ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, October 29, 2012

කතාවක් ( කැමරා ගැන නොවේ)

පෝය දවසෙ කම්මැලි කමේ මූණු පොතේම අර ගෲප් එකෙන් මේ ගෲප් එකට මාරු වෙවී හෙට අනිද්දට කරන්න ඉන්න වැඩක් ගැන හිත හිත ඉඳිද්දි ඔන්න එකපාරටම ඕෆ්ලයින් දාගෙන කමෙන්ට් කරකර හිටපු බ්ලොග් අවකාශයේ පතාක යෝධයෙක් පාත් උනා.

මාතෘකාවෙන් පිටගිය පොඩි පොඩි කතා ටිකකුත් තියනව. ඒවත් දැම්මෙ ඇත්තටම මාතෘකාව ගැන වැටහීමක් නැති නිසා.

****************************************************

දැන් මලයාලට අයියලාව මතකවත් නැහැ නේද?  "මම තමයි මලයා"

මමත් අහන්න හිටියෙ
ඕෆ්ලයින් දාගෙන කමෙන්ට් දාද්දි..............

අනේ පල යන්න
දැන් ලොකු මිනිස්සු වෙලා
හොයන්නත් නැහැ

පිස්සු
මම හැම වෙලේම ඔන්ලයින්

ඔන්ලයින් නොහිටියාට මමත් ඉන්නවා බලාගෙන
සමීර දැන් පටට් බිසී නේ

නෑ
අයියනෙ කිව්වෙ බිසි වෙන්න තියනව කියල
ජොබ් එක මාරු වෙලා, පදිංචිය මාරු වෙලා
.....

දැන් වැඩිය රෑ වෙනකම් බොන්නේ නැහැ

ඒ මොකො

උදේට යන්න ගියාම කෙලිය

ලෙඩ උනාද :O

හැමදාම පරක්කු
පොඩි කේස් එකකුත් තියනවා
ලෙඩ නම් ගානක් නැහැ
මැරෙන්න තියනවා නම් මැරෙනවා
බිව්වත් නොබිව්වත්
ඒත් රස්සාව කරන්නත් එපැයි

වෙනස් කරගන්න පුළුවන් දේත් තියනවනෙ

කොහොම අළුත් රස්සාව

මගේ ඇසිස්ටන් තරහ උනානෙ

ගෑනු එක්ක ගණුදෙනුව කියන්නේ වෙනම කෝස් එකක්
ඒකට ඉතිං දහ දොලොස් දෙනෙක් එක්ක ආශ්‍රය කරලා බලන්න වෙනවා

අපි ඉතින් ඕව දන්නෑනෙ

ඔය කෝස් එක කරන්න ඉතිං කාලයක් යනවා
ගාන හරි සැරයි

හික්ස්
ජීවිතෙන්ම ගෙවන්න ඕන නේ?
කෝස් ෆී එක

ඔව්
හැබැයි මුල කාලේ ගියෙන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට

ශා
ඊට පස්සෙ ජීවිතෙන්ම වන්දි ගෙවන්න නේ

ඕව
ඒක මහා පුදුම දෙයක්....
ආදරේ
පයිතගරස් ප්‍රමේය දවස් කිපයක් අරගෙන තේරුම ගත්තත්
අවුරුදු ගානක් ගියත් ආදරේ තේරුම් ගන්න බැහැ
ආදරේ කියලා නිශ්චිතව කියන්න පුලුවන් කමක් නැහැ අපි කාටත්
මම දකින්නේ ආදෙර් කියන් නේ වෙනස් පුද්ගල චරිත දෙකක් එකිනෙකා ගලපාගැනීමේලා කරන ක්‍රියාකාරකම් සමුහයක් විදියට

ඇත්තටම ආදරේ පැත්ටකින් තියමු

හා

දැන් තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද

ප්‍රධානම දේ තමයි එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම
ආසාවල්
බොහොම සුලුදේවල්
අඳින්න කැමති විදිය
දකින්න කැමති විදිය

දැන් මේකයි සීන් එක

මගේ පොඩි බාප්පා තමා පව්ලෙ හිටපු ෆන්ම පොර

හ්ම්...

ඌ බැන්දෙ අවුරුදු 9 ලව් කියන කර්තව්‍යය කරල
ඒත් ඒ ගෑනි එන්න එන්න වෙනස් උනා
දැන් යක්සනියක්
වගේ
පව් බාප්පා

ඒත තමයි මම කියන්නේ
ආදරේ කරනවා කියලා අපි කරන්නේ ක්‍රියාකාරකම් සමුහයක්
දෙන්නා දෙපැත්තේ ඉන්න කොට හමුවෙන කාලේ ඇතුලත එකිනෙකාට කැමති විදියට ඉන්න හදනවා

ඉතින් ඒ අවුරුදු 9 දි ඌ කලෙ මොනාද
රවටා ගැනීමක්ද?

හැබැයි දවස පුරාම පැය 24 ම එකම වහලක් යට ඉන්න ගියාම එකිනෙකාගේ වැහිච්ච චරිත එළියට එනවා
අනිවාර්යෙන්ම රවටා ගැනීමක්
එකේ අයේ හෝදන්න දෙයක් නැහැ

වහලෙ යට ඉඳල බඳින්න බැරිද?
*නොදන්න කමට ඇහුවෙ*

වහලේ යට ඉඳලා නොබැඳ ඉන්න පුලුවන් නම් ඒක වඩා හොඳයි
හැබැයි අපේ රටාවේ හැටියට එක් කරන්න බැහැ

හික්ස්

මෙහේ ඉන්නවා
ළමයට අවුරුදු 5
හැබැයි තාම ගර්ල් ෆ්‍රෙරෙන්ඩ්


එතකොට
"උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉවක් උනේ කොහොමද අම්මේ ? "

මේ රටේ එහෙම පියාගේ නම උප්පැන්නේ නැති උනාට අවුලක් නැහැ
ඉන්නකම් සලකනවා

ඉස්කෝලෙ යද්දිත්?

නැහැ
කිසිම අවුලක් නැහැ
සිංගල් පේරන්ට් ළමයි ඕන තරම් ඉන්නවා
එක්කෝ අම්මා නැහැ
නැත්නම් තාත්තා නැහැ
ඒවා හැබැයි අනිත් උන්ට වැඩකුත් නැහැ

නැහැ
හැබැයි 90% එහෙමයි
ඇත්ත මුන පෙන්නන්නේ නැහැ
මොකක් හරි තියන ආකර්ධණයක් මුල්කරගෙන දෙන්නට දෙන්නා රවට්ටගන්නවා
එක්කෝ ලස්සන
නැත්නම් සල්ලි
ජනප්‍රියත්වය
උගත්තම
රස්සවා

මගෙ ඕව ණෑ නේ
ෆොරෙවල් අලෝන් වෙයි එහෙනම්
ෆුටා

උඹ ජනප්‍රියයි

කෙල්ලො අතර නෑනේ

මිනිස්සු ආදරේ කරන චරිතයක්
ඒක කෙල්ලෝ අතර වෙන්න ඕනේ නැහැ
හැම කෙල්ලෙක්ම කැමතියි
චාල්ස් කුමාරයේ බිරිඳ
විජේ ගේ පුතාගේ කෙල්ල
මාලකගේ කෑල්ල
කියලා කියන්න

ඉතින් උන් ඔක්කොම වංශවත් නෙ
ප්‍රභාකරන් උනත් , යම් විදියකට

වංශ කෙසේ වෙතත් මොකක් හරි දේකින් යමක් තියන චරිත
හොඳ හෝ නරක
මාලක කොච්චර නරකයෙක් බඩුකාරයෙක් උනත්
එකක් ඇරෙනකොට එකක් ඉන්න තරම් ගෑණු කෙල්ලෝ ලංකාවේ ඉන්නවාකේ

ඉතින් ඒ සල්ලි වලටනෙ

ඒ වගේ තමයි
ජනප්‍රියත්වයට කෙල්ලෝ ලංවෙනවා
එක එක හේතු
සමහර ඒවා හොයන්න හම්බවෙන්නේ නැහැ ජීවිතේට
අර කිව්ව කෑල්ල **** **ණි කියන එක්කෙනාද

නෑ නෑ
ඒකි ****, අක්කෙක්
 හැබැයි සෝක් මාස්මෙලෝ කෑල්ල

හ්ම් හ්ම්
බොටත් හිතෙන එව්වා

එයාව හම්බුනානෙ දවසක්
මරු කෑල්ල
සුදුයි
සූටියි

හ්ම් හ්ම්
ගෑණු ගැන දැනගන්න එකා දෙන්නාගෙන් බැහැ
අඩු තරමේ 10 දොලොස් දෙනක්ට ආදරේ කියන මෙව්වා එක කරලා බලන්න වෙනවා

හුටා
40 පනී

අයියෝ නැහැ
අනංග කාලේදී එකසැරේ තුනත් අදින්න පුලුවන්
හැබැයි වැරදිලා හරි මාට්ටු උනොත්
එකක් වත් නැහැ

ෆුටා

අයේ කාලේකට
කවදාවත් බඳින්න කලින් පෙට්ටිය කඩන්නත් එපා
 කැඩිචච් එකක් බඳින්නත් එපා

හේතුව?

මුන අහිංසක උනාට ඒ වගේ එව්වෝ විශ්වාස කරන්න බැහැ ආත්මෙකට
අත්දැකීමෙන් කියන්නේ
හතර වටේ කරක් ගහලා
අනිත්මට මොකෙක් හරි අහිංසකයෙක්ගේ කරේ එල්ලෙනවා
සුද්ධවන්ති වගේ

hikIs
ඉතින් මේ වකවානුව වෙද්දි ඔය කියන වර්ජින්ල ඇත්ද?

එහෙම නැත්නම් ඇයි නැති උනේ
ඇඟිල්ල ගහගෙනද
නැතනම් බයිසිකල් පැදලාද
කියලා හොයලා බලන්න වෙනවා

නෑ නෑ, අහවල් එක නොකාගත්ත , කොල්ලෙක් එක්ක නොහිටිය කන්‍යාවියො දැන් ඇත්ද?

ඒක ප්‍රශ්ණයක්....
ඒත් උඹ කැමතිද එක්පයර් වෙච්ච සැමන් ටින් එකක් ගන්න
එහෙම නැත්නම් නරක් වෙච්ච මස් කෑල්ලක් කන්න

මම ආස ප්‍රැක්ටිකලි දකින්න
ඇත්තටම හාමමත් උනොත් සිංහය තනකොට කාල බලන එකක් නැද්ද

මම හිතන්නෑ
කෙල්ලෝ විශ්වාස නැහැ මලේ සත පහකට
පිරිමි හැමදාම හුත්ත ඉස්සරහා දණගහනවා
මොන කෙලි කාරයා උනත්
කිම්බක් දැක්කෝත් ඉවරයි
ගෑණු ඕක දන්නවා
 ඕක මහ සුද්ධ සිංහලා ඇත්ත කථාව

යනවා බං

හරි
ජයවේවා

ඹත් එක්ක කථා කරනකොට මට යන්න හිතෙන්නෙත් නැහැ
දැන් ටිකක් වැඩියි

යවන්න හිතෙන්නෙත් නෑ

අපි ගියා
හෙට හම්බෙමු

ජයවේවා!


"එක එක අයගෙ නම අනුමාන කරමින් කමෙන්ට් කිරීමෙන් වලකින්න."

****************************************************

ඇත්තටම ආදරය? තේරුම්ගැනීම?
මට නිකන් කොයිල් වගේ...



 


 

Thursday, October 25, 2012

මගේ Mirrorless කැමරාව

හා හා පුරා කියලා ලංකාවටත්  මිරර්ලස් කැමරා ගෙන්න ගත්ත එකේ කට්ටිය අහනවා මේ මොකක්ද බන් කියල, ඉතින් මටට හිතුනා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මමම කාලෙකට කලින් වෙන අඩවියකට ලියපු ලිපියක් අරගෙන මෙතන පලකරන එක තමා ඉතින් කම්මැලි කමට  කරන්න පුළුවන් ලොකුම දේ ............


 වර්තමානයේදි වැඩි දෙනෙක්ගේ කතාබහට ලක්වෙන සහ වෙලඳපළ ආක්‍රමණය කරමින් පවතින කැමරා වර්ගයක් ලෙස Mirror-less කැමරා හැදින්විය හැක. බොහෝ ආයතනයන් මේ දිනවල එම කැමරා හඳුන්වාදෙන තරගයක නියැලෙන අතර, එමගින් ඔවුන් ඉලක්ක කරගන්නෙ තනි කාචයක් සමග SLR කැමරාවක් භාවිතා කරන පිරිසව සාපේක්ෂව අඩු මිලකට Mirror-less කැමරාවන් වෙත ආකර්ශනය කරගැනීමයි. මක්නිසාදයත් mirror-less කැමරාවන්හීදී කුඩා ප්‍රමාණයක කැමරා බඳක් තුළට compact කැමරාවලට සාපේක්ෂව විශාල සෙන්සරයක් යෙදීම මගින් වඩා හොඳ තත්වයෙන් යුතු ඡායාරූපයක් ලබාදීම මෙම කැමරාවන්හි මූලික ගුණාංගයක් ලෙස දැක්විය හැක. තවද SLR කැමරාවල ඇති “දර්පණය” ඉවත් කිරීම නිසා කැමරාව තුළ චලනය වන කොටස් අඩු කිරීම මගින් නඩත්තුව සහ කැමරාවේ සෙලවීම අවම කරගැනීම මෙම Mirror-less කැමරාවලින් බලාපොරොත්තුවන තවත් දෙයකි!
  
DSLR කැමරාවක සහ Mirrorless කැමරාවක සහ Mirrorless කැමරාවක කාචය තුලින් සෙන්සරය වෙත ආලෝකය ගලායන 

වැඩි විස්තර සඳහා පහත සබැඳුම බලන්න.
දැන් අප එයින් කැමරාවක් ගැන විස්තරාත්මකව බලමු.

Samsung NX100
Samsung NX100 Samsung NX100
Samsung NX100
මෙය තෝරාගැනීමට හේතුව නම් වෙළඳපලේ දක්නට ලැබෙන APS-C සෙන්සරයක් සහිත Mirror-less කැමරාවන් අතලොස්සක් අතරින් මිලෙන් අඩුම සහ හොඳ තත්වයක ඡායාරූපයක් ලබාගත හැකි කැමරාවක් වීමයි.
කැමරාවෙ මූලික ගුණාංගයන් සඳහා ක්ලික් කරන්න.
ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි මෙම කැමරාව බොහෝ ලෙසට කැනන් කැමරාවන්ට සමාන ක්‍රියාකාරීත්වයක් දක්වයි. ද්වාර වේගය සහ කාච විවරය පාලනය කිරීම සඳහා වෙන වෙනම රෝද (dial) තිබීම පහසුවකි. සෑම DSLR කැමරාවක මෙන් මෙම කැමරාවේද Manual, Shutter priority, Aperture Priority, Programme සහ Auto යන ආකාරයන් සියල්ලම ඇත. ඊට අමතරව Scene mode එකක්ද (අංග 15 ) 720p වීඩියෝ පහසුකමද ( auto focus සහ Stereo සමග) මෙහි අන්තර්ගතය.  එමෙන්ම Bracketing සහ Kelvin White Balance තිබීමද විශේෂත්වයකි. නමුත් Built in Flash නොමැතිවීම සහ අමතර උපාංගයක් ලෙස Flasher ගැනීමට සිදුවීම මෙහි ඇති විශාලතම අඩුපාඩුවකි. මක්නිසාදයත් මිල අඩුම Flasher එක ( TTL සහ Manual ආකාර දෙකටම ක්‍රියාත්මක කළ හැකි) රුපියල් 15000 පමණ මිලක් වීමයි! රැහැන් රහිත දුරස්ථ පාලකයක් යොදාගැනීමේ හැකියාවක් නොමැත.
 .
කැමරාව පිලිබඳව ගැඹුරින්
සැම්සුන් සමාගමට විශේෂ වූ  iFn ක්‍රමවේදය මගින් ඡායාරූපයට අදාල මූලික සැකසුම් සියල්ලක්ම කාචය මගින් සකස් කිරීමේ හැකියාවක් සකසා ඇත. මෙහිදී ඔබ කළ යුත්තේ කාචයේ ඇති iFn බොත්තම ඔබා කාචයේ ඉදිරියෙන් ඇති වළල්ල කරකැවීමයි. iFn බොත්තම ඔබන වාරයක් පාසා Shutter speed , Aperture, ISO අගයන් සහ තව සැකසුම් කිහිපයක්ම කාචයේ අත තබාගෙනම වෙනස් කළ හැකි වීම මහඟු පහසුවකි!
NX100 හි කැමරාව ගත්කල එහි Image quality බොහෝ මුල් මට්ටමේ පවතින Entry Level DSLR සාපේක්ෂව ගත් කළ ඒවාට සමානයැයි කිව හැකිය. ISO 800 පමණ වනතෙක් සැළකියයුතු මට්ටමේ හොඳ තත්වයක ඡායාරූපයක් ලබාගත හැක. මෙහි RAW දත්ත ගොනු ආකාරයෙන්ද ඡායාරූප ලබාගත හැකිවීමද පහසුකමකි.
Contrast Detection ආකාරයේ නාභිගත කිරීමේ (Focus) ක්‍රමවේදයක් සහිත NX100 හී අපට focus වීමට අවශ්‍ය ස්ථානයක් තෝරාදීම සහ එහි ප්‍රමාණය සැකසීමට හැකියාව තිබීම හොඳ  පහසුකමකි. එයට අමතරව ස්වයංක්‍රියව නාභිගතවීමේ ක්‍රමය ක්‍රියාත්මක කළ විට ස්ථාන 15 දක්වා ස්වයංක්‍රීයව නාභිගතවීම සිදුකරනු ලබයි!  ස්වයංක්‍රීය නාභිගතවීමේ ස්ථානයන් තෝරාගැනීමේ ක්‍රමවේදය බොහෝවිට සාර්ථක වන නමුත් අපට අවශ්‍ය ස්ථානයක් ලබාදී Continuous Auto Focus යෝදා ගනිමින් ඡායාරූප ගැනීමේදී වස්තුවේ පිහිටීම වෙනස් වීමට සාපේක්ෂව නාභිගත වීම එතරම් සාර්ථක නොවේ!
NX100 කැමරා බඳ සමඟ ලැබෙන කාචය 20-50mm කාචයකි.  එය ED glass element එකකින් සමන්විත වන අතර හොඳ තත්වයේ විස්තරාත්මක ඡායාරූපයක් ලබාදෙයි.  නමුත් 20-50mm කාචය සතුව චලනයන් වළක්වාගන්නා ආකාරයේ ක්‍රියාකාරීත්වයක් නොමැත ( Image Stabilizer ) .  නමුත් මෙම කැමරාව සමග භාවිතා කළ හැකි ආකාරයේ කාච 5 පමණ දැනට නිපදවා තිබේ. ඒ අතර 200mm  වැනි කාචයන්ද සමන්විතය. Lens Line-up. ඉන් සමහර කාචයන් IS සහිත එවා වෙයි.
White Balance -  Auto WB, Daylight, Cloudy, Fluorescent White, Fluorescent NW, Fluorescent Daylight, Tungsten, Flash, Custom set සහ Kelvin අගය දැක්වීම මගින් WB සකසා ගැනීමට හැකිවීම අදාල වර්ණයන් නියාමාකාරයෙන්ම අවශ්‍ය විට සහ ඕනෑකමින්ම වර්ණ වෙනස් කිරීමට අවශ්‍ය විට යොදාගත හැකිය. එමෙන්ම ස්වයංක්‍රීය WB බොහෝ ආසන්න ලෙසටම වර්ණ උෂ්ණත්වය ලබා දෙයි.
.
අමතර අංගයන්
.
  1. 720p Video පහසුකම
HDV තත්වයෙන් වීඩියෝගත කිරීමේ හැකියාවක් මෙම කැමරාව සතුවන අතර stereo ශබ්ද පාලනයක් යුතුය. Video පටිගත වීම අතරතුරදී එහි ආලෝක තත්වය වෙනස් කිරීමට හැකියාවක් තිබේ. නමුත් වීඩියෝ කරන අතර තුරදි නිතරම නාභිගතවීම වෙනස්වීම දෝෂයක් වන අතර ඒ සමග ඇතිවන කාචය එහා මෙහා ගමන්ගන්නා ආකාරය නගන ශබ්දයද විශාල බාධාවක් ලෙස දැක්විය හැක. නමුත් Manual Focusing යොදාගනිමින් වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ලබාදී තිබේ.
 .
  1. Bracketing
නිශ්චිත අනාවරණයක් යොදාගැනීමට අපහසු  කල්හී Bracketing යොදාගෙන ඡායාරූපකරණය කිරීම මගින් අනාවරණයන් -2 සිට +2 දක්වාවූ පරතරයක් සහිතව ඡායාරූ කිහිපයක් ගැනීමට මෙමගින් හැකියාව ලබාදෙයි. එයට අමතරව මෙම ක්‍රමය යොදාගනිමින් HDR සඳහා ඡායාරූප ගැනීමද කරනු ලබයි. එයට අමතරව මෙම Bracketing විශේෂාංගය White Balance සහ Picture Control යන අවස්ථාවන් සඳහාද යොදාගත හැකිය.
 .
  1. Continuous Shooting
තප්පරයකට ඡායාරූප 3 ලබාගත හැකි අතර Class 6 ඉහල memory card එකක් යොදාගැනීම උචිතය. තවද 1472*976 ප්‍රමාණයෙන් ඡායාරූප 30 දක්වා තප්පරයට ලබාගත හැකිවීම පහසුවකි.
පුද්ගලිකව මම මෙම කැමරාවට කැමති මෙහි ඇති ගුණාත්මකභාවය, භාවිතයට පහසුව සහ ප්‍රමාණය නිසාවෙනි. විනෝදාංශය සඳහා ඡායාරූපකරණයේ යෙදෙනකුට මෙම කැමරාව ඉතාමත් උචිතය. අගල් 12*18 ප්‍රමාණයේ මුද්‍රණයක් පවා ලබාගත හැකිය.

Friday, October 12, 2012

පළවෙනි First Love එක


මට පොඩි අදහසක් තිබ්බා බුකියෙ නෝට්ස් ඒවා බ්ලොග් එකේ බැකප් වගේ එකක් කරන්න. කොහොමහරි මා මිතුරු පනුච්චි කිව්ව මේකත් බ්ලොග් එකට දාන්න කියල. ඔන්න ඉතින් දැම්මා. 
ඔන්න ඉතින් මේක කියවල ඉවරවෙද්දි බොලාට මල පනින කතාවකුත් මම කියනව. හරි ඉතින් එහෙම කිව්වයි කියල අග ඉඳන් මුලට කියවන්න එපා! ඔන්න එහෙනම් පටන්ගත්තා "මගේ එකම ලව් වරගන් ඇතුලෙ ඒකපාර්ශවික වරහන් වහලා එක ගැන කතාව"

මා මෙය ලියා තබන්නෙ මාගේ කැමැත්තට මිසක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා නොවන වග කරුණාවෙන් සළකන්න. යම් හෙයකින් ඔබ අපහසුතාවයට පත්විනිනම්. "ඕන මගුලක් කරගනින් බන්!"

මේක කාලෙකට කලින් මම තව මිතුරෙක් සමග ලියපු පොතක්. මගේ කොටස විතරයි මේ! සමහර නම් මනංල්පිතයි. පොඩි ගලායාමකටත් එක්ක සින්දුවක් දාන්නත් හිතුවා. කැමතිනම් ලින්ක් එක play කරලා බලන්න.
 
  • ජීවිත
"මේක පටන්ගන්න තැනක් අල්ලගන්න තියන අමාරුව"
few mints later


  (http://www.youtube.com/watch?v=lYg4QJ0GzRs  )

ශානිකාව මම දැක්කෙ දහම්පාසලේදි. ගොඩක් සුරංගනාවියො එක්ක බැලුවම එයාගෙ ඇති මහලොකු ලස්සනක් නෑ තමයි. ඒත් මොනව කරන්නද. "හිත ගිය තැන මාලිගාවලුනෙ". අඩුම තරමෙ මම එයාගෙ නමවත් දැනං හිටියෙ නෑ. ඉතින් මම මගේ යාලුවට කිව්වා "මචන් අර කෙල්ලගෙ නම හොයල දීපංකො කියලා." මෙන්න පොර සතියකට විතර පස්සෙ මට කෝල් කරල කියනවා "සමීර උඹේ අන්තිම පිටුව බලපං"කියලා. මමත් බැලුවා, මෙන්න කෙල්ලගෙ නමයි, ලිපිනයයි, උපන්දිනයයි පොතේ තියනවා. මාරයි ආහ්. ඔන්න තවත් දවසක මටත් මක් වෙලාද මංදා වචන ටිකක් අමුනලා මම රන්ශාන්ට පෙන්නුවා. රන්ශාන් කියන්නෙ අවුරුදු දෙකක් සමස්ත ලංකා හොඳම කතෝලික ලේකකයා (පාසල් ශිෂ්‍ය) වෙච්ච මගේ යාලුවෙක්. මෙන්න පොර එකපාරටම ඒකෙ තියන එළි වැටයි,එළි සමයයි, තන්ත්‍රයි මොනාද මගුලක් කියන්න ගත්තා. දිගටම කවි ලියපං කිව්වා. ඉතින් මමත් ලිව්වා, ඉඳලා හිටලා තාමත් ලියනවා.

"එයාගෙ දිහා බලාගෙන ඉන්නවා, එයා එක්ක හිනා වෙනවා, ඕකද ආදරේ? පුළුවන්නම් කෙස් ගහක් ඇදලා ගනින්" රන්ශාන් දවසක් කිව්වා. අනේ මංදා අපි කොච්චර බොලඳයිද. ඕවත් වැඩද. මම ඇදලා අරන් මිනිහගෙ අතටම දුන්නා. ඌ විසිකලාද කොහෙද... දවසක් මම දහම්පාසල් වෙලාවෙ කම්මැලිකමට සින්දුවක් මුමුනද්දි *** (හප්පටසිරි, කොයි වෙලාවෙ හරි ඇත්ත නම ලියනවා. වෙලාවට ආපහු බැලුවෙ) කිව්වා ගැරඩි පියාබනවා වගේ කියලා. එදා තමයි මට වැටහුනේ මගේ කටහඩේ තියන ආශ්චර්යමත් බව. උරගයන්ට තටු ලැබෙන්න තරම්! :) 2005-11-27 හ්ම්ම්... එදාමද කොහෙද අපි දෙන්නා කතා කලෙත්...

2006 දි එයා දවස් දෙකද කොහෙද දහම්පාසල් ආවෙ. මොකෙක්ගෙද ක්ලාස් එකකට යනවා කියලා නැවතුනා. ශික්, කරුමෙක මහත. දවසක් මම බස් එකේ යද්දි එයාව දැකලා හිනාවුනා. එයත් උඩු දත් ඇන්දම පෙන්නලා හිනාවුනා. ඉඳිබැද්දෙ පල්යෙ මංගල්‍ය දවසෙ එයා බෑන්ඩ් එකේ side drum එක ගහන ගමන් මා එක්ක හිනාවුනා. පසුකලකදි දැනගන්න ලැබුනා "සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලා. රන්ශාන් මට දීපු විස්තර අතරෙ තිබුනෙ *** D. Perera කියලා. අම්මපා මට ඒ D එක හොයාගන්නම මාස ගානක් ගියා.

දවසක් මම කෙමිස්ට්‍රි ක්ලාස් ගිහින් එද්දි එයත් මම හිටපු බස් එකටම නැංගා. එයා හිටියෙ කහපාට ටී ශර්ට් එකකුයි, නිල් ඩෙනිමකුයි ඇඳලා. අපි දිගටම කතා කරකර ආවෙ. එයා තමයි පටන් ගත්තෙ. දන්නවනෙ මම හරි නිස්සබ්ද ලමයෙක් කියල. බස් එකෙන් බහිද්දි එයා කිව්වා "ආපහු හමුවෙමුකො!" කියලා.මම කිව්වා "ඔයා කලිසමට හරි කැතයි !" කියලා
"අනේ..." කියාගෙනම එයා සමුගත්තා. (අම්මපා, මේ අනේ එකයි බායි එකයි හැම කෙල්ලටම ආවෙනික වචන දෙකක් අප්පා)
එදයින් පස්සෙනම් එතරම් කතාකාන්න අවස්තාවක් ලැබුනෙ නෑ.

ආදරය කියන්නෙ හැගීමක් පමනක් නොවුනත් ඒකට දැනීමක් තියෙන්නත් ඕන .. ජීවිතය කියන්නෙ මොකක්ද කියලවත් ඒ කාලෙ නොදන්න අපි, තාත්තා හම්බ කරපුව වියදම් කරන්න විතරක් දන්න අපි, තවත් කෙනෙක්ව මගේ කරගන්න හීන බැව්වා. මාරයි! ඒක නිකම් අර පරන මේස් එකක් අස්සට බෝලයක් දාලා කොහේහරි එල්ලලා බැට් එකෙන් ගහනවා වගේ. ඔක්කොම "අපි"
මේ ආදරය මානසික තෘප්තියක් විතරද? යථාර්තයක් එතන තියනවාද? අපි රැටිලාද?

"දවසක අපි මේක දිහා බලාගෙන හිනාවෙන්න පුළුවන්. දවසක අපි මේකට හිනාවෙන්න පුලුවන්! ඒක රැදෙන්නෙ අපේ දියුනුව, අපි ගිය දුර ප්‍රමානය, අපි ලබාගත් දේවලට අනුව. අපි කවදහරි යතාර්ථය තේරුම් ගනී! එදාට අපිට උත්තර ලැබෙයි."

මේ සටහන ලියලා තියෙන්නෙ 2006-05-15

……………………………………………………………………………………………………………………………………………………………………………

http://www.youtube.com/watch?v=MofpuI_Vg_U&feature=relmfu

එයා හැමවෙලේම හිනාවෙලා ඉන්නවා. නමුත් රන්ශාන් කියනවා හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න අයට දුකක් ආවම ඒක දරාගන්න අමාරුයිලු. නමුත් මම එහෙම හිතුවෙ නෑ. ඇයි එයාට දුකක් වෙන්න කියල මම හිතන්නෙ. එහෙම හිතන එකත් හිතාගන්න බැරි කාලයක් තිබුනා. ඔය කාලෙදි අපි පාසලේ උසස් පෙළ කන්ඩායම් වය්‍යාපෘතියට කලේ පොඩි සමීක්ශනයක්. අපි හොයල බලන්න උත්සහ කලා කෙනෙක් තමන් ගැන සහ සමාජයේ සිදුවෙන සමහර දේවල් පිළිබඳව සිතන ආකාරය ගැන. ඇත්තම කියනවනම් ඒකෙදිත් සමහර ප්‍රශ්න ගැන අපි බලන විදිය සමාන බවක් දැනුනා. ඔන්න ඔය විදියට තවත් කාලය ගත උනා. ඔය අතරෙ නොයෙක් දේවල් සිද්ධවුනා. එයාව මට සෙට් කරල දෙන්නද කියල අහපු කෙනෙකුත් හිටිය. නමුත් මොකක්හෝ හේතුවක් නිසා මම ඒ උදව්ව බාරගන්න කැමති උනේ නෑ. සමහර විට ඒක එයාට කරදරයක් වෙයි කියල හිතුන නිසා වෙන්න ඇති!

ඔහොම තව දවස් කිහිපයක් ගෙවුනා. මගේ උපන්දිනෙත් පහුවුනා. සති දෙකකට විතර පස්සෙනෙ එයාගෙ උපන්දිනේ එන්නෙ. මම දාහතේ කල්පනා කලා මොකක්ද කරන්නෙ කියලා. පස්සෙ හිතුවා කාඩ් එකක් දෙනවයි කියලා.

ඔන්න මම ඇනගත්ත තැන


නැවත හමුවෙමු!

නැවත හමුවෙමු කිව්වට ඉතිරි ටික ලියන්න හිතෙන්නෑ බන්. සොරි හොඳේ. බැනලාහරි කමෙන්ට් කරහන්

බායි!

Thursday, October 4, 2012

Canonද Nikonද සහ වෙනත් කතා

කැනන් ද, නිකොන්ද?

කවුරුත් අහන , කාටත් තියන ප්‍රශ්නයක් !

හරි ඉතින් කැනන්ද නිකොන්ද?
ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්‍රශ්නයක් තමයි

එතකොට දැන් පෝස්ට් එක ඉවරද?
නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු.

මුලින්ම කියන්න ඕන මමනම් උග්‍ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. "ඒත් නිකොන් තමයි හොඳම" :P

මුලින්ම මං ගැන කියනවනම් මම ගත්ත පළවෙනි කැමරාව උනේ Nikon D5000 කැමරාව. ඇත්තටම ඕක ගත්තෙ කැනන් 550D එක ගන්න සල්ලි නැති කමට. ඒත් අරං පාවිච්චි කරද්දි තේරුනා ඒක හොඳයි කියල.

කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම පෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ :D
දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.

එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන.
දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.
සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්‍රැෆර් ගන්න පින්තූරෙට ඔලුව දාආ බලනව. " ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?" "අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක" කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.

අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.

ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො
නිකොන් 
කැනන්

Mega Pixel
කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්‍යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්‍රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්‍රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්‍යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්‍රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇති :P කැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.

Focus Point ගනන
DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති  ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්‍රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩිවේ.
Nikon D90 සහ Canon 600D වනතුරු ක්‍රොස් ටයිප් එකකි. Nikon D7000 හි Cross type 9 ඇතුලුව සියල්ල 39 කි. Canon 60D cross type 9 ( all ), Canon 7D cross type 19 (all)
මේ අංශයෙන් ගත්කල සැමවිටම පාහේ කැනන් ඉදිරියෙනි.

ISO අගය
මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය.

 FPS-  Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන
තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.
මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.
ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි

bit ගනන
මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න ප්‍රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ.

Shutter Reliability
බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.

 Dynamic Range
ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි.

ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්‍යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක.
එලෙසම www.snapsort.com වැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා http://www.dpreview.com/products/compare/cameras/ අඩවියද භාවිතාකල හැක.
 ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්‍ය විස්තර ලබාගැනීමටත් හැක.


කැමරාව ගත් පමනින්ම සියල්ල සිදු නොවේ. ඒ ගැන ඉතා වටින බ්ලොග් අඩවියක පළකරනලද බොහෝසෙයින් වැදගත්වන ලිපියක් මෙතනින් ........

ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි!
Memory Cards
Card Reader
UV Filter
Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි)
Lens Cleaning kit
Camera Bag/ Backpack

එහෙනම්, ජයවේවා!
බොරුවට මරාගන්න එපා, ජාතියක් ඇදගෙන කෙලගන්නෙ තමා ගැනවත් විස්වාසයක් නැති ඔටුවො :D

ඒත් මමනම් Nikon









Monday, October 1, 2012

Nikkor 35mm 1.8f G ලෙන්ස් එක ( 1 කොටස )


ඔන්න ඉතින් කාලෙක ඉඳන් තිබුනු අවශ්‍යතාවයක් වගේම ආසාවකට එක්ක කියලා මමත් ගත්තා 35මිමි ලෙන්ස් එකක්. මුලින්ම පොඩි හැඳින්වීමක් දෙන්නම්කො මේක ගැන.

මේ තමයි නිකොන්ලගෙ තියන ගනන් අඩුම Fixed Focal Length, Prime හෙවත් සමහරු කියන Portrait ලෙන්ස් එක! ඒ වගේම මේ ලෙන්ස් එකේ කාච විවරය 1.8 නිසා අඩු ආලෝක තත්වයන් යටතේ උනත් හොඳ තත්වයේ ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව දීලා තියනව. ඒ වගේම මේක DX ලෙන්ස් එකක්, ඒ කියන්නෙ APS-C ප්‍රමාණයේ සංවේදක ( නිකොන් D300s වනතෙක් ඇති කැමරා සඳහා යොදාගන්න පුළුවන් ආකාරයේ කාචයක්.

මේ කිට්ටුවෙන්ම තියන කාචයක් තමයි නිකොන් 50mm 1.8 G කාචයත් මේ ප්‍රධානතම වෙනස වෙන්නෙ 35 කාචය DX කාචයක් වීමත්. 50 කාචය FX කාචයක් ( Full Frame හෙවත් 36*24මිමි ප්‍රමානයේ විශාල සංවේදක ඇති නිකොන් කැමරා හඳුන්වන නම) මේ කාචයන දේකෙම ක්‍රියාකාරීත්වය, බර, අන්තර්ගතය බොහෝසෙයින් සමානයි, ඒ වගේම මිලෙහිද ඇත්තේ සුලු වෙනසකි.

මම මෙය තෝරාගැනීමට හේතු

 FX lens එකකින් ඇතුලට ගන්නා ආලෝකයෙන් යම් ප්‍රමානයක් DX කැමරාවකදී අපතේයනවායැයි මම දරන මතය. පසුගිය පෝස්ටුවකදි පැහැදිලිකර ඇත.

වැදගත්ම කාරනයනම් මෙය 35මිමි හෙවත් පුලුල් කෝනීය කාචයක් වීම නිසාවෙනි. මෙහි දර්ශන කෝණය අංශක 44 කි. නමුත් 50මිමි කාචය DX කැමරාවකට යෙදූවිට එය අංශක 31 හෙවත් අනික් කාචය මෙන් 2/3 ආසන්න ප්‍රමාණයක වීමයි, නමුත් මට පුලුල් පරාසයක් ලබාගැනීමයි වැදගත් උනේ. මොකද කියනවනම් මට ලැබෙන සමහර වැඩවලදී ඉතා අවම ඉඩ ප්‍රමානයක් තුල මට මෙහෙයවන්න වෙනව. එතකොට සූම් කරන්න බැරි ලෙන්ස් එකක් එක්ක එහෙ මෙහෙ වීමේ අපහසුතාවක් ඇති වෙනව. අනික 50මිමි ලෙන්ස් එකක් කියන්නෙ Standard / ආලේක්‍ය ( portrait) සඳහා හොඳ ප්‍රමානයක් වන අතර යම් ආකාරයකට ගතහොත්
මම පාවිච්චි කරන්නෙ Crop sensor එකක් ( full frame නොවන ) කැමරාවක් නිසා මෙම කාචයෙන් මට ලැබෙන නාභය දුර ( focal length ) 1.5 වැඩිවීම මගින් ( 35*1.5 ) මාහට 50මිමි ආසන්න ප්‍රතිරූපයක් ලබාදෙයි. ඒ නිසා මම තෝරාගත්තෙ අත ඇති මුදලට ගතහැකි පුලුල් කෝනීයම කාචය ගන්නයි!


මම දැක්ක විදියටනම් මේ ලෙන්ස් එකේ කාචවලනම් කිසිම විශේශත්වයක් නෑ. එකම එක Aspherical  lens එක ඇරුනම.

අඩියක් දුර සිට Focus කරන්න පුළුවන්

1.8 කාචයක් නිසා අඩු ආලෝක තත්වයන් යටතේවුවත් ඡායාරූප ගන්න පුළුවන්.
ISO වැඩි කිරීම වගේම , තිබෙනවානම් 1000W වීඩියෝ ලයිට් එකක් උනත් අවුලක් නෑ. නමුත් 1.8 දී ඉතාම අඩු Depth of Field එකක් ගන්නා නිසා ඉතා කුඩා වෙනස්වීමකදී උවත් වෙන තැනක් Focus වුවහොත් අවශ්‍යතැන බොඳ වී මෙන් පෙනිය හැක. තවද සමීප රූප ( close-up) සඳහා 1.8 කාච විවරය සුදුසු උවද දුරස්ත මට්ටමේ ඡායාරුවක් ගැනීමේදි 1.8 යම් තාක් Noise තත්වයක් සහ අපහැදිලි ගතියක් පෙනෙයි . නමුත් 3.5-5.6 අතර මට්ටමේදී ඉතා උසස් තත්වයේ ඡායාරුවක් ලබාදේ. මෙය මම ප්‍රායෝගිකව අත්දුටු කරුනක් වන අතර ඒ සම්බන්ධ වැඩි විස්තර මෙහිදී ( කඩ්ඩෙන් ) ලබාගත හැක.

VR නොමැතිවීම නිසා අඩු ද්වාර වේගයකදි කැමරාව සෙලවීම නිසා ඡායාරූපය බොඳ වීමට පුළුවන්. එමනිසා ත්‍රිපාදයක් භාවිතාකල හැකිනම් වඩා හොඳයි. ( ඕනනම් ත්‍රී පෝශ භාවිතා කරන්න )

කාචයක් ඇතුලෙ තියන සෙළවෙන කොටස් නිසා අදාල කාචයේ Picture Quality එකට සැළකිය යුතු වෙනසක් වෙනවා. වෙනසක් කිව්වෙ අඩු වීමක්. ඒ නිසා තමයි හැමවෙලේම Prime ලෙන්ස් එකක ඡායාරූපවල තත්වය උසස් වෙන්නෙ. VR කියන්නෙත් කාචය ඇතුලෙ තියන තවත් සෙලවෙන කොටසක් නිසා එය ඉවත්කලායැයි සිතිය හැක.

Bokeh -  පසුතලය බොඳ කිරීම

පසුතල බොඳ වීම කෙරෙහි බලපාන කරුනු තුනකි.

කාච විවරය
කාච විවරය විශාලවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

වස්තු දුර
වස්තුව සහ කැමරාව අතර දුර අඩුවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

නාභිදුර Focal Length
නාභි දුර හෙවත් mm අගය වැඩිවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

ඉහත ක්‍රම අනුගමනය කරමින් ඉතා හොඳ ආකාරයට පසුතලය බොඳවන ආකාරයේ ඡායාරූපයක් ලබාගත හැකිය



වැදගත්ම කාර්යය වන්නේ ගෙදර සිට Review ලියනවට වඩා වැඩකට ගිය පසුව අදාල තත්ව යටතේ මෙහි ක්‍රියාකාරීවය පිලිබඳව සළකා බැලීමයි. අදාල තත්ව යනු උශ්නත්වය , ප්‍රසාරණය නොව. ඉඩකඩ, කාලය, මොහොත වැනි තත්වයන්ය.
නැතහොත් එය භෞතික විද්‍යාවේදී ගනන් හැදීමේදී පෘතුවියේ බර නොසලකා හැරියාක් මෙනි


එවන් ප්‍රායෝගිකව අත්හදා බැලීමක් සමග මෙහි දෙවන කොටස බළාපොරොත්තුවන්න.


ගත්තෙ කොහෙන්ද අහනවනම්