකිනෙනවා , නැත්තන් විකුනනවා !

මේ තමයි මම ලියපු පොඩිම පොස්ට් එක. මට මේ පොස්ට් එක ලොකු කරගන්න ඕන කියවන අයගේ අදහස් එක්ක. මට ඕන කතිකාවතක් ගොඩනගාගන්න ...........

එන්න අපි ටිකක් කතා කරමු!

මිනිස්සු තමන්ගේ හැකියාව හොයාගෙන විකුනනවා, හැකියාව හොඳනම් හොඳට විකිනෙනවා ! ඔහොම කාලයක් විකිනෙද්දී තමන්ගේ වටා පාරිභෝගිකයෝ විශාල ගණනක් හැදෙනවා. එහෙම හැදුනම තවදුරටත් තමන් විකිනෙන්න ඕන නැ කියලා හිතෙනවා. අන්න එතනට ආවම ඒගොල්ලෝ තමන්ව විකුනනවා වෙනුවට හැකියාව නිසා තමන්ගේ උඩට ආපු නම විකුනනවා. එහෙම විකුනලා කාලෙකට පස්සේ තමන් විසින්ම තමන්ව විකුනන්නේ නැතුව තමන්ගේ නම විකුනන්න අනුන්ට බාර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොක්කගේ නම විකුනලා ලොක්කාට සල්ලි හොයලා දෙනවා. ඔහොම විකුණගෙන විකුණගෙන යද්දී අර මුලින් පාවිච්චි කරපු වචනේ අමතකත් වෙනවා. මොකක්ද වචනේ, "හැකියාව" , ඒ දැන් තමන් විකුනන්නේ තමන්ගේ නම නිසා, එකත් තමන් විකුනන්නේ අනුන් ලවා නිසා ! ඒ විකුනන්නෙත් *** ගණන් වලට.අඩුම තරමේ ඔය කාලය එද්දී පාරිභෝගිකයන්ට මතකත් නැ "යකෝ අපි මේ ගන්නේ බොරුවට ලේබල් එකක් ගහපු අනුන්ගේ ***නේ ( * යනු සම විටම කුණුහරප නොවේ ) කියලා. එහෙම මතක් වෙච්ච කාලෙක ආපහු ඒගොල්ලෝ  ආපහු මුලදී වගේ තමන්වම මාකට් කරන ඔරිජිනල් කෙනෙක්ව හොයන යනවා ! ඒ වෙද්දී සමහරවිට අර වෙන කෙනෙක් යටතේ ලොකු නමක් මාකට් කල පොඩ්ඩෝ තමන්වම මාකට් කරන්නත් පටන් අරන්.  කන්දකට නග්ගනම් පැල්ලමක් බහින්නත් වෙනවා! අර ලොක්කෝ ඒ වෙද්දී හැකියාව මොට වෙච්ච පරණ කෝට් වෙලා.

මේක ලියන්න හිතුනේ ඒ වගේ ඊයේ මුණගැහුණු පරණ කෝට් එකක් නිසා. ඒ උනාට ඒ පරණ කෝට් එකේ නම නොකියන්නේ මිනිහා ෆීල්ඩ් එකට කලකට ඉහතදී ලොකු සේවයක් කල බවට තේනුවර සර් කොහෙදිහරි කියලා තිබුනා මතක නිසා.
"ඇත්තමයි මල් පරවෙනවා"

Sunday, February 1, 2015

හරියට අල්ලමු... ^_^ (01 හිටගෙන ගහමු)

ආයෙත් සෑහෙන කාලෙකින්..
ලියන්න කම්මැලි කමද.. නැත්තම් අනේ මංදා..
නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.

දැන් නම් රට්ටු ලෝකයා ලඟ අම්බානට DSLR වෙඩිමකට ගියත්..
කොහේ හරි ඇවිදින්න ගියත්.. අම්බානට තීන්නේ එව්වා තමා..
ඇත්තම කියනවා නම් දැන් මේක Trend එකක් වෙලා

ඒත් ඔය බහුතරය කැමරා අල්ලන හැටි දැක්කම..
අනේ මංදා ඉතින්..

අන්න ඒ නිසා හරියට කැමරාව අල්ලන්න ඉගෙන ගමු..

දැනට අපි අතරේ ඉන්න ගොඩක් දෙනා කැමරා අල්ලන්නේ මෙන්න මේ විදිහට..







හරියට අල්ලන විදිහ
  මේ තියෙන්නේ නිවැරිදි ක්‍රමය....

වමතින් කැමරා කාචය.. (ලෙන්ස් එක)ත්..
දකුණතින් කැමරාවත් අල්ලමු..

දකුණතින් සෙටින්ස් හදාගන්න ලේසයි..
(මොකද කැමරාවල ශටර් බොත්තම, ඇතුලු ෆන්ෂන් බටන් සියල්ලම වගේ තියෙන්නේ ඔය පැත්තේ..
වමත් කැමරා තියේලු ලෝකේ.. ඒත් මං නම් දැකලා නෑ )

වමත පාවිච්චි කරලා  සූම් කරන්න පුලුවන්.. (ෆෝකස් කරන්න දෙයන් කෑ AF තියේ නේ..)

ආහ් කියන්න අමතක උනා..
මේ අත් දෙකම ඇගට හේත්තු වෙලා තියෙන්න ඕනේ
(මේක ටිකක් මුලදී අවුල් තමා.. ඒත් පුරුදු උනාම හොදා..)

මොකද එතකොට කැමරාව හොදට ස්ටේබල්.
හෙල්ලෙන්නේ නෑ ලේසියකට
(IS, VR තියේ තමා ඒත්.. ගහලාම බලහල්ලා කෝ..)


ටිකක් දිග බරින් වැඩි ලෙන්ස් එකක් පාවිච්චි කරනාව නම් (ගොඩක්ම ඔය ලොකු ලොකු ප්‍රයිම් ලෙන්ස්) නිකන් 300mm වගේ.. (600mm එකක් නම් අමාරුයි :v ) ඔය උඩ කියලා තියෙන ක්‍රමයට නිකන් අමාරුයි වගේ නේ..



මෙන්න මේ ක්‍රමයත් හරි.. 
   මේකේ තියෙන අවුල තමා ඉතින් 
  කියන්න ඕනෙ නෑ නේ. . 
  (ෆෝකල් ලෙන්ත් එක මාරු කරන්න බෑ)








ඔය දැන් උඩ කියලා තියෙන්නේ තිරස් ආකාරයට නේ ..
සිරස් ආකාරයට පින්තුර ගන්න කොටත් උඩ කියලා තියෙන විදිහටම පින්තුර ගතෑකි..




පාද තබාගත යුතු ආකාරය..


මේක ඉතාම වැදගත් මොකද අපි පොලොවේ පය ගහලා ඉන්න
විදිහ මත තමා ඔය උඩ කියලා තියෙන ක්‍රම සාර්ථක වෙන්නේ





කකුල් දෙක ටිකක් සුරස් කරන්න..
ඒක පියවරක දුරක්..
වම් කුකුල ඉස්සරහටත්
දකුණු කකුල පස්සටත් එන විදිහට

කැමති නම් දකුණු කකුල ඉස්සරහට තියලා බලන් කෝ..
වෙනසක් තේරෙයි..
වම හොදා..


අදට ඇති වගේ..
ආයිත් දවසක වාඩි වෙලා ගහන හැටි ඇතුලු අල්ලන ක්‍රම ඉගෙන ගමු..

ජය වේවා..



ප/ලි. ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත්තේ..