ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, June 25, 2012

රෑවෙලා ආපු එක්කෙනා

Ninox scutulata (Brown Hawk Owl / Bora Ukusu-bassa)

 පහත විස්තරය පක්ෂියා ගැන නොවේ....

Prasad Hapuarachchi
අයියා දවසක් බස්සෙක් ගැන කියපු හොල්මන් කතාවක් වගේ එකක් නිසා බස්සාව මට ටිකක් Interesting උනා. දවල් තිස්සෙම වල් ටුවර් එකක් ගිහින් හොරෙන් කෙල්ලොන්ගෙ ෆොටෝ අරං පාන් කියාගන්න බැරුව වගේ ගෙදර ඇවිල්ලා මඩ ටිකක් ගහලා, ගැහුව වගේ හතර පස් =ගුණයක් නාලා කාලා බීලා ඔන්ලයින් බබාලා බබීලාට ගුඩ් නයිට් කියල ටිකක් වේලස්සනින් කිව්වට 12 විතර නිදාගන්න ඕනයි කියල හිතිලා කාමරේ නිදාගන්න පුළුවන් තත්වෙකට ගනිද්දි මෙන්න මොකෙක්ද "හ්ම්ම් හ්ම්ම්"ගානව "නිකන් බස්සෙක් වගේ අහන අහන එකට හ්ම්ම් ගාන්නැතුව කටක් ඇරල උත්තරයක් දියංකො" කියල කට කැඩෙනකම් අම්ම කියන නිසා ඔය හ්ම්ම් ගාන්න එකා බස්සෙක් කියල තීරනේ කරගෙනම ආදරනීය :D7000 එකට 55-300 දුප්පත් ලෙන්ස් එක සහ SB700 ෆ්ලෑශර් එක හයි කරන් එලියට බහිද්දිම කැමරාවෙ Hi ISO තිබ්බ එක 400 දාලා මහ රෑ නිසා ඇපිචර් ෆුල් ඇරලා තාම නුහුරු නුපුරුදු නිසා අත නොගැස්සෙන්න ශටර් ස්පීඩ් 1/300 දාගෙන ෆ්ලෑශ් එකත් 1/1 දාන් එලියට බැහැලා උඩ බලද්දි මෙන්න කලු, දුඹුරු ගුලියක් ලයිට් කනුව උඩ.
මළාට මූවනම් ඔටෝ ෆෝකස් කරන්න බෑ කියල හිතාගෙන ශටර් බට්න් එක බාගෙට එබුව විතරයි මාව හොල්මන් උනේ උගේ ඇස් දෙක පට්ට රතු පාටට පෙනුන නිසා. කොහොමහරි ඊලග මොහොතෙම තේරුනා ඇස් රතු නෑ SB700 එකේ Focus assist lamp එක කියලා. ඔන්න ඇස් දෙක ෆෝකස් කරන්න හදද්දි මූ අහක බලාගත්තා. ඊට පස්සෙ පපුව හරියෙ තිබ්බ සුදු කොටස ෆෝකස් කරල නිකමට වගේ ෆොටෝ එකක් ගත්තා. මොකක්හෝ හේතුවක් නිසා හිතුනා තව ඇපිචරෙක කට් කරන්න පුළුවන් කියල. මොකක්දෝ ෆෝරම් එකක තිබ්බ නිසා මේ ලෙන්ස් එක ඇපිචර් 8-11 අතර මරු කියල ඇපිචර් එක 9 දාලා ෆොටෝ එකක් ගත්තා, කෝකටත් කියල දෙකක් ගත්තා. වලිගෙ වැහිලා වගේ. රෑ නිසා එහා වත්තට පනින්නත් බෑ. අනික් පැත්තෙන් ගිහින් බලන්න හිතාගෙන තාප්පෙට කිට්ටු කරද්දිම පොර ගිහින්.
මේක තමයි හම්බුන දෙකෙන් හොඳ පින්තූරය!

Sunday, June 17, 2012

ඇණයක් නොවන්න (වැඩ පෙන්නන්න කලින් කියවන්න)

අපි ඉතින් කාලයක් තිස්සෙ කතා කලානෙ ඔය ඕගොල්ලොන්ගෙ "නෝමල් කැමරාව" හෙවත් හරියට කියනවනම් Compact Camera උපයෝගීකරගෙන ෆොටෝ එකක් ගන්න විදිය ගැන. ඉතින් දැන් කට්ටිය ගෙදර ඉන්න මැස්සගෙත් ෆොටෝ අරං ඌටත් අයිඩෙන්ටි හදල ඇතියි කියල මම හිතනව :D
ඒත් ඒ ගෙදරනෙ, දැන් කතා කරමුද ගෙදරින් එලියට ගියාම වෙන්න ඕන විදිය ගැන. වත්තෙනුත් එලියට ගියාම.

කතාවක් තියනවනෙ තමන්ගෙ නිදහස අනුන්ගෙ නහයගාවටද මොකක්ගාවටද වෙනකම් විතරයි කියල. ඒ වගේ අපි තැනකට ගියාම දැනගන්න ඕන අපේ නිදහස සහ ආචාරධර්ම ගැනත්. අපි කවුරුත් අපේ ගෙදරතියන කැමරාව උස්සන්යනවනෙ කාගෙහරි වෙඩින් එකකට යද්දි එහෙම. පොඩ්ඩක්වත් හිතුවද එතනදි අපි හැසිරෙන්න ඕන කොහොමද කියලා? එතනදි අපි නිසා නිළ ඡායාරූපශිල්පියා අපහසුතාවයකට පත් වෙනවද කියල එහෙම. ඔව්, හිතල නැතුව ඇති, ඒත් වෙනව! ඒත් ඉතින් මම කිව්වෙ නෑනේ සම්පූර්න වැරැද්ද ඔයාගෙ කියල.

අමුතුවෙන් කියන්න ඕන නෑනේ දෙදෙනෙක්ගේ විවාහයක් කියන්නෙ ඔවුන්ගෙ ජීවිතයෙ තියන ලස්සනම දවසක්. ඒ ලස්සන සදාකාලයටම (කිව්වට සියලු දේ අනිත්‍යයයි) සුරක්ශිත කරගන්න හිතාගෙන ඒ දෙන්නා ඡායාරූපශිල්පියට සහ සමහර විට වීඩියෝ ශිල්පියෙකුට ලක්ශයක් ඉක්මවායන මුදලක් ගෙවන්නෙ ඒ දවස ඔවුන්ට කෙතරම් වැදගත්වෙනවද කියල ඔවුන් දන්න නිසා. මගෙන්නම් අහන්න එපා, මම තාම තනිකඩයා. ඉතින් ඒ උත්සවය අස්සෙදි එක් ආකාරයකට ගත්තම අදාල ශිල්පීන් කරන්නෙ ඔවුන්ගෙ රැකියාව. ඔවුන් ඇර අනික් ඔක්කොම ගෞරවනීය ආරාදිතයන් ( දෙක දාගන්නකම්). ඉතින් මම මේ කතාකරන ඔබ හෙවත් දැන් මේක කියවන කෙනා අයත්වන්නෙත් ඒ ආරාධිතයන් පිරිසට. ඔන්න ඔතනදි තමයි වැඩේ කන්න පටන්ගන්නෙ.

තමාගෙ බුදු ෆිට් එක බඳිද්දි කැමරාවක් අරංයන එක වරදක් නෙමෙයි. යාලුවගෙ වෙඩින් එකේ ෆොටෝ ටිකක් ගන්න, යෙහෙලිය කොච්චර ලස්සනද කියල බලන්න, අනික් අයට පෙන්වන්න, සමහරවිට තමන්ගෙ මංගල දිනය ගැන අදහසක් ගන්න, එකී මෙකී නොකී දේවල් කීයකටනම් මේ කැමරාවෙන් ගන්න ෆොටෝටික වැදගත් වෙයිද. ඒත් හිතුවද ඒ අස්සෙ තමන්ගෙ ෆොටෝ ගැනිල්ල නිළ ඡායාරූපශිල්පියට කෙතරම් වදයක් වෙන්න පුළුවන්ද කියල.

හොටෙල් එක ඇතුලෙදි ඇවිදිද්දි එහෙම පොඩ්ඩක් සැළකිලිමත්වෙන්න ඡායාරූපශිල්පියා සිටිනතැන ගැන. ගාල කඩාගත්ත හරකාවගේ ෆොටෝ එකක් ගනිද්දි කැමරාව ඉස්සරහින් යනව කියන්නෙ නැවතත් ඒ ඡායාරූපයගන්න වෙලාව ගතවෙනව වගේම සමහරවිට හොඳ අවස්තාවක් ග්‍රහණයකරගන්න තිබුන අවස්තාවක් අපතේ යාමක් වෙන්නත් පුළුවන්. මොකද කියනවනම් ඒ දවස දෙදෙනාගේ ජීවිතයේ වැදගත්ම දවසක්වන නිසා.ඒ නිසා ඔබගේ ක්‍රියාවන් ඔබගේම මිතුරාගේ ලස්ස්න දවසේ මතකයන් අඳුරු කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසාම ජොලියට ෆොටෝගන්න ඔයාගෙ අතේ තියන වගකීම ගැන දැන සිටීම වැදගත්.  තව දෙයක් කියන්න කැමතියි- නිළ චායාරූපශිල්පියාට අයිතිය තියනව තවත් කෙනෙක්ට ෆොටෝ නොගන්නාලෙස අණකරන්න!

"බොහෝ ඡායාරූපශිල්පීන් තවමත් ආලෝක කරණය සඳහා යොදාගන්නෙ Pro-Light
 ලෙසින් හඳුන්වන කවුරුත් දැක ඇති ලොකු කුඩයක් හෝ කුටීරයක් අස්සෙන් නිකුත්වෙන ලයිට් එක. මෙතන ස්ටෑන්ඩ් මත සිටුවා තිබෙන්නෙ එවන් උපකරණ කිහිපයක්.
මූලික ලෙසම මේවා ක්‍රියාකරන්නේ ආලෝකය මගින් නිකුත්කරන සංඥාවකින්ය. එනම් Flasher එකක ආලෝකය මෙම උපකරනයේ පිහිටාආඇති ආලෝක සංවේදකය මත වැටුනුවිට ඇතිකරන කුඩා ප්‍රමාණයේ විදුලිබලයක් මගින් මෙම ලයිට් ක්‍රියාකරවීම සිදුකරයි. ඉතින් ඡායාරූපශිල්පියාගේ කැමරාවට සවිකරාඇති ෆ්ලෑශරය ක්‍රියාත්මක කලවිට මෙම ලයිට් දැල්වෙන ආකාරයට මෙම උපාංගය සකස්කර තිබේ. 
විදුලිබලයෙන් ක්‍රියාකරන මේවා එක වතාවක් ආලෝකය නිකුත්කිරීමෙන් අනතුරුව නැවතත් සූදානම්වීම සඳහා තප්පර කිහිපයක් ගතවේ. ඉහත සඳහන්කල ලෙස මෙය ක්‍රියාත්මකවන්නේ Light sensitive ආකාරයකට නිසා ඔබ සතුව ඇති compact කැමරාවේ Flash එකටවුවද මෙය ප්‍රතිචාර දැක්විය හැක. බොහෝවිටදී පෝරුව වැනි චාරිත්‍ර ඉටුකරන අවස්තාවේදි මුදු පැළඳවීම, පෝරුවෙන් බසිනවිටදි පොල්ගෙඩිය බිඳීමවන් අවස්තාවලදී පැමිනසිටින්නන් තරගෙටමෙන් ඡායාරූප ගැනීම නිසා තමන්ට අවශ්‍ය මොහොත ග්‍රහණය කරගැනීමේදි බොහොවිට ඡායාරූපශිල්පියාට අවශ්‍යය ආලෝකතත්වය නොලැබීම නිසා  අදාල ඡායාරුව වැඩක්ගත නොහැකි තත්වයේ ඡායාරුවක් වීමට ඉඩ ඇත. එමනිසා පෝරුවක ඇති සියලුම අවශ්‍යතාවන් තමන්ගේ කැමරාවේ සටහන්වියයුතුදැන් ආරාධිතයෙක් ලෙස සිතීම වැදගත් වෙයි."

ඔයවගේ වෙලාවකදි මමනම් උත්සහ කරන්නෙ කැමරාවෙ Flash offකර ISO අගය තරමක් ඉහල දමමින් ඡායාරූප ගන්නයි. එවිට අපගෙ ෆ්ලෑශර් එක ඡායාරූපශිල්පියාට අව්ලක් වෙන්නෙ නැති තරම්, වාසනාවකට වගේ වීඩියෝ ශිල්පියත් 1000 ලයිට් දෙකක් විතර පත්තුකරල තිබ්බනම් වැඩේ කොහොමත් ගොඩ. ෆොටෝ ගනිද්දි කැමරාව හෙලවෙන ගතිය අවුලක් වගේ දැනෙනවද? ඇත්තටම කැමරාව හෙලවෙනව කියන්නෙත් වැඩේ අසාර්තකයි කියන එකයි.
කැමරාව දෑතින්ම අල්ලගන්න. සමහරු අල්ලන්නෙ කුනු කරවල කෑලි වගේ. හොඳ හුස්මක් ගන්න. සෙමින් හුස්ම පිටකරනවාත් සමගම ශටර් බොත්තම ඔබන්න. කැමරාවේ ශටරය ක්‍රියාත්මකවන ශබ්දයට ඇහුම්කන් දෙන්න හුරුවන්න.

ඒත් එක්කම සැළකිලිමත්වෙන්න flash onකර ෆොටෝ ගනිද්දි තමාගෙ ඇගිලිවලට ෆ්ලෑශරය නොවැසෙන විදියට කැමරාව අල්ලන්නත්. ඒ වගේම,කැමරාව තුලට ආලෝකය ඇතුල්කරගන්නා සිදුරේ ප්‍රමානය හෙවත් aperture එක බොහෝලෙස කුඩාවෙනව compact කැමරා සූම් කරද්දි, ඒ නිසා ප්‍රධාන ඡායාරූපශිල්පියාට භාධාවක් නොවනලෙස තමන්ගෙ අරමුනට ලංව ඡායාරූප ගැනීමත් හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන් තව ක්‍රමයක්

සමහරවිට කට්ටිය දැකලා ඇති Pro Light තියන තැන්වලදි Compact කැමරාවලින් ෆොටෝ ගන්න අයගෙ මූනු ඇඹුල් වෙනව. කොහොමත් Pro-Light භාවිතාවන අවස්තාවක අපේ compact කැමරාවක ෆ්ලෑශරය ක්‍රියාත්මක වීම සමගම Pro lightවල ආලෝකය නිකුත්වීම අපි  ගන්න ෆොටෝඑක අවශ්‍ය ප්‍රමානයට වඩා අඳුරුවෙන්න හේතු වෙන්න පුළුවන්. ඕනවටත් වඩා ලයිට් ආවම කොහොමද අඳුරු වෙන්නෙ? බොන්න ඕන ප්‍රශ්නයක්නයක් වගේ නේද? අපි ඒ ගැන ඉදිරියෙදි කතාකරමු. ඒකටත් දැනට දෙන්න පුළුවන් උත්තරය වෙන්නෙ ෆ්ලෑශරෙක ඕෆ් කරල ඉස්සල්ල කියපු විදියට ෆොටෝ ගන්න කියන එක තමයි.

මතකද දන්නෑ මම කිව්ව සම්පූර්ණ වරද ඕගොල්ලන්ගෙ නෙමෙයි කියලා...
ඔය මම උඩ ලියල තියන ඔක්කොමටික වෙනබව සහ කොච්චර උනත් බොලාටික ඇනයක් වෙනබව ෆොටෝග්‍රැෆර් දන්නව. ඒනිසා ඒක වලක්වාගන්න පාවිච්චිකරන්න පුළුවන් ගැජට් එකක් තියනව Radio Slave කියලා. කැමරාවෙ උඩ අමතර Flasher එක සවිකරනතැන පොඩි උපකරණයක් තියනවද බලන්න...
 Pro Light පාවිච්චි කරනවනම් සහ පොඩ්ඩක්හරි මොලයක් තියන ඩයල් එකක්නම් අනිවා ඕක පාවිච්චි කරනවා ඇති. ඒකෙන් වෙන්නෙ මම ඉස්සල්ලා කියපු ආලෝකය මගින් දෙන සංඥාව වෙනුවට, රේඩියෝ තරංගයක් මගින් අදාල සංඥාව දෙනවා. ඉතින් ලේසිම වැඩේ තමයි ෆොටෝ ගන්න කලින් ෆොටෝග්‍රැෆර් ලගට පොඩ්ඩක් කිට්ටු කරලා අහන්න "අයියෙ ඔයා Radio Slave දාලාද තියෙන්නෙ, මමත් Flash use කරල ෆොටෝ ගැනීම අවහිරයක් වෙන්න පුළුවන්ද?" කියලා. ලකුණු ටිකකුත් දාගන්න පුළුවන් එතකොට :D
හැබැයි මිනිහා වැඩිය කියවන්න ආවොත් මාරුවෙන එක තමයි ඇගට ගුණ.

කොල්ලන්ට පමණයි- කැමතිනම් ෆොටෝග්‍රැෆර් එක්ක නිවාඩු වෙලාවට සතුටු සාමිච්චියක් දාන් හිටියට කමක් නෑ.


රෑත්වෙලා දැන් එලිවෙන්නත් කිට්ටුයි....
තවත් දවසක හමුවෙමු!

ප්‍රශ්න මොනවහරි තියනවද?



Friday, June 8, 2012

සීමාව


මල්ලියේ....

ගොඩක් කැමරා උන තියන පොඩි පොඩි උන් (පොඩි කිව්වෙ වයස එහෙම) මුලින්ම කිට්ටු වෙන්නෙ ඔය ගමේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලට. මොකද කියනවනම් බොහෝ අය හිතන්න පෙලබෙනව ස්ටූඩියෝ එකක් තිබ්බම වෙඩිමක් කලාම අදාල පුද්ගලයා පොරක් කියලා. ඉතින් කට්ටිය ටිකක් හොයල බලලා ඉන්න හොඳම පොර ගාවට කිට්ටු වෙනවා. මමත් එහෙමයි වගේ තමයි. 3000ඩී එකෙන් වැඩදාන පොරකගෙ ඉඳන් 5ඩී එක කාපාලු කරන කොටලුවො දක්වාම මමත් දන්නවා. ඉතින් ඔහොම ලංවෙලා නිවාඩු පාඩුවෙ ස්ටූඩියෝ එක අස්සට රින්ගන පොඩි එකා SLR එකක් අතපත ගාලා , ලෙන්ස් එක කරකවලා මුලින්ම හාහාපුරා කියලා වගේ ප්‍රෝ ලයිට් දෙකකුත් දාලා මොකක්හරි ෆොටෝ එකක් ගන්න පුරුදු වෙනවා. ඔහොම ඇපිචර්, ශටර්, ISO ගැන කියවන පොර ටික දවසක් ගිහින් මෙහෙම යෝජනාවක් කරනවා. "මල්ලි වරෙන් නිවාඩුවක් තියන වෙලාවක වෙඩින් එකකට යන්න" ඉතින් මොකක් හෝ හේතුවක් මත පොඩි එකාත් කැමති වෙනවා. ඔන්න වෙඩින් එකට ගියාම තමයි මාර. අරූ ලස්සන ලස්සන කෑලි අතපත ගානවා, එහෙට හරවනව මෙහෙට කරනවා එක විකාරයයි. ඒ අස්සෙ සමහර අමාරුව තියන බඩු කෑලි ඇවිල්ලා වචනයක් දෙකක් දානවා. අම්මපා මගෙ ඉස්සරහම ටයර් සෑයක් වගේ ගෑනියෙක් 40 පැනපු ෆොටෝග්‍රැෆර්ට කිව්වනෙ "ඔයා ෆොටෝග්‍රැෆර්නේ, ඔයා කැමති තැනකින් අල්ලලා හදන්නකො" කියලා. ඔන්න ඔක්කොම කිව්වට ඔක්කොම නෙමෙයි කාලා බීලා ඉවර උනාම මේ සාම්ප්‍රදායික ෆොටෝග්‍රැඅෆරුත් වීදුරුවක් දාගෙන ඉන්න ගමන් ෆෝන් එක කනේ ගහගෙන මලකට සෙට් වෙනවා. ඒ අතරෙ පොඩි එකාට කියනවා "උඹ ගිහින් ඩාන්ස් එකේ ෆොටෝ ටිකක් ගහං වරෙන්? කියලා. ඔහොම ඔහොම ගියාම ලගදිම අර පොඩි එකාත් නොබෝදිනකින් කෝක් වලින් එහාට තොල ගාන්න ගන්නව. දැන් දෙන්නා බුදු ෆිට් කියලයි පොඩි එකා හිතන් ඉන්නෙ. ඒ මදිවට අරූගෙ ජීවිතෙත් මාරයි පොඩි එකාට. පොඩි එකාට ෆොටෝග්‍රැෆර්ගෙ (ෆිනෑන්ස් කරල ගත්ත) කාර් එකයි. (ලෝන් ගහලා හද්පු) ගෙදරයි, (මාසෙට 30000 වඩා ගෙවන) ගාලු පාර අයිනෙ ස්ටූඩියෝ එකයි මේ ඔක්කොගෙම අර මම වරහං ඇතුලෙ දාපු ටික ඇර අනික් ටික සුරපුරයක්. ඒ මදිවට ගෑනු 2 වාර්තාමය නොවුනු තරම් ලමයි ගානකුයි. පට්ටයි නේ.
ඔන්න දැන්දැන් පොඩි එකාවත් ඔය බර්ත්ඩේ පාටි වගේ එව්වට තනියම යවන තරමකට හදලා. ඉතින් ඌ හිතන්නෙත් ඌ පොර කියලා. ඒකට තියෙන්නෙ කම්පැක්ට් කැමරාවක්. හැබැයි සමනලයෙක්ගෙ ෆොටෝ එකක් ගත්තත් "අහවලාගෙ ෆොටෝග්‍රැෆි"කියලා ගහගන්නව. කොහෙන්හරි රුපියල් 200-300 ෆොටෝග්‍රැෆි පොතකුත් ගන්නව. දැන් අතේ සල්ලිත් තියනවනෙ. ස්ටූඩියෝ එකෙන්ම ප්‍රොෆෙශනල් ප්‍රයිස්වලට 4R ටිකක් ගහගන්නව ඒකගෙ නමින් කාඩ් එකකුත්. දැ ඌත් පොර.
වෙඩින් එකක ඉන්න ලස්සන කෙල්ලෙක්ට සෙම පෙරලා ඒකට කාඩ් එකක් දීලා දා ගන්නව. අරූට දෙකක් ඉන්නවනෙ! "නෑ.." නැත්තෙ මොකෝ බන්, උඹ දැකලා නැද්ද අරූ කාර් එකේ වීදුරු වහගෙන අර කලුපාට මෙව්ව දාන් යන්නෙ? "ඔව්". ඒ ඒ ගෑනි එක්ක යද්දි තමයි " :O "
ඉතින් මූටත් දැන් කෑලි දෙකක් ඕන ඩුවල් සිම් ෆෝන් එකක් එක්ක.ඔන්න තව වෙන දිහාවක වෙඩිමකින් එච්චර ලස්සන නැති කෑල්ලක් දා ගන්නව, ආතල් එකට. අර පලවෙනි කෑල්ල එක්ක KFC ගාටද්දි , අනික් එක එක්ක ගල්කිස්සෙ බීච් ගාටනව, ආතල් ගන්න. පහුවදාට ආතල් එක යාලුවො එක්ක බෙදාගන්නව. "අඩෝ ඊයෙ බීච් එකේ.................. ****************......." ඌ දැන් ඌට ෆොටෝග්‍රැෆර්. ඒත් දන්නෙ ලාවට වගේ මැනුවල් දාලා ෆොටෝ එකක් ගන්න විතරයි. ෆ්ලෑශ් එක ගහගත්තත් ඒක බැලන්ස් කරගන්නෙත් හෙණ ගේමක් දීලා.

"බොලා හිතුවද මේක නවකතාවක් කියලා. අරූගෙ කෑල්ල ප්‍රෙග්නන්ට් වෙනකන්ද බලන් ඉන්නෙ?" කතාව ඉවරයි.
අන්තීමට අර පොඩි එකාගෙ අනාගතෙත් ඉවරයි.

මල්ලියේ,
මෝඩ වෙන්න එපා. තමාගෙ සීමාව දැනගෙන ජීවත්වෙන්න කොතන ගියත්. හොඳට බලන් ඉන්න, ඒ වගේ ෆොටෝග්‍රැෆර්ලත් වැඩි කලක් දුවන්නෑ. ඔය වගේ පොඩි එවුනුත් එහෙමමයි.

මොකද කියනවනම් මේක ගොතපු කතාවක් නෙමෙයි.