ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, July 19, 2012

ජොලියට

අපි කතතාකලානෙ කැමරාව පිටුපස ඉන්න කෙනයි වැදගත් කියලා. ඔව් ඉතින්. ඒ වගේම ඒ ඉන්න කෙනාත් සරළ සාමාන්‍ය අපි වගේම හැගීම් දැනීම් තියන දුක සතුට දැනෙන මනුස්සයෙක්.
ඉතින් ඔය කැමරාව උනත් ලෝක ප්‍රකට වැඩ වලටවත්, ප්‍රදර්ශන තියන්න හිතාගෙන ගන්න ෆොටෝවලට විතරක් නෙමෙයි කොල්ලොසෙට් එක ජොලියට රවුමක් ගහන්න යද්දි, ජොලියක් දාද්දී එහෙම්මත් අරං යනවා. මේ අපේ යාලුවො කට්ටිය එහෙම ගිය වෙලාවක ගත්ත ජොලි ෆොටෝ ටිකක්. මමනම් සුපුරුදුලෙස පරක්කුවෙලා තමයි එදා ගියේ.
මේ මම එදා ගත්ත අනික් ෆොටෝ.
කාලෙකට කලින් කල වැඩක්. ඉස්සර ඉඳන්ම මාව දන්න අයනම් දැකලා ඇති.
සැහැල්ලු මනසකින් බලන්න.........

කොල්ලොනේ :D

______________________________________________________________________________

 නන්නාදුනන දෙහදක්


 අහම්බෙන් හමුවූ වගයි


 නෙතට නෙත පැටලී


 සිතට සිත හමුවී



එක්තැන්ව

තනන්නට ලෝකයක්


 සාම්ප්‍රධායන් බිඳ දමමින්


 එක්වුනිද ඔවුන්!


හුටා!
ඇඳ උඩ සෙල්ලම් ඉවර උනා :P

කම්පැක්ට් කැමරාව අපේ කුප්ප වැඩේට දුන් නන්නාදුනන එල කොල්ලාට අපගේ ප්‍රණාමය! :)
 
******************************************
 
ඡායාරූපකරණය සහ සංස්කරණය - ජේඩී ශේඩී
අදහස තමයි මගේ


Wednesday, July 18, 2012

මුහුනු 02






























පින් අත්වෙයි මේ මගුලට පිලිවලකට ෆොටෝ ටිකක් දාන විදියක් කියල දුන්නනම් !
:(

Sunday, July 15, 2012

MARIANS Unplugged Live in Concert - මොරටුව

වේදිකාවක පැවැත්වෙන ප්‍රසංගයක් ආවරණය කිරීම මම කැමතිම දෙයක් වගේම මටනම් අභියෝගාත්මකම දෙයක්. මොකද කියනවනම් එවන් අවස්තාවකදී කැමරාව හැර අනික් සියලුම තත්වයන් මගේ පාලනයෙන් තොර බැවිනි. අංගචලනයන් මෙන්ම ආලෝකකරණයද වෙනස්වන්නෙ ක්ස්එනිකයෙකිනි.

මේ එවන් අවස්තාවකට මම මුහුනදුන් ආකාරයයි!

මා වෙනුවෙන් වෙහෙසමහන්සි වී මෙම අවස්තාව මට උදාකරදුන් මේරියන්ස් වාදක කන්ඩායමේ දිලීප මංගල අයියාට මාගේ ස්තූතිය.

Camera- Nikon D7000 with 18-105 & 55-300
Settings- Shutter 1/20 - 1/200

Aperture 3.5-5.6
ISO 400-1600
Shooting Modes - Manual, Auto( without flash),
with Q mode (in Nikon)


අනික් ඡායාරූප නැරඹීම සඳහා Click කරන්න

Wednesday, July 11, 2012

මමයි මගෙ බෑග් එකයි

දැන් හිතනවනම් මෙන්න මූ ඒ පාර බෑග් එක ගැන පුරාජේරුවක් ලියන්න යනව කියල. ඔව් ඕගොල්ලො වැරදියි. මගේ බෑග් එක ගැන කතාකරන්න නෙමෙයි මේ හදන්නෙ. ඒක හොඳ නැත්තෙ නෑ. ඒක මරු. ඒත් මේ පෝස්ට් එකට මගේ බෑග් එක කියල දාන්න හිතුවෙ ඇයි කියලවත් මම දන්නෙ නෑ වගේ. ඒත් මේ මගේ හදවතට කිට්ටු දෙයක් ගැන තමයි...

මගේ බෑග් එකේ වම් පැත්තෙ පටියෙ (Strap) හදවතට කිට්ටු තැනකින් මම හයිකරගත්තා අර ඇස් දෙක පොඩි කරලා කට කන ගාවටම ඇදලා හිනාවෙන මූනක් (smiley ද මොකක්ද එකක් ). . ඒ හිනා මූන පිටිපස්සෙ හදවත හිල් කරන්න තරම් කටුවක් තියන නිසා. අපේ ජීවිතවලට එන සමහර හිනා මූණු තියන අයත් ඒ වගේ. අපි විහින්ම සුරංගනා කතා මවාගෙන ඒ හිනා මූණු එක්ක හිතින් බැඳෙනව. අපි දන්නව තමයි ඒ හිනා මූණු පිටිපස්සෙ ලොකු කටුවක් තියෙන්න පුළුවන් කියන එක, ඒත් අපි පිලිගන්නෙ නෑ ඒ හිනා මූණ අපිට රිද්දයි කියල. අපි එච්චරටම බොළඳ වෙලා.

ඇයි ?
දන්නෑ.....
කොච්චර උනත් ආදරය කියන දෙය අපිට ඕන නිසා වෙන්නැති.

ඒත් ඒක ඕනමද?
දන්නෑ.....
සමහරවිට ඕනත් ඇති.....

ආදරය ලැබුනු කෙනෙක්ට ඒක හැමදේම වගේ වෙන්න පුළුවන්. නමුත් ආදරය නොලැබුනු කෙනෙක්ට ඒක බළාපොරොත්තුවක්. හැම මොහොතකාම කප්පරක් තරම් බළාපොරොත්තුවක් එක මොහොතක විඳින්න බළාපොරොත්තුවන පුංචි සතුටක් වෙනුවෙන්. ඒ බොළඳකම වෙන්නැති. ඒකත් මම දන්නෑ. හැමදාම බලං ඉන්නව හිනාවෙයි කියල. කොහේහරි යද්දි පතනව බස් එකේදි මුනගැහැයි කියලා. හවසට ගෙදරටද්දි හිතනව එයා වැඩ ඇරිල එනව ඇති කියලා. ඒ පාරෙන්ම යන්න හිතෙනව එයා ඉදීවි කියලා.
ඒත් හොඳාකාරවම දන්නව "එයා බෑ කිව්ව කියලා"
ඔව්, බොළඳකම නෙමෙයිනම් වෙන මොකක්ද.....
ඒ හිනා මූණ.... හිණාවෙන්නෙවත් නෑ කියල දැන දැනත්....


හිතේ හංගන් හිටියා, දැන්ම ඕන නෑ කියල හිතාගෙන. එක එක විකාර කලා අමතක වෙයි කියල හිතාගෙන, ඒත් අනික් අය වගේ වල්බූරු නිදහසක් භුක්ති නොවිඳ මම පරිස්සම් උනා කරන්න පුළුවන් අසම්මත/ වැරදි නොකරන්න. අනික් අය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කලා කට්ටිය එක්ක ඉඳිද්දි සේරම අමතකවෙයි කියල. ඒත් ඒකෙ ප්‍රතිපලය ලැබෙද්දි හැමවෙලේම හිතුනෙ
ඒ හිණා මූනත් හිටියනම්..... 


කාලයක් යද්දි තව කෙනෙක් ආවා, අපි එයා ගැන කතා නොකර ඉමු. එකම චක්‍රය තමයි. ඒ බොළඳකමමයි... බළාපොරොත්තු තියාගත්තෙත් මමමයි.
හිතේ හැංගිලා තිබුනු ආසාවක්, බළාපොරොත්තුවක් කරල, පොල්ලෙන්ගැහුව වගේ අත ඇරල දැන්මම,
ආතල් නෑ.....
ඒ හිණා මූන.... 

පෙරවදනක් නැතී, අප පෙම් පුරාවතට, මට කුමටද තව පසුවදනක් නුඹගෙන්........ 


ආපහු ඒවි,
හිණා මූනක්....


එතකන් මගේ හදවත ලගින්ම අර හිණා මූන......



_________________________________________________________________________

"මම පාඩුවෙ මගේ ගමන ගියා. ඒත් ලස්සන මංදාකිනිවල තාරකාවියො දකිනකොට හිතයන්නැත්තෙ කාගෙද මච. ග්‍රහයෙකුට උනත් ජීවත් වෙන්න ප්‍රේමයක් තියෙන්න ඕන. ඉතින් මම ඒ තාරකාවියට ආදරේ කලා.හිටියෙ මට වඩා ආලෝක ශතවර්ශයක් දුර. ඒත් මම ඈට ආදරේ කලා.
මට දැනුනෙ ඈ මගේ ලගින්ම ඉන්නව වගේ. කාලයක් යනකොට තේරුනා ඈ තාරකාවියක් නොවෙයි උල්කාපාතයක් කියලා. මොනව කරන්නද, ඒ වෙනකොටත් මගේ හදවත ආදරෙන් පිරිලා. කොටින්ම කියනවනම් මම හුස්ම ගත්තෙත් බොහොම අමාරුවෙන්. අන්තිමේදි මගේම හදවතට තමයි ඒ උල්කාපාතය වැටුනෙ."
"ඇයි ඉතින් උඹ ඩොක්ටර්ට කිව්වෙ උල්කාපාතය අයින් කරන්න එපා කියලා"
"මම තාමත් ආදරේ නිසා."
"උඹ නම් හැබෑම මෝඩ ප්‍රේමවන්තයෙක්"

උපුටාගැනීම-
ඔරායන්ගේ ප්‍රේම සක්මන
-අමිල තේනුවර-


Tuesday, July 10, 2012

මුහුනු





සවාරියක් අතරතුරේදි තව කෙනෙක්ගෙ කැමරාවක් හුරුවෙන්නත් එක්ක ගත්ත ෆොටෝ ටිකක්....

ප/ලි- මම මෙතෙක් කල් ලියපු දේවලට අමතරව Compact camera ගැන දැනගන්න කැමති යමක් තියනවනම් කියන්න. දැන්නම් ඒ ගැන ලියල ඉවරයි වගේ.....

Saturday, July 7, 2012

රෑට ගහන්නෙ කොහොමද :O

හිටපුගමන් කොල්ලො කෙල්ලො මගෙන් අහනව රෑට ගහන්නෙ කොහොමද කිය කිය. ලැජ්ජාවේ බෑ. මේ පොඩි මම ඕව දන්නවදැයි අෆ්ෆා. කොහොමහරි පස්සෙයි තේරුනේ මේ අහන්නෙ ෆොටෝ ගන්න විදිය ගැන නේද කියල. විළි ලැජ්ජයි!

එහෙනම් අපි රෑට ගහමු, ෆොටෝ....

අපි මුලින්ම බලමු ඇයි රෑට ෆොටෝගන්න එක ඔච්චරම අමාරු වෙලා තියෙන්නෙ කියල. ලොකුකමකටනම් නෙමෙයි, ඒත් අවංකවම මට හිතෙන්නෙ මෙන්න මේ නිසයි කියල..
1.තමන්ගෙම මොලය වෙහෙසවන්න කම්මැලිකම
2.නිකන්දෙන User Manual එක කියවන්න තියන කම්මැලිකම, සමහරවිට කඩ්ඩ පොලිශ් නැතිවීම
3.කොහේහරි යන වෙලාවට විතරක් කැමරාව අල්මාරියෙන් එලියට ගැනීම (අල්මාරියෙ තියන එක වෙනම ලෙඩක්)

කොහොමහරි මටනම් පේන්නෙ සමස්තයක් ලෙස තියන කම්මැලිකම......

හරි, කතාවට බහිමු. කැමරාවක Auto, Programme වගේ Shooting Modesවලදි ඇත්තටම කැමරාව අදාල අනාවරනය ලබාදෙන්නෙ කැමරාවට අදල ආයතනය මගින් දී තිබෙන දත්ත ප්‍රමානයක් අතරින් ඒ මොහොත සඳහා ගැලපෙනම තේරීම සිදුකිරීම මගිනුයි. ඒ නිසා වෙන්න ඇති සමහරු කියන්නෙ Auto දීලා තියෙන්නෙත් ෆොටෝ ගන්නනෙ කියල. "ඔව් නේ, දැනුයි මට කම්පනාවට ආවෙ!" ඒත් ඔටෝ දාලා හිතේ තියන එකම ගන්න පුළුවන්ද? බැහැ නේද... එහෙනම් කැමරාව අපිම හදාගමු, රෑට ෆොටෝ ගන්න පුළුවන් වෙන විදියට!

අපි අද ගැඹුරින් කිව්වට ලාවට කතාකරමු Shutter Speed, ISO, Aperture, වගේම ෆ්ලෑශර් එක ගැනත්.

අපි තාම කතාකරන්නෙ Compact Camera නිසා ඒවල බොහෝවිට අපිට Shutter Speed සහ Aperture හදන්න බැරිවීම පාඩුවක්. පුළුවන්නම් කරන්න තියෙන්නෙ Aperture එකේ අංකය අඩුම කරලා, අතේ තියන් ඉන්න පුළුවන් තරමට කැමරාවේ ශටර් ස්පීඩ් එක අඩු කරගන්න. සූම් නොකරන්න නොකරන්න, අඩු ශටර්ස්පීඩ් එකකට යන්න පුළුවන්. නමුත් කොපමන අඩු වේගයක්ද කියන එක රඳපවතින්නේ තමන්ගේ හැකියාව මතයි.
අපිට ඒ දෙක පාලනය කරන්න බැරිනම්? අපි කතාකරමු...

කලුවරේ ෆොටෝ ගනිද්දි කරන්න පුළුවන් ලේසිම දෙය තමයි Flash කරල ගන්න එක. ඉවරයිනෙ කතාව, නෑ ඉවර නෑ.....
බොහෝවිට ෆ්ලෑශ් කලාම අත්දැකලා ඇති අපි ගන්න පුද්ගලයව පැහැදිලිව පෙනිලා පසුතලය අඳුරුමවෙලා යනව. ඒකට හේතුව තමයි කැමරාව තීරනය කරනව ෆොටෝ එකට අදාල වස්තුව පමනක් ආලෝකමත් උනාම ඇති කියල. ඉතින් කැමරාව ස්වයංක්‍රීයවම ශටර් ස්පීඩ් එක වැඩි කරනව, එතකොට පසුතලයෙන් එන ආලෝකය කැමරා සෙන්සරයට උරාගන්න තරම් කාලයක් නැතිවෙනවා . එහෙනම් මෙහෙම කරමු!
1. මුලින්ම බලලා ඉමු Scene mode එකේ Night Portrait වගේ එකක් තියනවද කියල...
2.කැමරාවෙ ෆ්ලෑශර් එක ඕන කරගන්න, ISO අගය තරමක් වැඩි කරගන්න. වාසනාවකට වගේ කැමරාවෙ ෆ්ලෑශ් එකට අදාලව 2nd Curtain හෝ Rear curtain නම් අංගයක් තියනවනම් ඒක යොදාගන්න. Metering modeඑක Average ලෙස සකසාගන්න.
3.කැමරා සම්බන්ධ තැන් හෝ MC එක පැත්තෙ ගියාම බලන්න පොඩි පොඩි Trypod වගේ ඒවා ඇති. මහ ගානකුත් නෑ. ඒ වගේ දෙයක් පහසුවෙන්ම උපයෝගී කරගන්න පුළුවන් වගේම ගුණාත්මකභාවය වැඩිකරගන්නත් උදව් වෙනව.නැත්තං ඉතින් e-bay
http://www.ebay.com/sch/i.html?_trksid=p3984.m570.l1313&_nkw=Gorillapod&_sacat=0
ඔය වගේ එකක් ගත්තනම් රැයකදි උනත් හොඳ දර්ශනයක් ගන්න පුළුවන්, නමුත් ඒකට ISO ගැන මනා වැටහීමක් ඕන වෙයි.

ISO ගැන කතාකරමුකො (කැමරාවෙ ශටර් ස්පීඩ්, ඇපිචර් වෙනස්කරන්න බැහැයි කියන තැන සිට)
පහසුම විදියටම කියනවනම් මෙහෙම
* ISO අඩුවෙන්න අඩුවෙන්න ආලෝකයට දක්වන සංවේදීතාව අඩුයි
   - හොඳ ආලෝකමත් වර්න තමයි සෙන්සරයෙන් අල්ලගන්නෙ.
   - එතකොට වැඩි වෙලාවක් ගන්නව පින්තූරය සටහන් වෙන්න
*ISO වැඩිවෙන්න වැඩිවෙන්න, ආලෝකයට දක්වන සංවේදීතාව වැඩියි
   - අඩු ආලෝකයක් පිටකරන වර්නත් අල්ලගන්නව.
   - එතකොට අඩු වෙලාවක් ගන්නව පින්තූරය සටහන් වෙන්න
 නමුත් පොඩී අවුලක් තියනව. නොයිස් එනවා. Noise එනව. ඒ නිසා ඡායාරූපය තත්වයෙන් බාල වෙනව. එතකොට ISO කීයක් භාවිතාකරන්න ඕනද? ඒක තීරනය වෙන්නෙ කැමරාවෙ සෙන්සරයෙ ප්‍රභලතාවය අනුව තමයි.ඉහල ISO අගයකට ගියත් අදාල වස්තුව ආලෝකමත් කරන්න පුළුවන්නම් රූපයේ තත්වයට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ කියන්නත් පුළුවන්. ඒ නිසයි මම කිව්වෙ උඩදි ISO ටිකක් වැඩි කරලා ෆ්ලෑශ් කරන්න කියලා.

තවත් ගැඹුරට (ගැඹුරෙ හිර උනොත් අහන්න)
අපි නැවත නැවතත් සැලකුවොත් අපිට කැමරාවෙ ශටර් ස්පීඩ්, ඇපිචර් වෙනස්කරන්න බැහැයි කියලා, ISO අඩු කරන්න කරන්න අනාවරන කාලය හෙවත් Shutter speed එක අඩු වෙනවා. එතකොට අත හෙලවෙන්න පුළුවන්. එහෙම වෙලාවකදි ISO වැඩි කරන්න වෙනවා.... ISO වැඩිකරද්දි.....

එහෙනම් කියමු බලන්න මේ ෆොටෝඑක ගත්තෙ කොහොමද කියල