ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, February 25, 2013

මගේ Photography

මම ෆොටෝ ගන්නෙ කොහොමද? ඒවා ලස්සනයිලු.
එක එක අයට මගේ ෆොටෝ එක එක විදියට දැනෙනව ඇති. විශේෂයෙන්ම මම ගන්න පුද්ගලයන්ගෙ ඡායාරූපවලට සැලකියයුතු පිරිසක් උනන්දුවක් දක්වනවා.

ඉතින් හිතුවා පොඩ්ඩක් ඒවා ගැන කතා කරන්න. හිතුවා කිව්වට නිකම්ම හිතුනෙ නෑ දවසක් මිතුරියක් එක්ක (ඒකිගෙ බ්ලොග් එකත් නෑ එ පාර) මම ෆොටෝ ගනිද්දි බලන විදිය ගැන කතා කරද්දි තමයි මේ ටික කියවුනේ, ඒ එක්කම හිතුනා මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න ඕන කියලත්. ඊට දවස් දෙකකට පස්සෙ පනුච්චි ලියන තිමී ඇහුවා ඒ ප්‍රශ්නෙ ගැනම. එතකොට තමා මතක් උනේ මම මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතන් හිටියා නේද කියල. ඔන්න එහෙනම් දැම්මා............

ආපහු මතක් කරලා දෙන්න කැමතියි ඡායාරූපයක් කියන්නෙ මොහොතක්. ඒ සිදුවීම සිදුවන වේගය අනුව ඒ මොහොත කොච්චර කාලයක්ද කියන එක රඳාපවතිනවා.

මම ක්‍රම දෙකකට වැඩේ කරගනවා.
1. මොහොත ග්‍රහනය කරගැනීම
2. තාක්ශනයේද උදව් ඇතිව යමක් නිර්මාණාත්මකව එලිදැක්වීම

අනිවාර්යයෙන්ම අදාල මොහොත ග්‍රහනය කරගන්නනම් අපි අපේ කැමරාව ගැන දැනගෙන ඉන්න වෙනව. ඒ වෙලාවට අදාල අනාවරණ තත්වය හෙවත් Exposer එක ගැන දැනගෙන ඉන්න වෙනවා. දන්නැද්ද? කමක් නෑ........
ඇත්තම කියනවනම් වෙලාවකට වෙනස්වෙන ආලෝක තත්වයන් යටතේ ගන්න ෆොටෝ එකක අනාවරණය වරදින්න පුළුවන්, ඒ වගේ වෙලාවකදි මම කරන්නෙ Auto, Programmeම නොදා Shutter Priority හෝ Aperture Priority දාන එක. වැඩි හොඳටත් එක්ක RAW shoot කරනව. RAW නිසා අවස්තාව ලැබෙනවා අවශ්‍ය වර්ණ නිවැරදි කරගන්න වගේ සංස්කරණයන් කරගන්න. හරි කොහොමහරි කැමරාව ලෑස්ති කරගත්තයි කියමුකො, මෙන්න මම ෆොටෝ ගන්න විදිය

1. මොහොත ග්‍රහනය කරගැනීම. ( මම බහුලවම කරන්නෙ ඕක තමයි )
 එක දෙයක් හොඳට මතක තියාගන්න. තමන් යන්නෙ යම් දෙයක් officially ආවරණය කරන්නනම් මේ සෙල්ලම් දැම්මොත් කරන්න ඕන වැඩේ අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා කලාත්මක ඡායාරූප හොයන්න යන්න එපා Coverage එකක් අස්සෙ. එහෙම උනොත් වෙන්නෙ ඒ අවස්තාවට අදාල දේ මගහැරෙන එක. 

තැනකට ගියාට පස්සෙ මම වටේම ඇස් කරකවල බලනව ඇහැ නවතින තැනක් ලැබෙනකම්. මේක වෙලාවකට මම කාචය ඇතුලෙනුත් බලනවා, වෙලාවකට සාමාන්‍යය විදියට. කොහොමහරි වටේම ඇස් දෙක කරකවල කරකවල මම හොයාගන්නව තැනක් දෙකක් සමහරවිට තුනක්. ඒ වගේ මගෙ ඇස ගැටුනු තැන් කීපයක් තමයි "මුහුනු". ඊට පස්සෙ මම පොඩ්ඩක් හිතන්න ගන්නවා, ඇත්තටම මට වැටහුමක් නෑ හිතන්නෙ කැමරාව ඇහේ තියාගෙනද නැතුවද කියල.
#කොහෙද මම ඉන්නෙ
#මොකක්ද මෙතන වෙන්නෙ
#කවුරු දිහාද මම බලන් ඉන්නෙ
#එයාට මේක කොහොම දැනෙනව ඇතිද
ඔන්න ඔය සරළ කාරනා කිහිපය මුල් කරගෙන මම පොඩ්ඩක් විතර උත්සහ කරනව අනාගතය දකින්න, ඊලග මොහොත කොහොම වෙයිද කියල මමම ටිකක් හිතල බලනවා. අන්න එතනදි ඔලුවට අදහසක් එනවා මෙතන මෙහෙම දෙයක් වෙයි කියල. බොහෝ වෙලාවට ඒ දෙය වෙනවා. මම අල්ලගන්නවා!
තවද කුඩා දරුවන්ගෙ ඡායාරූපයන් ගැනීම සදහාද මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කල හැකියි, පොඩි උන්ට ඉතින් බලන්න හිනාවෙන්න කිව්වට තේරෙන්නෙ නෑනේ. මේ පෝස්ට් එක ඒ ගැන

මේ ඒ වගේ හසුකරගැනීමක්......................
ඒ වගේම තමයි මම හිතෙන් උත්සහ කරනව එතන ඉන්න අය හෝ කෙනෙක් උපයෝගී කරගෙන පසුතලයේ ඇති දෙයක් හෝ තවත් අයෙක් සමග ගලපමින් යම් කතාවක් ගොඩනගන්නත් වෙලාවකට මම උත්සහ කරනව.....
ඒක ගැනනම් කියල දෙන්න මම දන්නෙත් නෑ, මොකද කියනවනම් ඒක තමාටම ආවේනික දෙයක්.

2. තාක්ශනයේද උදව් ඇතිව යමක් නිර්මාණාත්මකව එලිදැක්වීම

බොහෝවෙලාවට මංගල ඡායාරූපකරණයෙදි මේ දෙය වැදගත්වෙනවා (නමුත් ඒ සඳහාම මෙය වෙන්වන්නෙ නෑ). මේක කරන්නත් තමන් සතු උපකරණ පිලිබඳව අවබෝධයක් මෙන්ම ඡායාරූපයන්ට පෙනීසිටින අයගේ ස්වඹ්හාවයත් ඔවුන්ව ඡායාරූපයන්ට හසුකරගන්නා ආකාරය (Poses) ගැන දැනීමකුත් අවශ්‍ය වෙනවා.
සමහර අයට ඡායාරූපයකට පෙනීසිටීමේදී හැගීම් පෙන්වන්න අමාරු විය හැකියි, ඒ වෙලාවේදි ඔව්න්ගේ සමීප රූප වෙනුවට යම්තාක් දුරකින් ගන්නා නොයෙක් ක්‍රියාකාරකම් පෙන්වන ආකාරයේ ඡායාරූපයන් ගැනීම වැදගත්.
හැමෝගෙම මුහුනේ හැඩයන් එක සමාන වන්නේ නැහ. කෙනෙක්ගේ මුහුනක් ලස්සනට පෙනෙන්නේ කුමන ආකාරයකටදයන්න ඡායාරූපශිල්පියා දැන සිටිය යුතුයි.ඒ සඳහා මුහුනේ හැඩතල බොහෝසෙයින් බලපානුලබයි. මම ගත්ත photo ටිකක් මෙතනින් බලන්න පුළුවන්

ඔය මොනම ආකාරයේ ඡායාරූපයක් ගත්තත් ඒවාට පෙනීසිටින්නන්ගේ ප්‍රාණවත් ගතිය මෙන්ම හැගීම් දනවනසුලු ආකාරයන් ඡායාරූපය තුලින් පෙන්වීම ඉතා වැදගත්.හරි මොහොත අල්ලගන්න තමයි ඕන. අර කතාවකුත් තියෙන්නෙ වෙලාව හරිනම් බඹරෙ වැල්ලෙත් කැරකෙනවද මොකක්ද කියල :D

ඊලගට settings ගැන ටිකක් ලියන්න කියල හිතුවෙ, ගොඩක් අයගෙන් ඉල්ලීම් තියන නිසා.....

Tuesday, February 19, 2013

දිය බින්දු එකතුවෙලා ගගක් හැදෙනවා වගේ අපේ දායකත්වය තුලින් ජීවිතයක් ආලෝකමත් කරමු

නානාවිද මිනිසුන් මට මුනගස්වූ මේ සයිබරය ඇතුලේ අහම්බෙන් එක්වූ කණ්ඩායමක ඉන්න අහිංසක කෙල්ලෙක් ගැනයි මේ........
මොකක්හරි සිද්දියකින් මම එක කාලෙක තරමක් වැටිලා ඉදිද්දී දන්නකියන කෙල්ලෙක්වන "අන්තිම පේලියේ" ශානි මඩු මාව දැම්මා fb group එකකට. මුලදී එතරම් කැමැත්තක් නැතිවුනත් ටිකක් ඔලුව දාලාබලද්දී නිකම්ම වගේ පොඩි උනන්දුවක් ඇතිවුනා ඒ ගෘප් එක ගැන. ඒ තමයි "ඇයි?" හෙවත් "Why?".

සයිබර් පවුල් හදාගෙන ජීවත්වෙන නොයෙක් කණ්ඩායම් අතරින් එකක් තමයි එකත්. මටනම් ඔය ගෘප් අස්සේ පවුල් අල්ලන්නේ නැති උනාට එතන ඉන්න බහුතරයක් හොද නිහතමානි මිනිස්සු කියන එක මට දැනුනා. බහුතරයක් කිව්වේ ඉතින් හැමෝම හොද උනත් ඉතින් එතනට මම ගියාම කෙලවෙනවනේ, එකයි.

හැම වෙලේම ඇයී ඇයි කියා තමන්ට පැනනගින ගැටළු සහ ප්‍රශ්න අනෙකා සමග බෙදාගනිමින් නොමසුරුව අන් යට උදව් කිරීමට මේ ගෘප් එකේ ය බැදී හිටියා.ඔය ගෲප් එක අස්සෙ එච්චර සද්ද බද්ද නැති අක්කෙක් හිටියා. වයස පාට ෆොටො එකක් දාන් හිටපු නිසා මම හිතුවෙත් අක්කෙක් කියල ඒත් බලන් යද්දි නන්ගි කෙනෙක්.

හසංගි.

චාරිත්‍ර , සාම්ප්‍රදාය ගැන කතාවෙන තැන්වලදි තමයි විශේශයෙන්ම මම හසංගිව දැක්කෙ. ලංකාවෙ උපන්නට චාරිත්‍ර ගැන මෙලෝ හසරක් නොදන්නවුන් ( මමද ඇතුලුව ) ඉන්න අද කාලෙක මේ පොඩි එකීගෙ දැනුම ගැන වෙලාවකට මට පුදුම හිතුනා. කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටියත් කිසිම උඩගුකමක් නැති මේ කෙල්ල හරිම සරළ විටෙක ටියුබ් ලයිට් වන් සුන්දර යුවතියක්. ඇයි එකේ වැඩකටයුතු නිසා දෙතුන් වතාවක් හමුවූ වෙලාවෙදි ඇය බොහොම නිහතමානී ලයාන්විත, පොඩි කෙල්ලක් වගේ අයියා අතේම එල්ලිලා ඉන්න හසංගි කාගෙත් සිත්ගත් කිසිම වරදක් කියන්න බැරි කෙනෙක්. ඇයගෙ කතා විළාශය පොඩිකාලෙ මගෙත් එක්ක හිටිය නෑදෑ නංගි කෙනෙක්ව මතක් කරනව.

ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..


නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts

0773444819 / 0725226516
අසංක හෙන්දහේවා Asanka Hendahewa - https://www.facebook.com/asankahendahewa
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009


ඉතින් මම මේක කියවන අයගෙන් ඉල්ලන්නෙ උඹලගෙ කැමරා විකුනන්නවත් උගස්තියන්නවත් නෙමෙයි. පුළුවන් විදියෙ පුංචි දෙයක් කරන්න. කෙල්ල එක්ක මල් කඩන්න දාගෙන හිටපු රී ලෝඩ් එකක්, එකම එක දවසකට, වැඩිම උනොත් එයා වරුවක් පුප්පන් ඉඳීවි. ෆිල්ම් එකක් බලන්න යන්න හිටපු එක සති අන්තයක්. ජොලියට යන්න හදපු ට්‍රිපක් ඇය වෙනුවෙන් කැප කරන්න. සති දෙකක් ලව් කල මම දැන් වියදම් ගැන දන්න නිසයි එහෙම කිව්වෙ.  මුදලට යටවුනු ලෝකෙ සල්ලි කියන්නෙ වටිනා දෙයක්.  
ඒත් ජීවිතයක් කියන්නෙ වටිනාකමක් කියන්න බැරි තරම් දෙයක්.. පුළුවන්නම් නෙමෙයි, උඹලට පුළුවන්.......



Tuesday, February 12, 2013

සොඳුරු මතකයක්.......

කාලෙකට පස්සෙ ලියන්න හිතුනා. ඇත්තටම ලියන්න හැමවෙලේම හිතුනට ලිව්වෙ නෑ. එක එක හේතු නිසා. ඒ නිසා ඔන්න කාලෙකට පස්සෙ සොඳුරු මතකයක් ගැන ලියන්න හිතුවා. හිතන්නෙපා ලවක් ගැන කියල.

පොඩි කැමරා හෙවත් compact කැමරා කාලයක් තිස්සෙ පාවිච්චි කලාට පස්සෙ කාලය ආවනේ මටත් DSLR එකක් ගන්න. ඒ ගැන පරන පෝස්ට් එකක දැම්මා, ආපහු මතක්වෙන්න කියල ඒකෙන් කොටසක් දාන්නම්කො.

"නිකොන් ඩී3000 කියල කැමරාවක් තියනවලු , පොඩි ගානයිලු වැඩිත්. ලෙන්ස් මාරු කරන්නත් පුලුවන්ලු ! ඔන්න ඉතින් ඒපාර මැජික් හොඳ එක. දැන් තව 15000 හොයපන්කෝ!!! ඔන්න තව මාස ගානක් වේලිලා වේලිලා අන්තිමට අම්මගෙන් ඉල්ලගෙන මමත් සල්ලි දාලා ඒ ගානත් එකතු කරගත්තා. ඔන්න ආපහු වෙඩිමක් සෙට් උනා උදව්වට යන්න. ෆොටෝ ග්‍රැෆරයා ගෙනත් තිබුනෙ 3000 එකක්. කොහොමෙන් කොහොමහරි කපල් එක නටන වෙලේ මිනිහ නෑ (ගෝලයත් එක්ක බොනවා), කැමරාව මේසෙ උඩ! මට ඉතින් ෆොටෝ ගන්න අවස්තාව ලැබුනා! එදා තමයි මම 3000 එක පාවිච්චි කරපු පළවෙනි දවස . කරුමෙකට වගේ එදාම ඒක එපා වුනා! අම්බානට නොයිස්. මට හිතුනා ඕක ගත්තොත් මම ෆොටෝගැෆිත් අතහරී කියලා! කොහොමත් මට ඒක ඇල්ලුවෙම නෑ.... ඉතින් ඒ අදහසත් අතහැරියතරි හමන් තීරනයකට එනකම්.
ටික දවසක් යද්දි මම නිකොන් සයිට් එකේ දැක්කා නිකොන් D5000  කියල එකක් තියනවා. මට සමහරවිට ඒක මිස් වෙන්නත් ඇති ගිය පාර.කියන විදියටනම් හොදයි වගේ! තකහනියක්ම ෆොටෝ ටෙක්නිකා එකට ගිහින් ඇහුවා බඩු හෑව්ද කියලා! කරුමෙට ඒගොල්ලො ගෙන්නලත් නෑ. ගේන්නලු ඉන්නෙ හැබැයි මාසෙකටත් වඩා යයිලු. ගානත් 1,04 වෙනවා කිව්වා... මමත් තැන්කූ කියල එන්න ආවා! ඊට පස්සෙ මම ආවා පානදුරේ තැනකට. එතනින් ඇහුවම කිව්වා තාම ගෙනල්ලා නෑ, ඕනනම් ගෙනත් දෙන්නම් කියලා, ගානත් ශේප් , 75000 කියලයි කිව්වෙ! ඔන්න තාත්තගෙත් දතක් ගලවලා 75ක් හදා ගත්තා. ඔන්න පෙරුම් පුරල පුරලා 2010-06-12 වෙනිදා නිකොන් D5000 එකක් ගත්තා. අරන් පහුවදාම 21 උපන්දින ඇල්බම් එකක් කරන්නත් ලැබුනා... එදා ඉදලා මගේ ෆොටෝ බර ගානකට විචාර දුන්නෙ අම්මා තමයි. ඔන්න පොඩි එකා SLR එකක හිමිකරුවෙක් උනා! ඔන්න එදා ඉඳන් ගොඩක් දේ කලා මම මගේ කැමරාවෙන් . ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි ජීවිතය ගැන පවා මම ඉගනගත්තා, තාමත් ඉගන ගන්නවා......"

දැන් කියන්ගියේ කොහොකැරාතෝත්තෙ ගේ තාවක්.

ගේ ටේහිටියෙ හෙත් ඒ කාවිදැගෙහිපු ඔක්කොෆොටෝග්‍රැෆර්ලා රීල් කැරා පාවිච්චි ලා අනික් අඩිජිටල් ත්නිසා මන්ඩිජිටල් වෙන්න ඕකිලා හිතාගෙඩිජිටල් කැරා ත්ත අමිසක් ඩිජිල් ගැන අ්‍යරල ත්ත අනම් නෙමෙයි. ඒ නිසා අහන්ප්‍රශ්තිබුට අහන්න අහිටිට උත්තිබ්නැති එයි අන්තිට උනේ.

තින් තීලා හැකි විදිවැඩේ ගොදාගන්න. දැන් ගේ ඔකැරාතුලෙ තියන දේවල් ගැන ලොකු දැනුමක් නොතිබුනාට ඒ වෙද්දි කෑලි ගැදැනුමක් නැති උනාට අනුන්ගෙ කැරා කිහියක් පාවිච්චි තිබුනු නිසා පොඩි අසක් තිබුනා කැරාවෙ ෆෝසින්, නොයිස් ගේ දේවල් ගැන. Nikon D90 පාවිච්චි තිබ්නිසා ට ඕන උනා ඒකිට්ටු performance තිමුත් ඊඩා මිලෙන් අඩු එකක් ගන්න. එහෙද්දි ලැබුනු දේ යි Nikon D5000 කැරාව. ත් ඒතිකාත් දන්නෙත් නෑ............

රන්පුළුවන් එදේ අන්තර්ජාමාර්යෙන් හොන එවියි..........
ත් ල අන්තිනිගමට එන්තීලා.
වස්ගෙකම්පියුයක් තිබ්ට ඉන්ටර්නෙට් නෑ. අගේයි ඒ කාලෙත් කඩ්ඩ බෑබෑ. ( ඔව් ඉතින්, ඒ කාලෙ පුළුවන් වෙලා අබැරිවෙන්විදිකුත් නෑනේ ) ත්කිනම් කැෆේ ගිහිල්ලත් ගේම් ගැහුවා මිසක් වෙන කරපු දේකුත් නැති තරම්. ඉන්ටර්නෙට් එකේ හරිහමන් විදියකට යමක් හොයාගන්න තරම් දැනුමක් තිබුනෙත් නෑ. ඔන්න ඔතනදි තමයි මගේ අන්තර්ජාල විශාරද බුදු ෆිට් එක උදව්වට ආවෙ. ඒ තමා තරිඳු . මම කිව්ව මචන් මෙහෙම කැමරාවක් තියනව, මට මේකෙ හොඳ නරක හොයල ඕන කියල. කවදාවත් කැමරාව හදපු කම්පැනියෙන් කැමරාව ගැන වරදක් කියන්නෙ නෑනේ. ඊට පස්සෙ මම කලේ පෙන් එක උස්සන් කැෆේ ගිහින් මට අහුවෙන වෙබ් සයිට්/ පේජ් එක්කම තරිඳු හොයල දෙන ෆෝරම් සහ ඊට අදාල තොරතුරු අරගෙන ගෙදර එන එක. රෑ එලි වෙනකම්, ඇස් රිදෙනකම් ඒවා කියවපු එක. හුටා, කඩ්ඩ බෑ කිව්ව නේද? එහෙනම් කොහොමද කියව්වෙ? වෙබ් පිටු ටික ඕපන් කරගෙන වතුර කෝප්පෙ පැත්තකින් තියාගෙන අර ලොකු මලලසේකර ශබ්දකෝසෙ අනික් පැත්තෙන් තියාගෙන තමයි ඕවා මම කියව්වෙ. කොහොමහරි කියවන්න පුළුවන් තරමක් කියවලා කැමරාව ගන්න තීරණය කලාටත් පස්සෙ දවසක තරිඳු කතාකරල කිව්ව එයාගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ද කවුද ගත්ත 5000 එකක මොකක්ද අවුලක් ඇවිල්ලා කියලා. ඔන්න ආපහු ඔලුව උඩ හිටගෙන කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්......... හිතුවා හිතුවා හිතුවා බැරිමතැන හිත පැත්තකින් තබා තීරනය කලා ඔන්න ඔහේ ඕක ගන්නවයි කියල. ඇයි යකෝ හිතන එකටත් සීමාවක් තියෙන්න එපැයි.

ඉදිරියෙදි කැමරාවක් ගන්න හිතන් ඉන්න අය වෙනුවෙන් Facebookහි Photo Talk කන්ඩායම එකතුවෙලා හැදුවා පොඩි Doc එකක්. ඒකෙ තියනවා. නිකොන් සහ කැනන් කැමරා භාවිත කරන අයගේ විස්තර. ඒගොල්ලන්ගෙ කැමරාව මොකක්ද කියන එකත් එක්කම. ඉති ඕන කෙනෙක්ට දැන් පුළුවන් අදාල අයගෙ ෆොටෝ බලල ඒගොල්ලො එක්ක සින්හලෙන්ම කතාකරලා, ඒ අය කැමතිනම් මුනගැහිලම තමන් ගන්න හිතන් ඉන්න කැමරාව ගැන දැනුම ලබාගන්න.


මම මේ කතාව බෙදාගන්න හිතුවෙ වෙන මොකකටවත් වඩා අවුරුදු තුනකට කලින් මම හිටපු තැන සහ අද මම ඉන්න තැනත් එක්ක අද දවසෙ කැමරාවක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට කොතරම් ක්‍රම මගින් තමන්ට ඕන දැනුම සහ තොරතුරු එක්කරගන්න පුළුවන්ද කියන එක ගැන අදහසක් ගන්න. ඇත්තටම කට්ට කාලා උනත් ඒ ලබාගත්ත දැනුම, අත්දැකීම් මතකයන් මාර සොඳුරුයි...............

ලගදිම නැවත හමුවෙමු!